ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා පිල සිය මවුබිමේදීම සිම්බාබ්වේ පිල හමුවේ පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 316 ක් ලබාගත් අතර සිම්බාබ්වේ පිතිකරුවෝ ඕවර 47.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 322 ක් ලබාගත්හ.
COMMENTS
මැතිව්ස් නායකකම කරනකන් ලංකාවට සෙතක් නැහැ. එයා හොඳ ක්‍රීඩකයෙක්. මහේලට පින්සිදු වෙන්න මැතිව්ස්ගේ නායකත්වයෙන් කරපු මුල් මැච් ටික දිනුවා. දැන් වෙන නායකයෙක් අවශ්‍යයි.
ගුරුසිංහ මහත්තයා පින් පඩි ගන්න ආවත් හරි අපේ ක්‍රිකට් වලපල්ලේ.... වෙන කියන්න දෙයක් නැහැ..
මාලිංග,... අද උඩපන්දු අතහැරියේත් ඉඳල හිටලද?
මෙතන තියෙන්නේ නායකත්වයේ ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රීඩකයන්ගේ දුර්වලතාවය.... අපි ඒක පිළිගන්න ඕනෑ. පන්දු රැකීම අතින් අපි ඉතාමත්ම දුර්වල කණ්ඩායමක්. ආයෙත් මහේල සහ සංගා කවුරු ආවත් වෙන්නේ ඔය ටිකම තමයි.
අනේ ඇන්ජලෝ මේ රටේ ක්‍රිකට් තවත් වල පල්ලට යවන්නේ නැතුව දැන් වත් නායකත්වයෙන් අයින්වෙලා තරංගට නායකත්වය දෙන්න. බලධරයිනි, ක්‍රිකට් වලට වියදම් කරන කෝටි ගණන් මුදල් මේ රටේ සංවර්දන කටයුත්තකට යොදවන්න. ක්‍රීඩකයින්ට ලක්ෂ ගණන් පඩි ගෙවන එක නවත්වලා ඒ සල්ලි වලින් අර ගං වතුරට අනාතවුණු, නායයාම් වලින් අනාතවුණු අසරණ මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න. ඒ අසරණ මිනිස්සු තවමත් ඉන්නේ කුඩාරම් වල. මෙහෙම පරදින්න කෝටි ගණන් වියදම් කරලා පුහුණුකරුවෝ ගේන්න එපා... ඒක ජාතික අපරාධයක්. මීට වඩා හොඳයි මීලඟ තරග වලට පාසල් කණ්ඩායමක් යොදවන්න.
හැමෝම කතාව නවත්වල වැඩ කරන්න පටන් ගත්තනම් හරි නේද? ඇමතිතුමා මෙහෙන්, ක්‍රීඩකයෝ එහෙන්, සභාපතිලා මෙහෙන්. එක්කෙනෙක් වත් සතුටින් නැහැ, කොහොමද මැච් දිනන්නේ....? 96 ටීම් එකෙන් වත් ඉගෙන ගෙන, අර්ජුනලා, අරවින්දලා, මහානාමලා ඇතුළු හැමෝම ක්‍රීඩකයෝ වශයෙන් ලොකු කැපකිරීමක් කරලා ගොඩ දාල දුන්නු ක්‍රීඩාව මේ වගේ පහළට වැටෙන්නේ අපේ විනයක් නැතිකම හින්දයි.
අපේ කණ්ඩායම දිනුවත්, පැරදුණත්, ඒ ගොල්ලන් එදා ඉඳන්ම කලේ ක්‍රිකට් සෙල්ලම් කිරීමය. මෙය වගකීමක්, තමන්ගේ රාජකාරියක් බව අමතකවී ඇත. ඒකට කියන්නේ පාරේ ක්‍රිකට් කියලයි..
එක අතකට මෙහෙම වෙන එකත් හොඳයි. අනෙකුත් ක්‍රීඩා වලට අවධානය යොමු කරන්න කාලේ වගේ. ලංකාවේ ක්‍රීඩාවේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ කිසිම සමබරතාවයක් නැහැ. ලෝකේ තියෙන්නේ ක්‍රිකට් විතරක් නෙමෙයිනේ. ඇමැති කියන්න වගේ කෑම බීම වල සමබරතාවයක් නැහැ වගේ තමයි.
ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරිමේ ඡන්දය ප්‍රවින ක්‍රීඩකයින් 100ක් පමණ තෝරා ගෙන ඔවුන්ගේ ඡන්දය තුලින් ක්‍රිකට් විනාශ නොකරන මහත්වරුන් පත් කිරිමට කටයුතු කරන්න. දේශපාලන බලපෑම නැති වෙවායි පතමි..!!!
මම මේ මතය පලකරන්නේ කාටවත් කඩේ යන්න නෙවෙයි. ඔබලා උගත් පුද්ගලයින් නිසා....හොදට සමාලෝචනය කර බලන්න. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ සිට මහින්ද මැතිතුමාගේ ආණ්ඩුව දක්වා.... අපේ රට ක්‍රිකට් වලින් කෙතරම් ජයග්‍රහණ ගත්තද? ඇයි අද අපට පරාජයන් උරුම වෙලා තියෙන්නේ... පරිපාලනයේ වැරැද්දක් නොවේද? වරද කාගේද? පක්ෂයක්, පාටක් නොමැතිව සිතා බලන්න. රටේ නායකයා කවුරු වුණත් අපේ රට කාටත් නොදෙවෙනි ශ්‍රී ලංකාවයි...
අපේ කට්ටිය දේශපාලනෙ අල්ලගෙන ඇමතිතුමාට බැන්නට එතුමා කියපු දේ මම නම් පිලිගන්නවා. ඕස්ට්‍රේලියාවේ, එන්ගලන්තේ, ඉන්දියාවේ ක්‍රීඩකයන්ගේ ඇඟවල් දැක්කම අපිට ඒක පිලිගන්න වෙනවා.
ක්‍රීඩාව පැරදීමට මුල්වූ හේතුව සේ පෙනෙන්නේ තරඟයට පෙර ක්‍රීඩකයන්ගේ මානසිකත්වය දුර්වල කෙරූ බවයි. ඇමතිතුමාද මෙයට වග කිව යුතුයි. මෙයින් පෙනෙන්නේ සුදුසු අමාත්‍යංශ සුදුසු අයට නොලැබීමයි.
දිනුවත් පැරදුනත් කොල්ලනේ උබල අපිට වටිනවා.
ක්‍රීඩා ඇමති කෙරුව ප්‍රකාශය හා කොයිතරම් එකඟ විය නොහැකි වුනත් එතන ගන්න දෙයක් තිබුණා. ඔළුව ඉදිමිච්ච සහ විනයක් නැති ක්‍රීඩකයෝ ඉන්නකම් තරඟ දිනන්න බැහැ. තරගයට පස්සේ කොයිතරම් පණ්ඩිත වාක්‍ය කිව්වත් ඒ හැම දේම අවසාන හරය වෙන්නේ "අපි අද හොඳින් සෙල්ලම් කලේ නැහැ, අපේ අඩුපාඩු තිබුනා, ඒවා හදාගෙන ඉස්සරහට යනවා" ඔච්චර තමයි. ඊළඟ තරගයේදීත් ඒ ටිකම කියනවා. හරියට අපි "දියුණු වෙමින් පවතින රටක්" කියන පාඩම වගේ. පාලක මණ්ඩලේ සමහ ඇමති හොඳ නැහැ, තේරීම් කමිටුව සමග පාලක මණ්ඩලේ හොඳ නැහැ, ක්‍රීඩකයෝ එක්ක ඔක්කොම හොඳ නැහැ.මෙහෙ තව ටික කාලයක් ගියොත් ක්‍රිකට් එක්ක මිනිස්සු හොඳ නැතිවෙන තත්වෙට එනවා. බ.ඉන්. කොදෙව් පිලට වුනාවගේ අසරණ තත්වයටම අපි වැටෙයි. කව්රු මොනවා කිව්වත් අවසානයේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයෝ විතරයි. හොඳ ක්‍රීඩකයෝ තෝරන එක තේරීම් කමිටුවේ වැඩක්, තේරීම් කමිටුව තෝරන එක පාලක මණ්ඩලේ වැඩක්, මේ ඔක්කොම මෙහෙයවන එක ඇමතිගේ වැඩක්. මේ දාමයේ කොතැනක හෝ සිදුවන අඩුවක් අපිට දකින්න වෙන්නේ අමිහිරි පරාජයක් විදිහටයි. කව්රුත් කාටවත් ඇඟිල්ල දික්කරන්නේ නැතුව තමන්ගේ වගකීම හරියට ඉටුකරනවානම් අපිටත් හැකිවෙයි හොඳම හතර අතරට එන්න.
නායකත්වය දුර්වල වුණහම හැමදේම කඩා වැටෙන එක අනිවාර්ය ධර්මතාවයක්.. ඒක රටකට, ආයතනයකට, කණ්ඩායමකට විතරක් නෙමෙයි පවුලකට වුනත් සත්‍ය වෙන කරුණක්. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මුහුණ පාන්න වෙලා තියෙන්නේ ඔන්න ඔය සත්‍යය. පාලක මණ්ඩලය, තේරීම් කමිටුව, ක්‍රීඩා කණ්ඩායම යන තුනටම දක්ෂ නායකත්වයක් අවශ්‍යයි මේ තත්වයෙන් ගොඩ එන්න.
අශාන් ඔබ ලියා සසඳා තිබු ප්‍රතිරූප ගැන බලා සිනහවට පත් වුනෙමි. මොකද අපිට විදේශික ප්‍රතිරූප ගැන අවශ්‍යතාවයක් නැත. අපේ රටේ සහ සංස්කෘතියේ හැටියට ඒ ක්‍රීඩකයන්ගේ සහ ක්‍රීඩාවේ අඩුපාඩු සැකසිය යුතුයැයි මගේ නම් අදහස.... මෙය වරදවා තේරුම් නොගනිතියි සිතමි. එසේ සසඳන කල අප දේශපාලඥයින් සහ විදෙස් දේශපාලඥයින් අැඟපතින්ද ක්‍රියාවලින්ද අනිකුත් දෙයින්ද අහසට පොලොව වැනිය.
ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය නොතේරෙන අයට නම් මේක ලොකු ප්‍රශ්නයක් .... වාසනාවට හරි අත වනආ දිනු තරඟ කොපමණද? සන්සුන් වන්න .. නියම ක්‍රීඩා ලෝලියෙක් වෙන්න ...