ඩී.ජී.සුගතපාල
උණවටුනේ පිහිටි ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ අංගනයේ තිබු සේප්පුවක් කපා සොරකම් කිරිමට තැත් කිරිමේ දී අත්අඩංගුවට ගත් එම නඩු භාණ්ඩ අංගනයේ අධිකරණ ආරක්ෂකයා 13 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබුවේ සසික ලවන් උබේසිරි ජයවර්ධන නමැති අධිකරණ ආරක්ෂකයෙකි.
රජයේ දේපලවලට අනර්ථය සිදු කිරිම ,සොරකම් කිරිමට තැත් කිරිම යන චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇත.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක මත හබරාදුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට යනවිට එහි සිටි පිරිසක් සේප්පුව සහ එය කැපීමට ගෙන එන ලද උපකරණ ද අතහැර දමා පළා ගොස් ඇත.
පසුව මොහු බීමත්ව එහි සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සොරුන් විසින් අතහැර දමාගොස් තිබු සේප්පුව කැපීමට ගෙන එන ලද උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ඡායාරූප - රවී ලියනගේ



2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සේප්පුව කැපීමට ගිය අධිකරණ ආරක්ෂකයා රිමාන්ඩ්
kin benat Sunday, 05 August 2018 09:27 AM
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේකට තමයි. අධිකරණ අංගණයේ තියෙන බඩුටික දැක්කම අපේ අධිකරණවල කාර්යක්ෂමතාව හොඳින් මැනගන්න පුළුවන්...