IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සෙත්සිරිපාය හා ඉසුරුපාය යාකරන්න ගුවන් මඟක්

බත්තරමුල්ලේ සෙත්සිරිපාය 1 කොටස, සෙත්සිරිපාය 2 කොටස සහ ඉසුරුපාය සම්බන්ධ කරමින් ගුවන් මාර්ගයක් ඉදිකිරීමට පියවර ගන්නා බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම ගොඩනැගිලි තුන යා කරමින් ඉදිකෙරෙන මාර්ගයේ වැඩකටයුතු මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බවත් නාගරික සංවර්ධන අධිකාරියට හා සමෘද්ධි යෝජනා ක්‍රමයට අයත් ඉඩම්වලින් රජයේ ආයතන සඳහා කාර්යාලයීය පහසුකම් සලසාගන්නා බවද ඇමැතිවරයා කියා සිටියේය. 
අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සඳහා මේ වනවිට ඉතා විශාල මුදලක් ගෙවමින් පෞද්ගලික ස්ථාන කුලියට ගෙන ඇති බවත් ඒ වෙනුවට මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකරන බවත් කී ඇමැතිවරයා මෙම ගොඩනැගිලි රජයේ ආයතන සඳහා සාධාරණ කුලියකට ලබාදිය හැකි බව ද පැවසීය.
 



අදහස් (3)

සෙත්සිරිපාය හා ඉසුරුපාය යාකරන්න ගුවන් මඟක්

lanka Monday, 26 June 2017 12:36 PM

ගොඩනැගිලි යා කරනවා නෙවෙයි. ගුවන් පාරවල් හදන්න කාලේ ඇවිත්. බලන්නකෝ කොළඹට එන ප්‍රධාන පාරවල් දෙක හයි ලෙවල් පාරයි ගාලු පාරයි. මොන තරම් තදබදයක් තියෙනවද කියලා. අපට කිසිම වැඩක් පෙන්නේ නැත්තේ ඇයි?

:       0       0

arunalu Tuesday, 27 June 2017 10:08 AM

අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු සඳහා රජයේ ගොඩනැගිලි ඉඳි කිරීම ඉතාම කාලෝචිත පියවරක්. නමුත් ඔබතුමා මේක කරන්නයනවට අනෙක් ඇමතිවරු කැමති වෙන එකක් නම් නැහැ. මොකද කිව්වොත් මේ අය අධික කුලියට අරගෙන තියෙන ගොඩනැගිලි සියල්ලම වගේ එ අයගේ හිත මිතුරන් ගේ හරි ඥාතීන්ගේ හරි ඒවා. සමහර ගොඩනැගිලි වල කුලියෙන් කොටසක් යන්නේ අදාල ඇමතිගේ සාක්කුවට. මේවා නැතිකරන්න ගියොත් ඔබ තුමාගේ ඇමතිකම නැති වේවිද දන්නේ නැහැ... ? ඔබතුමාට මතක ඇතිනේ විදුලිබල ඇමති වෙලා ඉන්නකොට, මණ්ඩලේ හිටිය හොරු අල්ලලා එලියට දමල එතන ලාභ ලබන ආයතනයක් බවට පත්කලා විතරයි ඔබතුමාගේ ඇමතිකම මහ රජානො උදුරාගත්ත. මේක තමයි ලංකාවේ දේශපාලන තිත්ත ඇත්ත.

:       0       0

de silva Thursday, 29 June 2017 07:07 AM

අනේ පුළුවන් තරම් ඉක්මණට ඕක හදන්න... අපිට අඩුවකට තිබුනේ ඕක පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 345 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2150 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1630 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site