(බිඟුන් මේනක ගමගේ)
අපරාධ පරීක්ෂණ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරින් හෝ සෙබළු අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් සැකකරුවන්දැයි සෙවීමට ත්‍රිවිධ හමුදාවේ ඒකාබද්ධ පරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසූහ.
සැකකරුවන් යැයි කියමින් බුද්ධි අංශ නිලධාරින් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගනිමින් රටත් ජනාධිපතිවරයාත් අනතුරේ හෙලන වැඩපිළිවෙලකට රාජ්‍ය නොවන සංවිධාන කීපයක් හා පොලිස් නිලධාරින් අතළොස්සක් අතගසා ඇති බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි ද උන්වහන්සේ කීහ. මෙය තනිකරම ජාතික අපරාධයක් යැයි කී රතන හිමියෝ මෙම වැඩපිළිවෙල පසුපස සිටින පිරිස් නම් ගම් සහිතව ඉදිරියේදී රටටම හෙළි කරන්නේ යැයි ද කීහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකවරයාට දැනුම් දෙන ආකාරයටම හමුදා සෙබළුන් අත්අඩංගුවට ගැනීමට පෙර අදාළ හමුදාපතිවරයා දැනුම්වත් කළ යුතු බව ද රතන හිමියෝ අවධාරණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද මතක් වුනේ.
අවුරුදු දෙකක් තිස්සේ බුද්ධි අංශ නිලදාරීන් සිය ගණනක් නොයෙක් හේතු මත අත් අඩංගුවට ගනිද්දී රහත් වෙලාද හිටියේ.රටේම මිනිස්සු කම්පාවෙන් බලා ඉද්දි එකෙන් ලකුණු දාගන්න මොනවහරි කියන්නත් එපැයි
සෙබළු කරන අපරාධ සහ සාමාන්‍ය මිනිස්සු කරන අපරාධ අතර වෙනසක් තියනවා ද ?...සෙබළකු වීම නිසාම වෙනත් විදිහකට නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑද ?
හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ මේ ආකාරයට මිනිස්සු වර්ග කරලා තියනවද ?
කිසි කෙනෙක් නීතියට ඉහලින් නැත. රටක රජතුමාගේ සිට හිගන්න දක්වා නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක විය උතුය. එසේ නැත හොත් රටක ඉදිරි ගමනක් ගැන සිතිය නොහැක.
එක ලෝක සම්මත නීතියක් ස්වාමීන් වහන්සේ හරියට හරි
අන්න හරි. ඒවගේම පොලිසියේ අය අත් අඩංගුවට ගැනීමට පෙර පොලිස් පති තුමා දැනුවත් කල යුතුයි, හාමුදුරු කෙනෙක් අත් අඩංගුවට ගැනීමට පෙර මහා නායක හිමිවරු දැනුවත් කල යුතුයි කියල මම හිතනවා.
ඔබවහන්සේ එහෙම නායක හමුදුරුවරුන්ගෙන් අවසර ගත්තද ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය බාරගන්න?
දැන් තමයි මේවා තේරිලා තියෙන්නේ. එදා කොහොමද කිව්වේ ? "රාජපක්ෂලා නෙමෙයි යුද්ධය කෙරුවේ අපි , එහෙම කරපු අපි නැවත මේ රටේ යුද්ධයක් හෝ රටබෙදෙන්න දෙන්නේ නැහැ " දැන් තමුන්ගේ තරම තේරෙනවද ?
කිසිම හිරිකිතයක් හෝ ලැජ්ජාවක් නැතුව මහජන මුදලින් පවුල් පිටින් සැප විඳිමින් මොන විදියේ ජඩ වැඩ, අපරාධ කලත් දියවන්නාවේ ඉන්න 225 දෙනාගෙන් එකෙක් හරි අත්අඩංගුවට ගන්න ඉස්සෙල්ල ඒ සියල්ලන්ගේ ආරක්ෂකයා වන කතානායකගෙන් අවසරය ගන්ට ඕනේ. ජීවිතය පරදුවට තබලා මුළු ශ්‍රිලන්කිකයින්ගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කල හමුදා සෙබළුන්ගේ පිහිටට කිසිම කෙනෙක් නැහැ. කිසිම වග විභාගයක් නැතුව කරන අත්අඩංගුවට ගැනීම් සහ බන්ධනාගාර ගත කිරීම වැනි අකටයුතුකම් කරන පුද්ගලයින්ට හොඳක් නම් සිද්ධ වෙන්නේ නැහැ. මුළු ජාතියම ඔවුනට ශාප කරනවා.
දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. මෙචචර කල් කොහෙද දන්නේ නෑ හිටියේ? සයිටම් එකේ මානසික ආබාද වලට ප්‍රතිකාර කරන ඒකකයක් නැතිව ඇති.
එහෙම තියෙන්නේ මොන නීති පොතේ ද ? මෙහෙම ගියොත් ලංකාවේ කාවවත් ඇරෙස්ට් කරන්න බැ. යුද්දෙට මුවාවෙලා කරපු අපරාද වලට දඩුවම් දෙන්නම ඕන. මමත් යුද්දේ කරපු හමුදා නිලදාරියෙක්
ලංකාවේ දන්ඩ නීති සංග්‍රායේ නම් එහෙම නීතියක් නෑහෑ හාමුදුරුවන්ගේ බන පොතෙ ඈති මගෙ හිතේ
අපි නම් මේ ආණ්ඩුව බලයට එනකොටම දැනන් හිටියා ඔයටික වෙනවා කියල. හමුදුරුවොන්ට දැන්ද තේරෙන්නේ?
හාමුදුරුවෝ ලංකාවේ නීතිය ඉගෙනගෙන ඉන්න. කොහෙවත් එහෙම කියලා නෑ.
එකතුවෙලා ඉන්න කට්ටියගේ පැටිකිරිය අපිනන් දැනගෙන හිටියා - ඔහොම වෙන බවත් අපි දැනගෙන හිටිය.