බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඝාතනයට ලක්වූ පාතාල නායක සොත්ති උපාලි ගේ වැඩිමහල් දියණිය හෙරොයින් මත්කුඩු පැකට් පහක් සමඟ බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසකදී අත් අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසිය පොලිස් උපාය දුතයකු යොදවා මත්කුඩු පැකට් මිලදී ගැනීම සඳහා සැකකාරියගේ නිවසට යවා මත්කුඩු පැකට් මිලදී ගැනීමත් සමඟ සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියගේ ගවුමේ සගවාගෙන සිටි මත්කුඩු පැකට් 5ක් සොයා ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකාරිය පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසියේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
COMMENTS
ගහේ කටු උල් කරන්න ඕනෙ නැහැනේ...
ගහේ කටු උල් කරන්න ඕනද ?
තමන්ගේ පරවේනියෙන් එන ව්‍යපාරය ඉදිරියටම ගෙනයන මෙවන් දුවරුන් ජාතියේ පිනට පහල වී ඇති බව අපට පසක් වේ.........