IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සෙබළකුගේ අත් පා බැඳ ගිනි අවිය පැහැරගෙන

(මොනරාගල නයනජීව බණ්ඩාර සහ වැල්ලවාය අයි.ආර්. ඉන්දික සහ බිබිල විශේෂ කේෂර ගුණතිලක)

කුඩා ඔය යුද හමුදා කොමාන්ඩෝ පුහුණු කඳවුරේ අංක 2 මුරකුටියේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළෙකුගේ අත්පා බැඳ දමා එම සෙබළා සතු ගිනි අවිය පැහැරගත් හිටපු හමුදා සෙබළකු එම පැහැරගත් ගිනි අවිය සමග පෙරේදා (17) අත්අඩංගුවට ගත් බව යුද හමුදා පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු කහවල ගල මහවත්ත කළුතර ලිපිනයේ පදිංචි පුද්ගලයකු බවත් ඔහු 2009 වසරේ අගෝස්තු මස 13 වැනි දින යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සේවයට බැඳී කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ සාමාන්‍ය සෙබළකු ලෙස පුහුණුව ලැබූ අයෙකු බවත් යුද හමුදා පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම පුද්ගලයා 2017 වසරේ අප්‍රේල් මස 10වැනිදා සිට යුද හමුදා සේවයට වාර්තා කර නොමැති බව කුඩා ඔය පොලිසිය පවසයි.

ඉකුත් 17 වැනිදා අලුයම් කාලයේ මෙම සැකකරු කුඩා ඔය කොමාන්ඩෝ පුහුණු පාසලේ අංක 2 මුරකුටියට රිංගා එහි රාජකාරියේ යෙදෙමින් සිටි යුද හමුදා සෙබළාගේ අත්පා ලණුවලින් ගැටගසා බැඳ එම නිලධාරියා සතු ගිනි අවිය මෙසේ සොරාගෙන ගොස් පසුව මේ පිළිබඳව අනාවරණය වීමෙන් පසු කුඩා ඔය යුද හමුදා කොමාන්ඩෝ පුහුණූ පාසලේ අණ දෙන නිලධාරියා විසින් මේ පිළිබඳව කුඩාඔය පොලිසියට හා යුද හමුදා පොලිසියට දැනුම් දීමෙන් පසු මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

එහිදී කුඩාඔය මංසන්ධියේ සැකකටයුතු ලෙස හැසිරුණු සැකකාර යුද හමුදා සෙබළා එදිනම පස්වරු 4. 00ට පමණ යුද හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී යුද හමුදා කඳවුරට ආසන්න පරණ බලහරුව මාර්ගයේ කලාපයක් තුළ සඟවා තිබූ එම සොරාගත් ගිනි අවිය සොයා ගැනීමට යුද හමුදා පොලිසිය හා කුඩා ඔය කඳවුරේ හමුදා නිලධාරීන් සමත්ව තිබේ.

මෙම සැකකාර හිටපු යුද හමුදා කොමාන්ඩෝ සෙබළා යුද හමුදා පොලිසියට පවසා ඇත්තේ තමන්ට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති කම නිසා මෙම ගිනි අවිය සොරාගෙන එය විකුණා මුදලක් සොයා ගැනීමට අදහස් කළ බවයි.

සැකකාර හිටපු හමුදා සෙබළා රට තුළ සිදුවූ වෙනත් අපරාධ සිද්ධින්ට සම්බන්ධ දැයි සොයා බලන බවත් ඔහු මෙම ගිනි අවිය කොල්ලකෑමට උත්සාහ කරන ලද්දේ එවැනි අපරාධ සඳහා යොදා ගන්නට දැයි විමර්ශනය කරන බවත් යුද හමුදා පොලිසිය පවසයි.

මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අරුණ පද්මශාන්ත, මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල යන මහත්වරුන්ගේ උපදෙස් මත කුඩා ඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේ කුඩාඔය පොලිසිය හා යුද හමුදා පොලිසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

 



අදහස් (4)

සෙබළකුගේ අත් පා බැඳ ගිනි අවිය පැහැරගෙන

sachith Monday, 19 June 2017 05:58 AM

මෙන්න මේ වගේ අය ගැන තමයි හොඳට හොයන්න ඕනේ... අන්තිමට අවංකව රාජකාරි කරලා ජීවිත පූජාකළ රණවිරුවනුත් මේවගේ අයගේ ගාණට දාලා තමයි නවතින්නේ...

:       0       2

Menuka Monday, 19 June 2017 06:29 AM

මම හිතන්නේ අරුණ ප්‍රේමශාන්ත කියලයි.... අරුණ පද්මශාන්ත නෙවේ.. ස්තුතියි !!!

:       0       0

shan saudi Monday, 19 June 2017 07:18 AM

මගේ අතපය බැඳලා සාක්කුවට හෝ බැංකු ගිණුමට සල්ලි ටික දාල වෙපන් එක අරන් යන්න කීවද දන්නේ නෑ... දැන් මේ විදිහට බැලුවම මුර කුටිය මුරකරන්නත් වෙනම සෙබළුන් දාන්න වෙනවනේ... මගේ හිතේ කට්ටිය එන්න ඇත්තේ සෙබළා මෛත්‍රී භාවනාව කරන වෙලාවේ....

:       2       78

ravin Monday, 19 June 2017 07:58 AM

කරපු වරද කෙසේ වෙතත් ඔහු හොඳ කමාන්ඩෝ පුහුණුව ලත් අයෙක්...

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site