සෞදි අරාබියේ ඇබ්ක්වේක් සහ කුරේයිස් පළාත්වල පිහිටි ඉන්ධන කර්මාන්තශාලා දෙකක් ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීම හේතුවෙන් ගිනිගෙන ඇතැයි වාර්තා වේ.
සෞදි බලධාරීන් පවසන්නේ ස්ථාන දෙකෙහිම ගිනිගැනීම් මේ වනවිට පාලනය කර ඇති බවයි.
ගිනිදැල් සහ දැවැන්ත දුම් රොටු අහසට විහිදෙනු දක්නට ලැබුණු බව බලාසිටින්නන් පවසා ඇත.
යේමනයේ හවුති සටන්කරුවන් විසින් ප්‍රහාරය එල්ල කර ඇතැයි සැකකරන නමුත් මේ සම්බන්ධව සෞදි මාධ්‍ය කිසිවක් පවසා නැතැයි සඳහන් වේ. ඉරානය හවුති සටන්කරුවන්ට ආධාර සපයයි.
කෙසේවුවද ඉරානය මෙම චෝදනා ප්‍රත්ක්ෂේප කර තිබේ.
සෞදි අරාබියේ නැගෙනහිර දහරාන් නගරයට කිලෝමීටර් 37ක් නිරිත දිගින් පිහිටි ඇබ්ක්වේක් නගරයේ ලෝකයේ විශාලතම තෙල් පිරිපහදු කම්හල පිහිටා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
චන්ද්‍රිකා ඡායාරූප අනුව නම් ෂුවර් එකටම කිම් ජෝන්ගේ ගේමක්. දුර ප්‍රමාණය දිහා බැලූබැල්මට බැලුවාම නම් මිසයිලයකට මිස මෙවැනි දුර ප්‍රමාණයක් ගමන් කිරීම අපහසුයි. එසේ නැතිනම් සෞදියේ ඇතුළටම කැරලිකරුවන් ගිහින් තියෙන්න ඕනේ... නැතහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හෝ ඕමානයේ පැත්තෙන් ඇතුළු වියයුතුයි. කාගේ ගේමක්ද? ඔය හින්දා අපේ තෙල් මිල වැඩිවෙලා අපිටම තමයි පව් ගෙවන්න වෙන්නේ. අපේ සාක්කුවට දැනෙන්නේ එතැනදී තමයි..
ඉතාම භයානක තත්වයක්. අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක් ගලා එන්නේ සෞදියේ සේවකයින්ගෙන්...
ඉරාන රජයේ උදව් ලබන යේමනයේ හූටි කැරලිකරුවන්ගේ මිලිටරි ප්‍රකාශකයෙකු මෙම ප්‍රහාර දෙකෙහිම වගකීම තමන් බාරගන්නා බව ඔවුන්ට අයත් ප්‍රවෘත්ති සේවය මඟින් නිවේදනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. බුකියාක් සහ කුරයිස් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට පහර දීම සඳහා ඩ්‍රෝන යානා 10ක් යවා ඇතැයිද සෞදි අරාබියාව යේමනයේ ගෙනයන යුද්ධය දිගටම පැවතුනහොත් සෞදි රාජ්‍යයට එරෙහි කැරලිකරුවන්ගේ ප්‍රහාර වඩාත් නරක අතට හැරෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවූ බවද එම වාර්තාවල දැක්වෙයි. යේමනයේ හූටි සටන්කරුවන් මීට පෙර සෞදි අරාබියානු දේශසීමාව හරහා ප්‍රහාර දියත් කර ඇති අතර, පසුගිය මාසයේ ෂේබා තෙල් පිටියට ඩ්‍රෝන යානාවලින් සහ මැයි මාසයේ තෙල් පොම්පාගාර 2කට පහර දී තිබේ. මෙම ප්‍රහාර දෙකම ගින්නට හේතු වූ නමුත් නිෂ්පාදනයට බාධාවක් නොවීය.
සෞදියේ අයගේ හැටි කගෝෂි ඝාතනයෙන් ලෝකෙටම පැහැදිලි වුණා. ප්‍රසිද්ධියේ වෙන රටවල ඔහොම මිනීමරනවා නම්, උන්ගේම රටේ කොහොමට ඇද්ද කියලා පොඩ්ඩක් හිතන්න ඕනේ...
අල්ලාහ්ගේ කැමැත්ත අනුව සියල්ල සිදුවේ.