IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


සබරගමුවේ අලුතින් ඉදිකෙරෙන රජයේ ගොඩනැගිලිවලින් වැහි පීලි ඉවතට

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික්කය පුරා පැතිර යන ඩෙංගු රෝගය වැළැක්වීමට සබරගමු පළාතේ අලූතින් ඉදිකෙරෙන සියලූම රජයේ ගොඩනැගිලිවලට වැහි පීලී භාවිතා නොකිරීමට සබරගමු පළාත් සභාව තීරණය කරයි.

රත්නපුර දිස්ත‍්‍රික්කය ඩෙංගු අවදානම් දිස්ත‍්‍රික්කයක් ලෙස නම් කර ඇති නිසා ඉදිරියේදී පුද්ගලික සහ ආගමික ස්ථාන ආශ‍්‍රිත ඉදිකිරීම් වලද වැහිපීලී භාවිතා නොකිරීමට පියවර ගත යුතු බව ද මෙහිදී තීරණය විය.

පසුගිය තුන් මාසයට රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ඩෙගු රෝගින් 917ක් වාර්තා වී ඇති අතර එය ගෙවුණු වසර වලට වඩා වැඩි බවද සෞඛ්‍ය බලධාරීහූ මේ සාකච්ඡාවේදි පෙන්වා දුන්හ.



අදහස් (6)

සබරගමුවේ අලුතින් ඉදිකෙරෙන රජයේ ගොඩනැගිලිවලින් වැහි පීලි ඉවතට

Prasa Wednesday, 05 April 2017 07:07 AM

මොනවා.... මේවගේ දේවල් වෙන්නේ ලංකාවේම පමණි. මොකද්ද හරි බිල්ඩින්වල පීලි නැති කරන්නේ නැහැ. පිලි නැතිව වතුර හැමතැනම ගිහින් පොඩි පොඩි වලවල් හැදෙනකොට ඒවා ප්‍රයෝගිකව වහල දන්නේ කවුද. අනික එත් වතුර කොහෙහරි ගිහින් රැදෙන්න පුළුවන්. මගේ අදහස නම් ලංකාවේ මේවගේ හරි ස්ටෑන්ඩර්ඩ් එකක් නැති වැඩ සහ අති පණ්ඩිත සමහර පොතේ උගතුන්ගේ කෙටි දැක්මෙන් ගන්න තීරණ නිසා රටම පැචි ගොඩක් වෙලා. ලංකාවේ මොන මිනිස්ටර් මේ ඩෙංගු මර්දන කිරීමේ වගකීම ගන්නේ ?

:       1       128

අකිත Wednesday, 05 April 2017 07:25 AM

අතීසාරයට අමුඩ ගැසීම !

:       1       119

mahee Wednesday, 05 April 2017 08:18 AM

මම නම් කියන්නේ වහලවල් උනත් ගොඩනැගිලිවලට උවමනා නැහැ කියලයි. වහිනකොට වලං මුට්ටි ටිකක් තියල වතුර එකතු කරලා තියා ගත්තහම මදුරුවෝ ඉවරෙටම ඉවරයි. නියං කාලෙට ප්‍රයෝජන ගන්නත් පුළුවන්. අහසින් වැටෙන දිය බිඳක්වත් මුට්ටියට නොවැටී මුහුදට යන්න දෙන්නේ නැති උගතුන් හිටිය සබාවක් බවට ඉතිහාසේටත් එකතු වෙනවා.

:       1       50

sam Wednesday, 05 April 2017 08:52 AM

මේකට හොඳම පිළියම වැස්ස නැති කරන එකයි .ඉමෙල්ඩා මාකෝස් 1970 දශකයේදී දී එයාගේ රුපසුන්දරී තරඟය දවසේ වැස්ස නැවැත්වුවා වගේ අපේ එයා ෆෝස් එකට කියලා වලාකුළු ෆෝම් වීම වලක්වමු . ඩෙංගු විතරක් නොවේ සියලුම ජීවීන් නැතිබංගස්ථාන වෙනවා අත්දුටුවයි සත්තයි .

:       1       4

aravinda Wednesday, 05 April 2017 09:58 AM

ඩෙංගු මර්දනය සඳහා ගත් හොඳ පියවරක්. ගොඩනැගිලි වටා ගැඹුරින් අඩු, පළල් කානු සාදා වැහි ජලය බැස යාම සඳහා යොදා ගත හැකියි.

:       28       1

rocky Thursday, 06 April 2017 01:20 PM

මේ මොන විගඩමක්ද? මදුරුවන් බෝ වීම වලක්වන්න හෝ වඳ කරන්න ක්‍රමයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්නෙම නැද්ද? ඇමති තුමාට බැරි නම් පුළුවන් කාට හරි වැඩේ බාර දීලා පැත්තකට වෙන්න.දැනට ගෙන යන ව්‍යාපාරය මුළුමනින්ම අසාර්ථකයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site