(වන්නි රොමේෂ් මධුෂංඛ)
මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේදී මියගිය ඥාතීන් වෙනුවෙන් කළ සැමරුම් උත්සව අවස්ථාවට පැමිණි විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා අදහස් දක්වමින් සිටියදී සභාවෙන් නැඟුණු ප්‍රශ්නයක් හේතුවෙන් තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවිය. එම පුද්ගලයා ඇසුවේ, “ත්‍රස්තවාදය නැති කළා කියලා ඔබතුමා පාර්ලිමේන්තුවේදී මහ ඉහළින් පිළිගන්නවා නේද? ඇයි ඒ ?“ යනුවෙනි.
ඒ සම්බන්ධයෙන් උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවූ නමුත් එම ස්ථානයේ දේශපාලන අදහස් නොදක්වන ලෙසට ප්‍රදේශවාසීන් මෙහිදී පැවසූ හෙයින් තත්ත්වය සමනය විය.
“යුද්ධයෙන් මේ පළාත්වල ජීවිත අහිමි වූ සියලු දෙනාට මම ශෝකය පළ කරනවා. ඔවුන්ගේ ආත්මවලට මම ශාන්තිය ප්‍රාර්ථනා කරනවා“
“අවුරුදු 30ක් යුද්ධය පැවතුණේ ඇයි? ඒ යුද්ධයේ අරමුණ කුමක් ද? ඒ යුද්ධයේ අරමුණ ඉටු වුණාද? යළි යුද්ධයක් ඇති නොවීමේ තත්ත්වයක් පවතිනවාද? වෙනස්වීම් අවශ්‍යද? වෙනස්වීම් අවශ්‍ය නම් මොනවද ඒ වෙනස්වීම්. මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම තමයි මේ සැමරුම් උත්සවයෙන් පෙන්නුවේ. යථාර්ථය තමයි මේ.“ යයි පැවසූ විපක්ෂනායකවරයා..
“අපි මෙහි ඇත්ත දැනගන්න ඕන. ඊට පස්සේ ඒ දේවල් නවත්වන්න නීති සකස් වෙන්න ඕන. ඒ සඳහා සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. සියලු දෙනාම එකට එක් විය යුතුයි“ යැයිද කීවේය.
COMMENTS
ජ.වි.පෙ. අයට පුළුවන්නම් ඇයි මේ අයට බැරි? දෙගොල්ලොම ත්‍රස්තවාදී වැඩනේ කරන්නේ නේද?...
මෙතුමා යුද්ධය කළේ සංහිඳියාව කොහේ තියාගෙනද දන්නේ නෑ. එල්. ටී. ටී. ඊ. එකට උදව් කළානේ..
ත්‍රස්තවාදය නැති කලේ ත්‍රස්තවාදය තිබුණ නිසා. තමන්ගේ මිනිස්සු ත්‍රස්තවාදයට තල්ලු නොකර ප්‍රශ්න විසඳන්න නියම නායකයෝ කටයුතු කරනවා. එහෙම නායකයෝ ලෝකයේ අඩුයි.
යාපනේ අපේ නෑයෝ නැවත කෑම ඉල්ලනවා වගෙයි නේද?...
එකම විසඳුම සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන එක.... ලංකාවේ නිදහස වැඩිකමට ඕන ඕන තැනක ගිහිල්ල ඕන ඕන විදියට ජිවත් වෙනවා. පිටරටවල් වලට ගිහිල්ල ඔයවගේ සෙල්ලන් දාන්න වෙන්නේ නැහැ. යුරෝපයෙන් ඒගොල්ලන්ගේ වැඩ කරවගන්න ලංකාව දෙකඩ වෙන සැලසුම් හදල ගියාට මේක හරියන වැඩක් නෙවේ. මිනිසුන්ට නොමග යවන කුලවාදයයි, ලොකුකමයි පතුරන ක්‍රම 21 වෙනි සියවසේට හරියන්නේ නැහැ.
කොටි ත්‍රස්තවාදයට විරුද්ධ වුණ හැමකෙනාම ප්‍රභාකරන්ව පරලොව යැව්වා..!!!
සම්පන්තන් හොඳ බුද්ධමත් දෙමළ නායකයෙක්. ඔහු දුරදිග බලා කතාකරලා තියෙන්නේ.... අපිට හැමදාමත් යුද්ධ කරන්න ආසාවක් තියෙන ජාතියක්ද? යුද්ධකර ලබාගත් දෙයක් කෝ? ඔය කියන අය යුද්දෙට යනවද? දේශපාලකයින්ටම හසුනොවී අනිත් මිනිස්සුන්ගේ හඬටත් ඉඩක් දෙමු. සමගිය බලය වේ. නැතුව ගහගැනීම බලය වෙන්න නැහැ....