(ඉන්දිකා රාමනායක)
නාත්තන්ඩිය තුම්මෝදර ප‍්‍රදේශයේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ අඳින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇඳගත් පුද්ගලයකු එහි රැඳී සිටින වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරයවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
දැනට සිදුකරන පරීක්ෂණවලදී මෙම පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය කි‍්‍රයා මාර්ග ගන්නා බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
එම වීඩියෝවේ සිටින ආරක්ෂක අංශ සාමාජිකයා යැයි සැකකරන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා යුද හමුදාව මහජන සහය පතන අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංශයේ අංක - 0112-514280 වෙත දැනුම් දෙන ලෙසට යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ මාධ්‍ය අවහිර කරල කියනවා. ඒකේ ඉන්න කෙනාව අඳුනාගන්න සහාය වෙන්නලු. කාටද කියන්නේ ඉතින්..?
නරකද ඉතින් ඒ වීඩියෝ එක ප්‍රසිද්ධ කළා නම් කාටත් බලාගන්න හැමකෙනාම මුහුණු පොතට යන්නේ නැහැනේ... අනික උදව් ඉල්ලන්නේ සමාජ මාධ්‍ය තහනම් කරලා තියන බව නොදැනද?