Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 11 වන බ්‍රහස්පතින්දා
(රංජන් කස්තුරි)
සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අලුත්ම තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව ලබන අඟහරුවාදා (25) හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා ගතයුතු තීරණාත්මක පියවර පිළිබඳව සාකච්ඡා කරන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
සයිටම් කුණුකන්ද තමන්ගේ රජය විසඳූ බවට ජනාධිපතිවරයා ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කළ ද එය එසේ වී නැතැයි හෙතෙම සඳහන් කළේය.
සයිටම් ආයතනයේ පුහුණුව සහ ප්‍රමිතිය සතුටුදායක නොවන බව තාක්ෂණික වශයෙන් තහවුරු වී ඇති බව ද එම නිසා රජය පාර්ලිමේන්තු පනතක් මගින් සයිටම් ආයතනයේ සිසුන්ට විකල්ප විසඳුමක් ලබාදුන් බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
ලකිත් ශ්‍යාමන් Friday, 21 September 2018 12:23 PM
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අභියෝගයට ලක්කරන්නට තරම් මේ අයට ඇති බලය මොකද්ද?
Reply : 77 282
රවී Friday, 21 September 2018 06:29 PM
ශ්‍රේෂ්ඨාධිකරණය මොනවද දන්නේ? වෛද්‍ය විද්‍යාව ගැන ...? එ් අය කියන කියන ඒවා දොස්තරලා කරන්න ගියොත් ලෙඩ්ඩු මැරෙනවා. හෙට ඉඳලා නඩු කාරයින් ඉස්පිරිතාලවල ලෙඩ්ඩු පරික්ෂා කරාවිද දන්නේ නැහැ... මල කෝලම්...
Reply : 10 20
Jinadaasa Saturday, 22 September 2018 12:26 AM
සයිටම් එකේ වෛද්‍ය නොවන ඉංජිනේරු උපාධි ගණනාවක්ම තියෙනවා නේද?
Reply : 0 16
patient Friday, 21 September 2018 12:57 PM
සයිටම් සිසුවිය ජයග්‍රහණය කරවමින් ලංකාවේ ඉහළම අධිකරණය අද ලබාදුන් තීන්දුව පැය කිහිපයක් ඇතුළත සියලු මාධ්‍යවලින් හකුලා ගත්තේ කාගේ කුමන්ත්‍රණයක්ද?
Reply : 172 108
හර්ෂ Saturday, 22 September 2018 03:09 AM
2018 අංක 17 දරන ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත මගින් අදාල නීතිමය තත්වය වෙනස් කර ඇති බැවින් මෙම තීන්දුව තවදුරටත් වලංගු නැත.
Reply : 0 87
වසන්න Friday, 21 September 2018 01:47 PM
ප්‍රමිතිය ගැන දැනගන්න ඕනෑනම් ඔය ළමයින්ගෙන්ම අහන්න උපාධිය අවශ්‍ය සයිටම් එකෙන්මද කොතලාවලින්ද කියලා. එතකොට කාට කාටත් හරි උත්තරය හම්බ වෙයි. ඒකෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අපහසු වෙයිද මන්දා ?
Reply : 281 309
රවිඳු Friday, 21 September 2018 02:09 PM
මාෆියා කාරයින්ගේ ග්‍රහණයට හසුකර ගනිමින් බිඳ දැමුණු සයිටම් වෛද්‍ය පීඨයෙන් නිකුත් කළ වෛද්‍ය උපාධියට හිමි ගෞරවය මේ රටේ නීතියෙන් ලැබී තිබෙනවා. ගරු අධිකරණයට අපගේ ආචාරය පුදකර සිටිනවා. දොස්තර මාෆියා වෛද්‍ය ඒකාධිකාරය පවත්වාගෙන යාමේ පටු පරමාර්ථය ඇතිව සිදුකළ අසත්‍ය ප්‍රචාර හමුවේ හා මාෆියා කාරයින්ගේ බලපුළුවන් කාරකම හා තර්ජන, ගර්ජන හමුවේ දණ නැමූ මෙරට පාලකයින් ලබා දුන් විසඳුම, තුවාලයට ඇලවූ පැලැස්තරයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පරිබාහිරව පවත්වා ගෙන යන කොතලාවල වෛද්‍ය පීඨයේ පවතින ප්‍රමිතිය කුමක්ද? සයිටම් ආයතනයෙන් අන්තර්ග්‍රහණය කළ සිසුන්ට අධ්‍යාපන පහසුකම් සැපයීමට ඔවුන්ට ආයතනික වශයෙන් පහසුකම් තිබේද? පිටරට සිසුන්ට පමණක් මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට හැකි වන්නේ කෙසේද? සයිටම් සිසුන්ට හා විදේශීය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය මුදලට විකිණීම සාධාරණද? කොතලාවල රෝහලේ ඇඳන් ගණන් කිරීමට ගියේ කවුද? වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය මනින්නේ, අඛණ්ඩව වසරක් පාසා සිසුන් බඳවා නොගැනීමේ පදනම මතද?
Reply : 757 642
හරින්ද්‍ර Friday, 21 September 2018 06:30 PM
ඔබගේ මොලේ අස්පට් එකක් වගේ.. කරුණාකරලා අංගොඩට ඇතුල්වන්න.
Reply : 12 0
විකුම් රංගන Sunday, 23 September 2018 12:38 PM
මොළේ අප්සට් කාරයෙකුව මොනවා හරි කරලා ගොඩ දාන්න පුළුවන්... එ්ත්, හරින්ද්‍ර ඔබ වගේ අයව කප්පාදු කළ අයෙක්ව වෛද්‍ය විද්‍යාව අනුව නම් ගොඩ ගන්නම බැහැ. ඔබ දැන් මොන තනතුරක සිටියත් "අසල්වැසියා සරණන් ගච්ඡාමි" යන එක තමයි කරන්න තිබෙන්නේ! අන්න එතකොට තමයි, අනුන්ගේ සතුටේදී, අපි සතුටු වෙන තියරිය ලෝකෙටම පෙන්වන්න හැකි වන්නේ...
0 22
Lasi Saturday, 22 September 2018 04:41 AM
යල්පැන ගිය නීතියක් ඇති රටක උසාවි ගැන කතාකරලා වැඩක් නැහැ. තවම වෛද්‍ය අධ්‍යාපනයේ අවම් සුදුසුකම් ගැසට් කර නැති රටක මොන නීතිද? කොතලාවල පීඨයේ ප්‍රමිතිය ලොව පිළිගෙන ඇත. ඔවුන් සායනික පුහුණුව කොළඹ ජාතික රොහල, ජපුර, කලුතර, හමුදා රොහල් වලින් ලැබේ.
Reply : 0 82
බද්රානි Saturday, 22 September 2018 08:05 AM
ලැසී මහත්තයාගේ සිතේ ඇතිවන සුරතල් මනෝ භාවයට මෙතන බොරු ලියන්න එපා... 2009.02.25 දින රජය විසින් මුද්‍රණය කල ඇති විශේෂ ගැසට් පත්‍රයේ වෛද්‍ය අඥාපනත අනුව වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සුදුසුකම වන්නේ, උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් විෂයන් තුනක් සමත් හෝ වසර 11 ක අධ්‍යාපනයෙන් පසුව සාමාන්‍ය පෙළ සමත් වී, වසර දෙකක ප්‍රී මෙඩිකල් පාඨමාලාව හදාරා තිබිය යුතුවීමයි. මෙන්න මේ වෛද්‍ය අඥා පනත අනුව තමයි විජයදාස රාජපක්ෂ මහතා සයිටම් සිසුන්, කොතලාවල ආයතනයට බඳවා ගැනීම සඳහා, වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට මූලික සුදුසුකම ලෙස උසස් පෙළ විෂයන් තුන සමත්වීම ගැසට් කලේ. එසේ නැතිව මෙය එතුමා අමුතුවෙන් හැදූ නීතියක් නොවේ. සයිටම් ආයතනය පටන් ගන්න අවධියේ සම්මත කරන ලද මෙවැනි එන පනත් හමුවේ නැට්ට බඩ යට ගසා ගෙන සිටි නරි රැල, පසුව සද්දේ දැම්මේ දේශපාලන නාඩගමක් බව තේරුම් ගැනීමට, මොන්ටිසෝරි මොළවලට තේරුම් ගැනීමට නොහැකි බව මතක තබාගෙනය. රවිඳු විසින් නගා ඇති ප්‍රශ්න අවඥාවට ලක් නොකර, ඔබගේ භාෂාවෙන් හූ නොකියා හැකි නම් බුද්ධිමත්ව පිළිතුරු දෙන්න.
155 212
ලක්සිරි Friday, 21 September 2018 04:39 PM
අධිකරණය රවට්ටන්න ලේසි නැහැ. සත්‍යය මිනිස්සු තාවකාලිකව වසන් කලාට සදහටම වල දාන්න බැහැ කොයි මොහොතක හෝ ඉස්මතු වෙනවා. ඒ කෙසේ වුවත් සයිටම් ආයතනය නම් බිත්ති ටිකත් බිමට සමතලා කරලයි මේ දුර්ජනයෝ පස්ස බලන්නේ.
Reply : 1094 729
ටි.ඉන්දික Friday, 21 September 2018 07:09 PM
මේ අය ඇත්තටම වෛද්‍යවරුන්ද? ..ඉරිසියාව ප්‍රධානයි
Reply : 0 2
විකුම් රංගන Friday, 21 September 2018 07:44 PM
රවිඳු, ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියට අවශ්‍ය මුලික සුදුසුකම වන්නේ, විදේශ සිසුන්ට පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම හා මින් ඉදිරියට ලාංකික සිසුන් බඳවා නොගැනීමේ පදනම මත සයිටම් සිසුන්ට පමණක් වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමයි. ඔය කියන මූලික සුදුසුකම සම්පුර්ණ කරන, මධ්‍ය මහා විද්‍යාලයකට පවා වෛද්‍ය උපාධිය පිරිනැමීමේ බලය පවරන්න අපේ රටේ දොස්තර අයියලා කිසි විටෙකත් පසුබට වෙන්නේ නැහැ. අනිත් කාරණය තමයි රෝගීන්ට තග දමා රෝගියාට ප්‍රතිකාර කිරීමත්, ලංකාවේ වෛද්‍ය අධයාපනයේම විශේෂ පාඩමක්නේ? ඔන්න ඕකට තමයි ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කියන්නේ...
Reply : 0 59
ranjith Saturday, 22 September 2018 01:15 AM
අධිකරණ තීන්දුවට අභියෝග කිරීමට සුදානම් වන වෛද්‍ය සංගමයට කරන්න පුළුවන් එකම දේ නැවත වර්ජනය කරමින් සෛටම් එකට කිසිම සම්බන්ධයක් නැති අසරණ රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්කිරීම පමණයි. එයට නිසි පිළිතුරුදීමට ජනතාව දැන් පෙළගැසිය යුතු කාලයයි.
Reply : 0 170
rocky Saturday, 22 September 2018 03:11 AM
මෙහි කොමෙන්ට් දමා ඇති සමහර උගතුන්ද සමග සියලුම `ඒ` ලෙවල් සමතුන්ට එම.බී.බී.එස්. සහතික පිරිනැමීම පුහුණුවක් නැතුවම සිදු කිරීම සුදුසුයි...
Reply : 0 125
Chami Saturday, 22 September 2018 03:48 AM
රටේ අධිකරණ පද්ධතියේ තත්ත්වය පෙන්නුම් කල තීන්දුවක්... වෛද්‍ය සභාව දුර්වල ප්‍රමිතිය ඔප්පුකර ආණ්ඩුව අහෝසි කළාටත් පසුව තව මොනවද? රංජා කිව්වේ ඇත්ත තමයි. ඔක්කොම ඩීල් ...
Reply : 0 154
හර්ෂ Saturday, 22 September 2018 06:29 AM
මේක අලුත් තීන්දුවක් නෙවෙයි. අභියාචනාධිකරණයේ තීන්දුව එවකට පැවැති තත්වය අනුව නිවැරදි බව තහවුරු කිරීමක්. 2018 අංක 17 පනතෙන් කරපු වෙනස්කම්වලට තීන්දුවෙන් බලපෑමක් නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ පැහැදිලිව දක්වලා තියෙනවා.
Reply : 0 2
lasithad@gmail.com Saturday, 22 September 2018 04:29 AM
ලෝකයේ සහ ලංකාවේ පිළිගැනීමක් නැති සයිටම් උපාධිය අරගෙන උසාවිවල තමයි ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ..
Reply : 254 203
Dr. Risna Kandy Monday, 24 September 2018 07:12 AM
රවිඳු හා බද්‍රානිගේ අදහස් අගය කරමි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුන් ලෝකේ අනෙකුත් රටවල අය සමග සැසදීමේදී බොහොමත් පහල මට්ටමක බොළඳ මානසික තත්වයකින් සිටින අය බවට ඕනෑම කෙනෙකුට පෙනීයන්නේ ඔවුන් හැම ප්‍රශ්නයකදීම දුප්පත් රෝගීන් අමාරුවේ දාමින් වැඩ වර්ජන කිරීම් පමණක් තම රාජකාරිය බවට පත්කර ගෙන තිබීම නිසාය.
Reply : 0 0