IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට

(ඩයනා උදයංගනී)

බත්තරමුල්ල ප‍්‍රදේශයේ පිහිටි රජයේ කාර්යාල සඳහා සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය මෙම මස 18 වැනිදා සිට ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ අනුව එම ප‍්‍රදේශයේ කාර්යාලවල සේවය කරන්නන්ට උදෑසන 7.30 සිට සවස 5.00 දක්වා කාලය ඇතුළත කැමති පැය 8ක කාලයක් සේවය කිරීමේ අවස්ථාව හිමිවන අතර උදෑසන 9.15 සිට සවස 3.15 දක්වා කාලයේදී ඔවුන් අනිවාර්යයෙන්ම කාර්යාලයේ රැදී සිටිය යුතු බව ද අමාත්‍යවරයා කියයි.

රාජ්‍ය ආයතන 41 ක්  තිබෙන බත්තරමුල්ල ප‍්‍රදේශයේ දැනටත් පිටකොටුවට වැඩි රථ වාහන තදබදයක් පවතින බවත්  ඉදිරි වසර 3 තුළ එම ප‍්‍රදේශයේ තවත් රාජ්‍ය ආයතන 113 ක් ස්ථාපිත කෙරෙන බැවින් රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන බවත් ඇමතිවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීමට අවසර ලබාදෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගියදා චක‍්‍රලේඛයක් නිකුත් කර තිබිණි.



අදහස් (6)

සුනම්‍ය කාර්යාල වේලාවක් හඳුන්වාදීම 18 දා සිට

ප්‍රීති Tuesday, 12 September 2017 02:29 PM

ආයේ කතා දෙකක් නැහැ, කාර්යාලවල සේවකයෝ සුහදව සැලසුම් කරගත් කාල හුවමාරු ක්‍රමය මත, (උදේ 9.15 සිට 3.15 දක්වා නිලධාරී වැඩකිරීම හා පියන්ලා ටික ඉතිරි කාලවේලාව තුල හුවමාරු ක්‍රමයට පෙනී සිටීම) ඉතාම සුහදශීලීව නිලධාරීන් පැය හයේ සේවා මුරය නියමෙටම ක්‍රියාත්මක කරයි. අනේ මේ අපි නොදන්නා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයෝ????

:       204       608

vishaka Tuesday, 12 September 2017 11:44 PM

උදේ 9.15 සිට 3.15 දක්වා විතරක් ඉදියි. මේක අවභාවිත කරනවා කරනවාමයි

:       0       50

tilan Tuesday, 12 September 2017 11:45 PM

අදටත් සමහර අය මෙහෙම තමයි වැඩට එන්නේ මේවගේ ඉදන්. ශරිරෙ හොරු ඉන්නේ. කරන වැඩකුත් නැහැ. මිනිස්සුන්ව රස්තියාදු කරනවා

:       0       42

lal Tuesday, 12 September 2017 11:56 PM

උදෑසන 7.30 කවුරුත් එන්නේ නැහැ. හැමෝම 3.15 ට ගෙදරනම් යයි. එතාකොට මොකද වෙන්නේ?

:       0       46

lankaputha Wednesday, 13 September 2017 04:23 AM

7:30 ඉඳන් 6:30 වෙනකම් කරනම්, හවසට ගෙදර යනගමන් අපේ වැඩත් කරගෙන යන්න තිබුන

:       0       54

shan saudi Wednesday, 13 September 2017 05:53 AM

සියලු රජයේ කාර්යාලවලට අනුබද්ධ විශ්‍රාම ශාලාවක් බැගින් ස්ථානගත කර රුපියල් 35 වැනි මුදලකට දිවා සහ රාත්‍රී ආහාරද රුපියල් 20 උදේ අාහාර වේලද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු වහාම ඇති කරන්න. මන්ද පිට පළාත් වල සිට එන ජනතාව දවල් 1 හෝ 2 කාර්යාලවලට පැමිණෙන විට සේවකයන් සේවය අවසන් කර ඇති නිසා එදින රාත්‍රිය එහි ගතකර පසුදින කාර්ය කරගන ආපසු යාම සදහා උදේ 8 වැඩ පටන්ගන්න ආයතන උදේ 9,30 ආරම්භ නොකරන අතර සවස 4 අවසන් කරන සේවාව හවස 3 වනවිට අවසන් කරන රටක මේ අලුත් පටිපාටිය අනුව උදේ 10.30 සවස 2 වන විට ආරම්භ කර අවසානවන නිසා සේවා කාලය පැය හතරක සීමා වනු නියතය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 300 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site