(තිළිණි ද සිල්වා)
සිර දඬුවම් විදිමින් සිටියදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ මුදා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වන බව සඳහන් කරමින් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ ගොනු කළ අයිතිවාසිකම් පෙත්සමට අදාලව උපදෙස් ලබාගෙන කරුණු දැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.
සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද (10) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ වගඋත්තරකරුවන්ගේ උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කාලය ලබා දෙන ලෙසයි. ඒ අනුව පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 10 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එමෙන්ම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපති, ජනාධිපති ලේකම්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු පාර්ශව කීපයක් වෙත නොතීසි යවන ලෙස ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට දැනුම් දුන්නේය. පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය කියා සිටියේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය මගින් වසර 19 ක සිරදඬුවම් නියම කර එය වසර හයකින් ගෙවිය යුතු බවට තීන්දුවක් ලබා දුන් බවයි.
එවැනි චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම තුළින් ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්නැලිගොඩ කියන්නේ පාවාදීමටම ඉපදුණු පරම්පරාවක්... මේ මනුස්සයා රටේ යුධ රහස් එල්.ටී.ටී.ඊ එකටත් ජාත්‍යන්තරයටත් දීලා තමයි ඔය ගෑණු මනුස්සයාට කන්න දීලා තියෙන්නේ. තමන්ගේ ම අසූචි කෑවා නම් ඊට වඩා හොඳයි. මෙන්න මේ ගෑණු මනුස්සයා රටෙන්ම එළියට විසිකරලා දාන්න ඕනෑ කුණු ගොඩක්.. පිළිලයක්
නීතිය බල්ලට ගිහින්....
රාජපක්ෂලා තමයි එක්නැලිගොඩට කොටි ලේබල් ඇලෙව්වේ. අද වෙනතුරු කිසිම අධිකරණයකින් හෝ නීතිමය පරීක්ෂනයකින් හෝ වෙනත්ම කිසිම අන්දමකින් ඔහුගේ කොටි සංවිධානය සමග සම්බන්ධ කමක් හොයාගෙන හෝ ඔප්පු වී නැහැ. කරුණු එසේ නම් සේනලා වගේ අය රස කරකර අනුභව කරන්නේ කාගේ අසූචි දැයිි අපට ඉතා පැහැදිලියි.
තමන්ගේ මව හෝ සහෝදරිකට මෙහෙම දෙයක් වූවානම් සේනලා වගේ වහල්ලු ඔවැනි ප්‍රකාශ කරන්නේ නැහැ.
එක්නැලිගොඩ මහත්මිය 19 පාවිච්චි කරනවා.. මොකක්ද දැන් ප්‍රශ්නේ?