IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සයිටම් නඩුව කල්යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සයිටම් ආයතනයෙන් උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බැලීම ලබන 10 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.

මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ , සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (04) සලකා බැලූ අතර එහිදී පෙත්සම මෙදිනට කල් තැබිණි.

මෙම අභියාචන පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි අතරමැදි පෙත්සම්කාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ උපාධි ප‍්‍රධාන ආයතනයක් සේ පිළිගැනීමට තරම් කිසිදු ප‍්‍රමිතියක්

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ( සයිටම් ) තුළ නොමැති බවය.

එසේම සයිටම් ආයතනයට අදාළව ඉකුත් ජනවාරි 31 අභියාචනාධිකරණ විසින් ලබා දුන් තීන්දුව දෝෂ සහිත එකක් වන බවද ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.එබැවින් අදාළ තීන්දුව ඉවත් කරන්නැයි ද හෙතෙම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම දීර්ඝ කරුණු දැක්වීම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචන පෙත්සම පිළිබඳ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ  වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 10 වැනි දිනට කල් තබන ලදී.



අදහස් (0)

සයිටම් නඩුව කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site