රංජන් කස්තුරි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අයත් හර විෂයන් 08 විෂයන් 06 ක් ලෙස අඩුකිරීම කෙරෙහි සලකා බලමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් ජාතික අධ්‍යාපන ආයතනය මූලික කරගනිමින් පිහිටුවා තිබෙන අතර එම කමිටුව මගින් සමාන්‍ය පෙළ විභාගයට විෂයන් 06 ක් තිබිය යුතු බවට සාකච්ඡා කරමින් තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
එහෙත් ඉතිහාසය, භාෂාව හා ආගම යන විෂයන් කිසිසේත් වෙනස් නොවන බවද අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේය.
කෙසේ වෙතත් පුරවැසි අධ්‍යාපනය ප්‍රජා පාලනය, ඉතිහාසය සහ භූගෝල විද්‍යාව යන විෂයන් අන්තර්ගත කරමින් පුරවැසි අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව ලෙස නව විෂයක් හඳුන්වාදීමට විද්වත් කමිටුව යෝජනා කර තිබූ බවද අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් වැඩේ දෙන්නද කොහෙද ලැහැස්ති වෙන්නේ...? දොස්තරලගේ බදු ගැහැව්වා අයින්කළා. අලි අලන්න ගියා අකුලා ගත්තා. ගුරුවරියන්ට ඇඳුම් මැහැව්වා ඇනගත්තා. ළමයින්ට හොඳ දැනුමක් ලබා දෙන්න විෂයන් අඩු කරලා හරියන්නේ නැහැ. අන්තිමට කියයි එක විෂයක් තිබුණාම ඇති කියලා. උපදේශකයෝ නම් ලාහෙන් එකතු කරන්න ඉන්නවා. නිකම් පිස්සු වැඩ කරන්න එපා දෙයියන්ගේ නාමෙන්....
හොඳ තීරණයක් !!!
ඇත්තටම අවශ්‍යයි! 10, 11 වසර වලට ආගමත් ඕනේ නෑ. ගණිතයත් සරල ගණිතය සහ advance Math කියලා තොරගන්න පුළුවන් විදිහකට තිබුනොත් හොදයි. එතකොට තමාගේ හැකියාවට අනුව තොරගන්න පුළුවන් ගණිතය ඉදිරි අධ්‍යාපනයට බාධාවක් නොවී.
සමාජ අධ්‍යනය කියලා විෂයක් මීට කාලයකට පෙරත් තිබුණා. ඒක නැතිකරලා විෂයන් කීපයකට කැඩුවේ මොකද කියලා සොයලා බලලම මේ වෙනස් කිරීම නැවත ආරම්භ කලානම් තමා හොඳයි.
මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගෙයි . එක එක පැලැස්තර අලවනවා නමුත් එන්න එන්න ළමයි රොබෝවරු වගේ වැඩ කරන්නේ , ගුරුවරුත් පොතේ තියන දේම ගිරවු වගේ කියවනවා අතලොස්සක් පමණයි හරියට විෂය ගැන ප්‍රායෝගික අත්දැකීමෙන් උගන්නනේ . ඊළඟට රැකියාවක් කරන්න ගියාම එක කරගන්න බැ. තමන්ගේ කියල කිසිම කර්මාන්තයක් කරගන්න බැරි යැපෙන්නෝ ටිකක් බිහි වෙනවා
ෆේල් වෙන ප්‍රතිශතය වැඩි නිසා ඔක්කොම විෂයන් ඉගැන්වීම සහ සියලු විභාග නැවතිය යුතුයි.
දේසපාලකයෝ පිස්සෝ කියන එක හැමෝම දන්නවා. අනාගත ළමා පරපුරත් පිස්සෝ කරන්නයි ඔය හදන්නේ. එන එන ආණ්ඩුව අධ්‍යාපනයට ඇඟිලි ගහල අද වෙලා තියෙන්නේ ළමයි වැඩිපුරම ඉගෙන ගන්නේ අමතර පන්තිවලින්.
1988 ත් ඕක කරලා අපිව අතරමන් කලා
1988 ත් ඕක කරලා අපිව අතරමන් කලා
හරිම හොඳ දෙයක්. නාටාමි බැග් ක්‍රමය වෙනුවට ටැබ් දෙන්න. ෆින්ලන්තය ලෙස හදමු. ජය වේවා. අකිලට සහ රනිල්ට.
මම හිතන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ කියල දෙකක් අවශ්‍ය නැහැ. එකක් තිබුණහම ඇති.
ලුම්බිණි ! හරියට හරි. විභාග ඕනෙම නැහැ. ඔය දෙකම පාස් නැති උන් තමා තීරණය කරන්නේ විභාග ගැන රට ගැන.