එෆ්.අස්ලම්
නැවතත් ආයුධ සන්නද්ධ ත්‍රස්ත අරගලයකට යාම මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක් කිරීම සිය දේශපාලන ස්ථාවරය බවත් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂයේ නායක කන්දසාමි ඉන්බරාසා මහතා සදහන් කරයි.
එමෙන්ම දකුණේ සිංහල ජනතාව අතර වැරදි ප්‍රචාර ගෙනයමින් සිංහල දෙමළ ජනාතාව අතර ගැටුම් නිර්මාණය කිරීමට උත්සහා කරමින් දේශපාලන වාසි බලාපොරොත්තු වන ෆොන්සේකා, විමල් වීරවංශ වැනි දේශපාලකයින් අත්අඩංගුවට ගෙන පුනරුත්තාපනය කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
‘‘කළුකොටි දින සැමරුම් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. ඊට තහංචි වැටුනෙත් නැහැ. ඒ පිළිබද කිසිදු ප්‍රකාශයක් රජය විසින් සිදුකලෙත් නැහැ. මේ සැමරුම් අපි සිදුකළේ රහසිගතව නොවෙයි. ආරක්ෂක අංශ ඒ ස්ථානවල සිටියා . ඒ වගේම කළු කොටිදින සැමරුම් සිදුවූ කිසිදු ස්ථානයක කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් හෝ කිසිදු කලබලයක් සිදුවුනෙත් නැහැ.
රජය පුනරුත්තාපනය කළ හිටපු කොටි සාමාජිකයින් වශයෙන් පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂය විදිහට තමයි අපි මේ සැමරුම් සිදුකළේ. හිටපු කොටි සාමාජිකයින් වූ අපි ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පුනරුත්තාපනය වෙලා ආයුධ සන්නද්ධ අරගල මුළුමනින්ම ප්‍රතික්ෂේප කරල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අරගලයක් කරන්න මැතිවරණ කොමිසම ඉදිරියේ සහතික වෙලා ලියාපදිංචි වෙලයි ඉන්නේ.
දකුණේ සිටින අන්තවාදී පාර්ශ්වයන් සිංහල ජනතාව අතරට වැරදි ප්‍රචාරයන් ගෙනයනවා. එතුළින් ඔවුන් නැවතත් සිංහල - දෙමළ අරගලයක් නිර්මාණය කරල රජයද අවුල්සහගත කරමින් දේශපාලන වාසි ගැනීමට උත්සහා කරනවා.එසේ කටයුතු කරන සරත් ෆොන්සේකා, විමල් වීරවංශ වගේ අය මුලින්ම අත්අඩංගුවට අරන් පුනරුත්තාපනය කරන්න ඕනෑ.
අප මේ රටේ වෙසෙන ශ්‍රීලාංකික පුරවැසියන්. මියදුනු අපගේ ඥාතී හිතමිත්‍රාදීන් වෙනුවෙන් පූජාවන් සිදුකලා කියල රටේ නීතිය හා සාමය කඩවෙන්නෙ කොහොමද. අප පුනරුත්තාපනය වෙලයි සමාජගත වෙලා ඉන්නෙ. අපව තව තවත් ත්‍රස්තවාදීන් කියල කතුරෙන් අනින එක පිළිගන්නෙ කොහොමද කියල දකුණේ සිංහල ජනතාව තමයි කියන්න ඕන. එහෙම බලනවා නම් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග ජිනීවා දක්වා සාකච්ඡා 22ක් කරපු සියළු පාර්ශවයනුත් ත්‍රස්තවාදීන් තමයි. ඔවුන්වත් අත්අඩංගුවට ගත යුතුයි නේ.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මියගිය අය අවුරුද්දේ කැමති දවසක සිහි කිරිමේ අයිතිය මේ රටේ ඕනෑම පුරවැසියකුට තිබෙන නමුත් තහනම් සංවිධානයක ලාංඡන හා නාමයන් භාවිතා කරමින් ප්‍රසිද්ධයේ සැමරුම් වැඩ සටහන් හෝ උත්සව පවත්වන්න කිසිම සංවිධානයකට හෝ පුද්ගලයකුට අයිතියක් හෝ නිදහසක් නොමැති බවට ඔබලා අවබෝධ කරගත යුතුය.
හරියට පුනරුත්ථාපනය වෙලා නැහැ.කොටි සංවිධානය ලංකාවේ තහනම්.
සහෝදර, සහෝදරියනි ! උතුරේ සිටින ඔබලා පමණක් නොවේ දකුණේ සිටින අපිද එකතුවී මේ තුච්ච තක්කඩි දේශපාලකයින් ටික හා ඒ අයගේ හෙන්චයියලා ටික පන්නන දින වැඩි ඈතක නම් නොවේ.
පුනරුත්තාපනය වෙලාද නැත්ද කියන එක ක්‍රියාවෙන් ඔප්පු කරල පෙන්නන්න ඕන....... එහෙම නැතුව කතා අපිට වැඩක් නැහැ .
මියගිය කොටි සැමරුමට මාද විරුද්ධයි.කොටි සංවිධානය තහනම් සංවිධානයක්. ඒත්,අපේ පැත්තෙත් අඩුපාඩු තියෙනවා.කොටින්ටත් පෙර රටේ තස්ත්‍රවාදී අරගල කල ජේවීපී එක ඒ නමින්ම ඉල් මහ සමරුව පවත්වනවා. ඒ නමින්ම දේශපාලන පක්ෂයක් තියෙනවා. ස්ට්‍රයික් සහ අරගල කරනවා. ඒත් ඔවුන්ට පෙර නමින් වැඩකිරීමට කිසිම තහනමක් නැහැ. මේවා ගැන කිසිදු වගක් නැතිව සිටින අපට උතුරේ වරද පමණක් පේනවා. කව්රු කලත් වරද වරදමයි.
කතුරෙන් අනින්නේ ඔය දෙන්න විතරක්ද කියල මධ්‍යස්තව හිතලා කතා කරනවනං හොඳ නැත්ද ?
මේ පාර සතුරා එන්නේ මිතුරෙක් ලෙසට, බලධාරිනි විමසිල්ලෙන් සිටින්න.
අවුරුදු 26 ක යුද්ධයෙන් වැඩිපුරම බැටකෑවේ උතුරු නැගෙනහිර ජනතාව ඔවුන්ගෙනුත් පණ එපා කියල යුද්ධ කෙරුවේ මේ පණ බේරාගත්තු ටික දෙනා. ඔවුන් දන්නවා යුද්ධයේ නිෂ්ඵල බව. ඉතින් අයෙමත් යුද්ධ කරන්න පටන්ගත්තොත් වැඩියෙන්ම දුක් විඳින්න වෙන්නේ මෙයාලටයි පවුල්වල අයටයි කියල හොඳින්ම දන්නවා.