IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සයිටම් අර්බුදය සම්බන්ධ විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී

(ආරියරත්න රණබාහු)

රටපුරා පැවැත්වෙන වෛද්‍ය වර්ජනය හා ඊයේ(21) සිදුවූ සයිටම් විරෝධී සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් විශේෂ විවාදයක් අද(22) පස්වරු 4.30ට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව කථානායක කරු ජයසුරීය මහතා සභාවට දැනුම් දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමක් අනුව කථානායකවරයා විවාදය පැවැත්වීමට එකඟත්වය පළ කළේය.

 



අදහස් (3)

සයිටම් අර්බුදය සම්බන්ධ විශේෂ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී

victor Thursday, 22 June 2017 08:13 AM

විවාද කරන්නේ අහවල් දෙයකටයැ... තීරණගන්න බැරි ආණ්ඩු තියනකොට එළුවෝ රැවුල කපන්න එන බව දැනගන්න ඕනේ... දොස්තරලා ඉන්නේ වෙදකම් කරන්න මිස දේසපාලන තීන්දු ගන්න නොවන බවව ඔවුන්ට කියා දිය යුතුයි. පිටරටින් දොස්තරලා ගෙනැල්ලා පාසල්වල ඉහළ පන්තිවල ළමයි පරිවර්තකයන් හැටියට දාලා, ඔවුන්ට වෛද්‍ය විද්‍යාලවලට ඇතුල්වීමට ලකුණු ප්‍රමාණයක් දීලා පුද්ගලික චැනලුත් තහනම් කළානම් වර්ජන කරන හැටි බලාගන්න තිබුණා.

:       0       0

sachith Thursday, 22 June 2017 08:34 AM

මොනවා විවාද කරන්නද? තවත් කොමිසමක්ද? එ්කෙනුත් අවුරුද්දක් විතර හොයලා යන්නේ කොහෙද මල්ලේ පොල් වාර්තාවක් දෙයි. හැමතැනින්ම තැලෙන්නේ අහිංසක මිනිස්සු තමයි. මොකද ඇමතිවරු රජයේ රෝහලකින් බෙහෙත් ගන්නවා කියලද? මෙයාලා සාකච්ඡා කරලා සාර්ථක විසඳුමක් දෙයි සිංගප්පුරුවේ වගේ රෝහල් වල ස්ට්‍රයික් එකක් වුණා නම්...

:       0       0

Srimala Thursday, 22 June 2017 09:30 AM

මුන් ලැජ්ජා නැතිව මේවගේ දේවල් වලට විවාද ඉල්ලනවද ? සිසුන්ට පහර දුන්නේ කව්ද ? කොහෙදිද ? පොලිසිය විසින් රජයේ අමාත්‍යංශයක් ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත්ත මිසක් සහ පාරවල් වහගෙන ජනජීවිතය අවුල් කල වනචාරීන් පිරිසක් පලවා හැරිය මිසක් - අනික සයිටම් පටන් අරගෙන මහලොකුවට පම්පෝරි ගැහුවේ කව්ද ? සයිටම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ඔය දිනේෂ් ගුණවර්ධනම තමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site