ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර, අපේක්ෂකත්වය තහවුරු කිරීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එජාප විශේෂ පක්ෂ සම්මේලනයේදී අද (03) සිදු කරන ලදි.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන විශේෂ මහ සම්මේලනයේදී මෙම ප්‍රකාශ කිරීම සිදු කෙරිණි.
පක්ෂයේ මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සම්මේලනයේ යෝජනා ඉදිරිපත් කළ අතර , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනා ස්ථිර කළේය.
COMMENTS
ජයවේවා ශ්‍රී ලංකා ...!!!
කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ ඕකට තමයි...
මේ ඉන්න හැමෝගෙන්ම අපිට ගත යුත්තක් තියේද? පුදුම ජනතාවාදී සමාජ සේවකයෝ. අපිට හරිම ආදරෙයි. පුදුම වෙහෙසක් දරන්නේ අපිට සැපවත් ජීවිතයක් දෙන්න. කරුමෙක මහත... අපිට එ්ක ගන්න වාසනාව නැහැ..
නූගතුන්ගේ ජනාධිපතිට ජයවේවා... ඒදඩු වල යනවා, ගස් නගිනවා, පොල් කඩනවා, තැඹිලි බොනවා, මඩේ යනවා, ගොං කතා කියන, උස නං සිකුරිටි, මිටි නං කම්කරු ජනාධිපතිට ජයවේවා...
හිටපු ජනාධිපතිගේ පුත්‍රරත්නය වන සත්ගුණවත් නිහතමානී ජාති හිතෛශීලී සැමට සෙවන මෙන් උස කොට නොබලා රැකියා ලබාගෙන, නිධන් වදුල හොඳින් පරිශීලනය කළ අපේ මේ මහා පිං කඳක් වන සජිත්ට ජය වේවා..!! අනිත් සියල්ල භංග වේවා !!! මෙයාගේ හාමිනේට ....ස ..ස.. සමාවෙන්න ආර්යාව ....ආර්යාව
සජිත්ගේ ජනපති අපේක්ෂකත්වය තහවුරු වුන හැටි අපි දැක්කානේ? කපන්න බැරි ඇත්ත ඉඹිනවා කියන්නේ ඕකටයි.