(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ඇතුළත් කළ වෛද්‍ය සිසුන්ගෙන් කොතලාවල විශ්ව විද්‍යාලය රුපියල් ලක්ෂ 13 බැගින් අයකිරීම නිසා ඒ දරුවන් අද කබලෙන් ලිපට වැටී ඇතැයි කළ්තර දිස්ත්‍රික් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (10) තොරතුරු හෙළිකළේය.
ජයතිස්ස මහතා මේ බව පැවසුවේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට අනුබද්ධිත රජයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්නැයි පුද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරමිනි.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද කීය. “ සයිටම් එකෙන් පැමිණී දරුවන් දැන් කොතලාවල විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි කරන්නේ මේ ලක්ෂ 13 ද්න්නොත් පමණයි. දැන් වෙලා තියෙන්නේ මේ දරුවන් සයිටම් මුදලාලිලාගෙන් ගලවලා කොතලාවල මුදලාලිලාට දුන්නා වගේ වැඩක්... මුදල් අයකිරීම නිසා දරුවන් අද අසරණ වෙලා. ඒ දරුවන්ගෙන් මුදල් අයකිරීම වහාම නවත්වන්න කියලා රජයෙන් ඉල්ලා සිටින බවද“ පැවැසීය.
COMMENTS
කබලෙන් ලිපට තල්ලු කරලා දැන් මෙතන කිඹුල් කඳුළු හෙළනවා. මේ අය කාවද මේ රවට්ටන්නේ? මුදල මත රෝගීන්ගේ ජීවිතේ තීරණය කරන රටේ, ලැජ්ජා නැතිව අධ්‍යාපනය ගැන කතා කරනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අඥා පනත අනුව සාමාන්‍ය සමර්ථ තුනක් ලද සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසු යයි කියන රටේ මිනිස්සු තමයි පහුගිය කාලේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කලේ? ලැජ්ජයි!!
සයිට්ම් එකේම හිටියනම් මෙයාලට අවුරුද්දකට ලක්ෂ 20 කට වඩා ගෙවන්න වෙනවා. නමුත් දැන් ඒ ගාන ලක්ෂ 13 ට අඩුවෙලා තියෙනව.
කව්ද මේ තත්වය ඇතිකළේ? නිකන් කිඹුල් කඳුළු හෙලන්න එපා.
ආණ්ඩුව තීරණයක් ගත්තොත් ඒක හිල් වට්ටියක් වගේ. හැම තැනම හිල්. එක්කෝ එක්කෙනෙක් ගන්න තීරණ තව කෙනෙක් වෙනස් කරනවා.
දැයේ දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදීම රජයේ වගකීමකි. විශේෂයෙන් පසුගිය කාලය පුරා සයිටම් දරුවන් විඳි කායික සහ මානසික පිඩාව, වෙහෙස බොහෝය. ඉන් අත්මිදී ලද සැහැල්ලුව මොහොතකින් තවත් බරකින් යට කිරීම නුසුදුසුය. මන්ත්‍රීවරයාගේ ඉල්ලීම සාධාරණය.
මේ ආණ්ඩුව හදන්නේ අම්මව විකුණලා හරි සල්ලි හොයන්ට.මේකට සම්පුර්ණයෙන් විජේදාස ඇමැතිවරයා වගකියන්ට ඕනේ.මෙහෙම කතාවක් මුලින් කීවේ නැහැනේ.මේ කට්ටියට මේ ලක්ෂ ගානනම් ලොකු දෙයක් නෙමෙයිමොකද මේ සල්ලි වියදම් කරන්ට පුළුවන් පවුල් වල කට්ටියනේ.උපාධිය ගත්තට පස්සේ ඔපරේෂන් දෙකෙන් මේ වියදම් කරපුව හොයාගන්ට පුළුවන්.
මොකක්ද එ කුනුහරුපේ මේ ඈතුලත් කලේ සයිටම් වල පලවෙනි වසරේ අය මේගොල්ලො සයිටම් ,හිටියා නම් අවුරුද්දකට ලක්ෂ 25 ගෙවන්න ඔනි, දෑන් රජයෙ රොහල්වල නොමිලේ පුහුනුවත් ලෑබෙනවා
වෛද්‍යවරු බිහිවීම වැලැක්වීමේ එකම අරමුණ ඇතිව සිදුකල සටනින් මිථ්‍යාව සමාජ ගතකල අමනයින්, සුපුරුදු ලෙස මේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කල බවට විවාදයක් නැහැ. කොතලාවල අධ්‍යාපන ආයතනය තුල ඔයිතරම් සිසුන් සංඛ්‍යාවකට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට තිබෙන පහසුකම් ගැන මේ අමනයෝ දැන් මොකද කියන්නේ?
දොස්තර සංගම් මාෆියා කාරයින්ගෙන් ඔයිට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ. සයිටම් ශිෂ්‍යයින්ව කබලෙන් ලිපට දැම්ම වගේම තමයි... ලෙඩක් හැදිලා පෞද්ගලික රෝහලකට ඇතුල් වුනොත්, ජීවිත කාලයම හම්බ කළ සේසතම ඉවරයි. ශල්‍ය කර්මයක් සඳහා රජයේ රෝහලක වසර ගණනක් බලා සිටියත් දින නැති රටේ පෞද්ගලික රෝහලකට මුදල් ගෙවා කරගන්න, වැයවන්නේ එක දිනයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ මුදලට මිස, නොමිලේ නොවේ. ඔන්න ඕක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත සෞඛ්‍ය සේවය...
නිරවුල්ව අදහසක් ප්‍රකාශ කළ නොහැකි, සමාජගත වූ මිථ්‍යාව කුමක්දැයි පැහැදිලි නැති, ද්වේශයෙන් පිරුණු හදවතක සත්‍යය නොරැඳේ. තර්කය කිරීම අනෙකා ගර්හාවට පත්කිරීම නොවේ.
ඔය ජවිපෙ අය නේද සයිටම් එක වහනකම් නැටුවේ? දැන් බණ කියනවා.
මේ සිසුන් ඇත්තටම අඩු ලකුණු අරන් මුදලට ඉගෙන ගන්න ගිය අය නේද? ඉතින් දැන් අඩු ලකුණුවලින් නිකම් ඉගෙන ගන්න දෙන්න කියලද ජේ වී පී කියන්නේ...
කරාපිටිය රෝහලේ නොමිලේ ශල්‍ය කර්ම සිදුකල බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයාට අපේ රටේ දොස්තරලා සලකපු විදිහ මුළු රටම දැක්කා. පිටරටවල වෛද්‍ය විද්‍යාලවලට සිසුන් පටවන මාෆියාව, ඖෂධ මාෆියාව, පෞද්ගලික චැනල් කඩ, හා රෝහල් මාෆියාව , රජයේ විශ්ව විද්‍යාල තුල තිබෙන ශිෂ්‍ය සංගම් මාෆියාව වැනි රට තුල ක්‍රියාත්මක වෙමින් පවතින මාෆියා කල්ලි පසුපස සිටින්නේ මේ දොස්තර සංගමයයි. හසරක් නැති පාලකයෙක් සිටින රටේ දොස්තරලා සියල්ල දත් පණ්ඩිතයින් සේ හැසිරීම දැන් විකෘති දේශපාලන විලාසිතාවක් වෙලා. ආර්ථික විද්‍යාව හා ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති හා ගිවිසුම් ගැන මෙලෝ දෙයක් නොදන්නා මේ බකපණ්ඩිතයින් ගමේ සිල්ලර කඩේ ආර්ථික ක්‍රමය විග්‍රහ කරමින්, බඩගෝස්තරයට පහරක් වේ යයි යන මර බියෙන් සිංගප්පූර් ගිවිසුම ගැනත් විවේචනය කරනවා. අපිට නම් දුක සයිටම් සිසුන් ගැන නොවේ. තමන්ට නොගැලපෙන වෘත්තියක නියැලිලා සිටින මේ බහිරව දොස්තරලා ගැනයි.
සයිටම් වහනකම් නින්ද ගියේ නැති ජවිපෙ පක්‍ෂ අරමුදලෙන් හරි දැන් ඕක ගෙවන්න. වෛද්‍ය සංගමයට දැන් ඔබතුමාලගෙන් වැඩක් නෑ.
ඕක එතරම් විසඳන්න අමාරු ප්‍රශ්නයක් නෙමේ... කරන්න තියෙන්නේ සයිටම් එක අය කල ලක්ෂ 100 ක් තරම් වූ මුදලෙන් සයිටම් එකට ඔවුන්ගේ වියදම් සඳහා සාධාරණ මුදලක් අය කරගෙන ඉතිරි මුදල සිසුන්ට ආපසු ගෙවීමයි. එතකොට එම සිසුන්ට කොතලාවල විශ්ව විද්‍යාලයට ලක්ෂ 13 ගෙව්වට පස්සේ සෑහෙන මුදලක් අතට ඉතිරි වෙයි. මේක තේරුම් ගන්න බැරි මෝඩ දේශපාලකයන්නේ අපට සිටින්නේ. මොවුන්ගෙන් රටේ ප්‍රශ්නවලට තිරසාර විසඳුම් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
මේකට විසදුම ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ගන්න පුළුවන්. බස් එකක් මග කැඩුනහම මගීන්ව පසුපසින් එන බස් එකට දෙනවා. කැඩුණු බසයේ කොන්දොස්තර මගින් ප්‍රමාණයට සහ ඉතිරි දුරට සරිලන ගාස්තුව අලුත් බසයේ කොන්දොස්තරට දෙනවා. එතකොට බස් දෙකේම වියදම සහ අාදායම සාධාරණව බෙදීයනවා. කොන්දොස්තර කෙනෙකුගේ මොලයවත් මේ දොස්තරට නැතුව වගෙයි. කවුද මේවගේ අය පාර්ලිමේන්තු යැව්වේ? නැතිනම් අසාධාරණ ලාභයක් සයිටම් මුදලාලිට ලබාදෙන්න කුමන්ත්‍රණයක්ද?
ප්‍රශ්න අවුල් කරනවා මිස, ප්‍රශ්න විසඳන්න පුළුවන් පාලකයෝ හා වෘත්තිකයෝ කොහෙද අපේ රටේ ඉන්නේ? මිනිස්සුන්ව පණ පිටින් ගින්නට දමා පිළිස්සෙනවා දැක සතුටු වෙන්න තරම් හදවත් ඇති ජාතියක් තමයි මේ ලංකාවේ ඉන්නේ? මුදල් ගෙවා හෝ ඔතරම් සිසුන් ප්‍රමාණයකට වෛද්‍ය අධ්‍යාපනය දෙන්න තරම් කොතලාවල පහසුකම් තිබෙනවාද? සයිටම් සිසුන් නිසා, කොතලාවල ආයතනයට බඳවා ගන්න සිසුන් සීමා කරලද? මේවට උත්තර තියෙන්නෙත් ඔය අච්චාරු හැලියේම තමයි. රටේ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙන ගෙන, වෛද්‍යවරු වී, ඔවුන් අනියමින් උපයන විශාල මුදලකට බදු ගෙවීම පහර හරිනවා කියන්නේ, මුල්‍යය අපරාධයක්. එවැනි අයට නඩු පැවරිය යුතුයි.
බදුල්ලට වෛද්‍ය පීටයක් ලබදෙන්න. ඉතා පහසුවෙන් බදුල්ල රෝහල ශික්ෂණ රෝහලක් කළ හැකියි.
හොරපාරෙන් දොස්තරලා වෙන්න ගිය ඔය සිසුදරුවන්ගේ දෙමාපිය භාරකාරයෝ වැඩි දෙනා .. දේශපාලුවෝ .. හොඳ සුපිරි සල්ලිකාරයෝ. මහජනතාවගෙන් පිල්ලි ගහපු මුදල් ගැන හිතනකොට ලක්ෂ දහතුන ඔවුන්ට මහා කජ්ජක් නොවෙයි. සයිටම් එක වසා දැමීම යහපතක්. සුදුසුකම් නොපිරූ පුද්ගලයන් එහෙන් මෙහෙන් හොරපාරෙන් ඉහළ යවන විදිහවල් මේ රටේ පහුගිය කාලයේදී ක්‍රියාත්මක වුන විදිහ දන්නවනේ. එක්කෙනෙක් අලුත් විශේෂ ක්‍රමයකට නීති විද්‍යාලෙට ගියා. තවත් කෙනෙක් විශේෂ ක්‍රමයකට නාවික හමුදාවේ ලොක්කෙක් හැටියට ගියා. තව එක්කෙනෙක් එක්තරා දේවාලෙක ලොක්කා බවට පත්වුණා. තව කී දෙනෙක්ද? මේ රටේ බැලු බැලු අත ඉන්නේ සිංහයා ලකුණ දරන තක්කඩින්.. ඒවාට කැමති දාස මානසික තත්වයෙන් පෙලෙන උන්නැහේලත් මේ රටේ ඉන්නවා!
විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල ඉතිහාසයට, ඔබ කැමති තැනකින් ප්‍රවිෂ්ටව, අයිතිකාරයා ළඟ නැති වත්තක, කැත්ත අතේ තිබෙන නරුමයකු නොකපන දෙයක් නැති සේ ජවිපෙට සහ වෛද්‍ය සංගමයට පහරදීම හාස්‍යජනකයි. පාතාලය, ස්ත්‍රී දුෂණ, අල්ලස, මහබැංකු මගඩිය, ගල් අඟුරු මගඩිය වැනි මෙකී, නොකී සියල්ල ශ්‍රී ලංකා භුමියෙහි යථාර්ථය හඟවන ද්‍රව්‍යමය සහ සජීවී සංකේත නොවන්නේද? සයිටම් වෛද්‍ය උපාධි උත්සාහයද ඉහත කී දුෂ්ට ක්‍රියාවලියෙන් එකකි. අප ආදරණීය දරුවන්ද, තරුණ අපද, වියපත් දෙමාපියන්ද ජීවත් විය යුත්තේ දුෂ්ටයින්ගේ ග්‍රහණයට නතුවූ ශ්‍රී ලංකා මාතාවගේ උකුළු තලයේ නොවේද? එයට එරෙහිව නැගී සිටිමට වෛද්‍ය සංගමයට පුරවැසියන් වශයෙන් අකැපද? වෛද්‍යවරුන්ට නොතේරෙන සිංගප්පූරු ගිවිසුම, සාපෙළ වත් නොමැති බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තෝරා දෙන්නේ කෙසේද? හදවතේ විෂ පුස් බැඳී ඇති විවේචකයින් කිහිප දෙනෙක්, හඳුනාගත නොහැකි චපල ගතියකින්, අතාර්කික වචන ඇමුණුමකින් ජවිපෙට පහර දෙති. පිළිකුල් සහගත කසල කන්දක් පටවා ගත් සදාචාරාත්මක මාර්ග සංඥා නොසලකා ඉදිරියට ඇදෙන අධිවේගී දුම්රියක අපට ගොළුවන් සේ නිහඬව සිටිය නොහැක.
කළණි. ඔබේ අදහස් මම අනුමත කරමි. මේ අවිචාර අදහස් පලකරන බොහෝ දෙනා තට්ටු මාරු ක්‍රමයේ ඡන්ද දායකයෝය. දෙපැත්තේම කෙලිකාරයන්ගේ කෙරුවාවල්වත් රටට එලි කරන්නට ඉන්නේ ජේ.වී.පී. කාරයින්ය. ඒ නිසා ඔවුන්ට ජවිපෙ පෙන්නන්න බැරිය. දේශපාලකයන් නොව මේ රටේ ජාතියේ පරිහානියට වගකිව යුත්තන් වන්නේ, තට්ටුමාරු ක්‍රමයේ ගෙවල ඡන්ද දායකයන් බව මට තේරුනේ පහුගිය පළාත් සභා මැතිවරණයේදී .. බණ්ඩාරවෙල සහ තිස්සමහාරාමයේ ප්‍රතිඵලවලිනි. අඳුරේ යන්තම් එළියක්වත් දකින්න තිබෙන ගිනි අඟුර වුවත් නිවා දැමීමට මාන බැලීම හොරුන්ගේ සහ හෙන්චයියන්ගේ සිරිතකි!