Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
(සමන් කුමාර)
හෘද රෝග සැත්කම් සදහා භාවිතා කරන ස්ටෙන්ට් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ගම්පහ විද්‍යාරවීන්ද්‍ර පිරිවෙනේ තෙමහල් ධාතු මන්දිරයට මුල්ගල් තැබීම වෙනුවෙන් අද (05) පෙරවරුවේ පැවැති උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
වෙළෙදපොලේ රුපියල් 75,000 කට අලෙවි වන ලෝහමය ස්ටෙන්ට් එකක් නව මිල අනුව රුපියල් 24,000 ක් දක්වා මිල අඩු කර ඇත. රුපියල් 350,000 කට අලෙවි වූ ඖෂධ මුදාහරින ස්ටෙන්ට් එකක මිල රුපියල් 150,000 ක් දක්වා මිල අඩු කර ඇත.
2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව මෙම මිල නියාමනය සිදු කර තිබේ..
හෘද සැත්කම් සදහා මෙතෙක් වෙළෙදපොලේ ස්ටෙන්ට් අධික මිල ගණන් යටතේ අලෙව් කිරිම තුළින් හෘද රෝගීන් ගැටළු රැසකට මුහුණ දී සිටි බැවින් ඒ පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ස්ටෙන්ට් මිල අඩු කිරිමට පියවර ගන්නා ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දී තිබුනි.
raveendra Saturday, 05 August 2017 10:29 AM
ඔහේට නම් මේවා අවශ්‍ය නැත. මොකද මේවා අවශ්‍ය වන්නේ හදවත් ඇති මිනිසුන්ටය.
Reply : 3020 2808
බද්රානි Saturday, 05 August 2017 11:20 AM
සුනඛයින් ඔබ තුමාට බිරුවට, මොළේ කලඳක් හෝ තිබෙන මිනිස්සු ඔබ තුමාට දොස් කියන්නේ නැහැ. බෙහෙත් වල මිල අඩු කරන එක හොඳ දෙයක් . නමුත් ඒ ඔක්කොටම කලින් මේ රටේ ක්‍රියාත්මක වෙන වෙද මාෆියාව මර්ධනය කර විනාශ කර දමන්න. එය කල හැක්කේ ඔබ තුමාට පමණයි. මාෆියා කාරයෝ මෝඩයින්ව රැවට්ටුවට ඔබ තුමාව රවටන්න බැරි බව ඔවුන් දන්නවා. ඒ නිසා තමයි සුනඛයින් ලවා, ඔබ තුමාට බුරවන්නේ.
Reply : 9114 7012
Shanaka Saturday, 05 August 2017 11:36 AM
මෙයාව තමයි මුලින්ම මේ ආණ්ඩුවෙන් අයින් කරන්න ඕන. බුරනවා විතරයි වැඩ නැහැ.
Reply : 2169 2052
Nimal Saturday, 05 August 2017 12:05 PM
බද්රානි බෙහෙත් ගන්නේ පිටරටින්ද? ඇයි ලංකාවේ දොස්තරලාට ඔච්චර බනින්නේ? ලෙඩක් හැදුණාම බෙහෙත් දෙන්නේ ඔයාද?
Reply : 1473 1438
බද්රානි Saturday, 05 August 2017 09:21 PM
මුදලට අසරණ රෝගීන්ට බෙහෙත් ටික විකුණන කළුකඩ දොස්තරලාට නිමල් මහත්තයලා ආවැඩුවට, අපිට එහෙම මොලේ අමාරුවක් නැහැ. අනික දෙවිගොල්ලෝ වගේ පිටරට දොස්තරලා දැකල තියන අපිට ලංකාවේ කළුකඩ දොස්තරලගේ වෙනස හොඳට තේරෙනවා.. ප්‍රයිවට් බස් එකේ කොන්දොස්තරයි, ලංකාවේ දොස්තරයි අතර අපිට නම් ලොකු වෙනසක් නැහැ. වෛද්‍යවරයෙක් කියන්නේ, වෛද්‍ය විද්‍යාව ප්‍රගුණකළ අයෙක් පමණක්ම නොවෙයි. ඊට ගොඩක් එහා ගිය පුද්ගලයෙක්. එහෙම වෛද්‍යවරු දැන් අපේ රටේ ඉන්නේ අතළොස්සයි. අනිත් ඔක්කොම මාෆියා සංගමයේ සාමාජිකයෝ. එහෙම මාෆියාකාරයින්ගෙන් බෙහෙත් අරන් සුව වෙලා ජීවත් වෙනවට වඩා මැරිලා මනුෂයෝ ඉන්න රටක නැවත සතෙක් වෙලා හෝ උපදින්න තියනවා නම් එ්කත් වාසනාවක්...
Reply : 152 291
K Perera Saturday, 05 August 2017 12:06 PM
මේ ප්‍රතිචාර දමන සමහරුන්ට දෙවියන්ගේ හාල් කැවිලද? මේකේ මිල අඩුකිරීම නරකද?
Reply : 191 1014
පෙරේරා Saturday, 05 August 2017 12:29 PM
මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට නිසි වෙලාවට පහුගිය අවුරුදු දෙකේම බෙහෙත් ලබා දුන්නට ස්තුතියි. පෙර ආණ්ඩුව කාලේ අවස්ථා 2 කදී අපට සිදුවුනා ලක්ෂ 3 ක බෙහෙත් මිලදී ගෙන අපේ මවට ලබා දෙන්න.
Reply : 1411 1519
පෙරේරා Sunday, 06 August 2017 11:15 PM
වැරදුණා, දෙපාරක් නෙමේ තුන්පාරක් කියලා මල්ලි කිව්වා. අමතරව අරගෙන දීපු පෝට් කැතීටර් ගාණත් මතකත් නෑ. ඉස්පිරිතාලෙන් කියනවා පුළුවන් නම් අරන් දෙන්න. එතකොට ඉස්පිරිතාලේ ඒවා දුප්පත් අයට දෙන්න පුළුවන් කියලා. දැන් හොඳයි. රාජිත මහතාට පින්.!!!
Reply : 0 0
anura Saturday, 05 August 2017 12:31 PM
ස්ටෙන්ට් මිල අඩු කළ එක නම් හොඳයි. නමුත් ඒක කරේ කොහොමද කියන එකයි ප්‍රශ්ණය. එක්කෝ මේවා ආනයනය කරන්නන් අධික ලාභයක් ගත්තා විය හැකිය. නැතිනම් ආණ්ඩුව මේවාට ඇති බදු වලින් අධික ලාභ උපයාගෙන ඇත. වඩාත් විය හැකි කාරණය දෙවැන්නයි.
Reply : 108 194
Heshan Saturday, 05 August 2017 12:56 PM
දැන් ඔබතුමා ස්ටෙන්ට් නිකන් දෙනවා කිව්වා නේද?
Reply : 466 604
Damitha Saturday, 05 August 2017 01:13 PM
මේවා අඩු කළාට මදි. ප්‍රසිද්ධියක් දෙන්නත් ඕනෑ. නැත්නම් ජවිපය බොරු කියාවි. මේ සේරම කරලා අන්තිමට රජයේ වෛද්‍යවරු පුද්ගලික වෙදකම් කරන එකත් නැවැත්තු දිනයට තමයි ඔබතුමා නිවන් දකින්න පිනක් කර ගන්නේ....
Reply : 739 806
aravinda Saturday, 05 August 2017 01:38 PM
බෙහෙත් මිල අඩුකිරීම හොඳ දෙයක් වන අතර එයින් බොහෝ රෝගීන්ට යහපතක් වෙනවා නොඅනුමානයි. කවුරු මොනවා කිව්වත්, අද පසු ගිය කාලෙට වැඩිය රෝහල් වල බෙහෙත් තිබෙනවා. එ්කයි යථාර්තය. සමහරුන්ට මේ යථාර්තය දිරවා ගැනීමට ටිකක් අමාරු බවයි පෙනෙන්නේ....
Reply : 720 842
ඩී. ජයදේව Saturday, 05 August 2017 02:46 PM
වැඩ කරලා මහන්සි ඇතිනේ. කරමුද පොඩි ස්ට්‍රයික් එකක්...
Reply : 4 136
ජයවීර Saturday, 05 August 2017 03:17 PM
අරවින්ද ලංකාවෙ ඉස්පිරිතාල ගැනද කථාකලේ? දැන් ඉස්පිරිතාලවල ග්ලූකොමීටර ස්ට්‍රිප් වත් නෑ...ඒවත් පිටින් ගෙනත් දෙන්න ඕනෑ ...ඕකද දිරවන්න අමාරු යථාර්තය?
Reply : 616 1026
sarath Saturday, 05 August 2017 03:21 PM
ඔක්කොම හොරු තමයි බලාගෙන යනකොට...
Reply : 193 163
PA-RA Sunday, 06 August 2017 03:24 AM
මිල අඩු කලේ අැයි? එයත් හෘද රෝගියෙක්ද? කියපු බොරු, සොරකම්, පම්පෝරි, බයිලා, තමන්ගේ සොරකම් වහ ගන්න අනුන්ට හොරා කිව්වට මහජනතාව දනී.
Reply : 8 85
pradeep Mallawaarachci Sunday, 06 August 2017 03:52 AM
මිනිස්සුන්ගේ කුහකකම බලාගන්න පුලුවන් හොඳ අවස්ථාවක් මේ නිව්ස් එකෙන්. කොච්චර හොඳ දෙයක් වුණත් කරන්නේ තමන් අකමැති කෙනා නම් ඒකට විරුද්ධ වෙන එක තමයි අපේ අයගේ කුහකකම. ඒක මේ දාල තියන කමෙන්ට් වලිනුත් අපූරුවට පේනවා.
Reply : 153 243
janatha anura Sunday, 06 August 2017 04:29 AM
සිහලුනි, කරන හරි දෙයට හරි කියමු කතා කරන දේවල් ඉවත දාන්න. දේශපාලනය පිළිකුලෙන් ඉවත දාන්න. තම ආගම අදහන්න. වැරදි දෙයට දේශපාලනය පසෙකලා එරෙහි වන්න.
Reply : 0 5
rohana Sunday, 06 August 2017 05:50 AM
මෙන්න ඇමැතිවරු. මේ වසර 2 ට වෛද්‍ය සේවයට මොනතරම් සේවාවක් කළාද? වෛද්‍ය මාෆියාව මර්ධනය කර ජනතාවට සහන සලසන්න.
Reply : 124 223
sam Monday, 07 August 2017 04:41 AM
මෙතන කොහොමද මිල අඩුකරලා කියලා නැහැ. ටැක්ස් එක අඩුකරලා තමන්ගේ හිතවතුන්ට ස්ටේන්ට් ගෙන්වන්න දීලා ඊට පස්සේ මිල වැඩි කරලා ගාන ගහගනියි. රවී මහත්තයාගේ ගුදම් වලින් ගහන හැටි කිව්වා වගේ.
Reply : 0 0