(මහේෂ් කිර්තිරත්න)
සමෘද්ධි බැංකුව මහ බැංකුවට පවරාගන්නා බවට අගමැතිවරයා සිදු කළ ප්‍රකාශයට විරෝධය පළ කිරිමේ යෝජනාවක් අද (11) පැවති මාතලේ මහ ප්‍රාදේශීය සභා රැස්වමේදි වැඩි ඡන්දයෙන් සම්මත විය.
මාතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති කපිල බණ්ඩාර මහතා එහිදි මෙසේද ප්‍රකාශ කළේය.
‘‘සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ මේ රටේ අහිසංක දුප්පත් ජනතාව වෙනුවෙන් ඇති ප්‍රතිලාභ දෙන ව්‍යාපාරයක්.මහ බැංකුවට පවරා ගෙන එහි ඇති මුදලුත් කොල්ල කන්නයි මේ හදන්නේ.
අපි කියන්නේ මේ දේ සිදු නොකළ යුතුයි.මේ රජය පිළිබඳව ජනතාවගේ විශ්වාසය දිනෙන් දින බිද වැටිලා තියෙන්නේ.පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව අපි මේ යෝජනාවට විරෝධය පළ කර සිටිනවා.ප්‍රාදේශිය වශයෙන් සිටින අපි තමා මේ ගම්මවල අහිංසක ජනතා ගැන සොයන්නේ.
විවිධ ඉල්ක්කම් කියමින් විවිධ සංශෝධන කරනවා .ජනතාවට ඒවායින් වැඩක් නැහැ.ඉන්ධන මිල ඉහල දැම්මා.දිනෙන් දින රටේ ආර්ථිකය පිරිහෙන තැනට වැටිලා .
අපි සභාවට ආවේ අපේ වැඩ කරන්න නෙවේ මේ රටේ අහිසංක ජනතාවගේ විවිධ ප්‍රශ්නවලට උත්තර හොයන්න‘‘ බවත් මේ යෝජනවට පක්ෂව සිටින පිරිසට අත් ඔසවා වරෝධය පළ කරන ලෙසද සභාපතිවරයා ඉල්ලා සිටියේය.
යෝජනවා මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා විසින් ස්ථිර කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද යෝජනාවට පක්ෂව කටයුතු කළ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නිහඩව සිටියේය.


2025 දෙසැම්බර් මස 18
234
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධි බැංකු සටනට මාතලේ සහය
Lalith Saturday, 12 May 2018 01:38 AM
කලබල නොකර ඉන්නකෝ ඉරානේ ගිහින් එනකල්. එහෙන් බෙලෙක්කේ පිරෙන්න ලැබුනොත් සමෘද්ධිය ගන්න එක නවත්වන්න පුළුවන් වෙයි.
Blossom Saturday, 12 May 2018 07:53 AM
ලංකාවේ මහ බැංකුවේ පාලනයට මේවා යටත් බව පහ සමත් අය නම් දන්නවා.