IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සැමියා බේරන්න බිරිඳගෙන් ලක්ෂ 10ක් ගත් සුරාබදු නියාමක අල්ලයි

මනෝප්‍රිය ගුණසේකර 
 
රාත්‍රී සමාජ ශාලාවල භාවිතා කරන මත්පෙති ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැමියාට එරෙහිව නඩු නොපවරවා සිටීම සඳහා බිරිඳගෙන් රුපියල් ලක්‍ෂ 60ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 10ක් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සුරාබදු නියාමකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
 

කොළඹ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකදී   අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකාර සුරාබදු නියාමකවරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදී පැමිණිලිකාරියගෙන් රුපියල් ලක්‍ෂ 29කට අධික මුදලක් ලබා ගෙන ඇතැයි අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
පැමිණිලිකාරියගේ සැමියා නිරන්තරයෙන් විදේශ ගතවන පුද්ගලයකු බවත් මීට පෙර අවස්ථාවක සැකකරු විසින් ඔහු පරීක්‍ෂාවට ලක් කොට   මත්පෙති ලඟ තබා ගෙන ඇති බව පවසමින් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව පවසා එලෙස නඩු නොපවරවා සිටීම සඳහා ඇයගෙන් රුපියල් ලක්‍ෂ 60ක අල්ලසක් ඉල්ලා ඇතැයි මුලික පරීක්‍ෂණ වලදී හෙළි වු බව එම නිලධාරියා පැවසීය.



අදහස් (0)

සැමියා බේරන්න බිරිඳගෙන් ලක්ෂ 10ක් ගත් සුරාබදු නියාමක අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site