බිඟුන් මේනක ගමගේ
නායකත්ව පුහුණු වැඩසටහනකදී හදිසි අනතුරකින් මියගිය හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනි රෝහිණි අතපත්තු මහත්මිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක වන්දියක් ප්‍රදානය කළේ යැයි ද අවශ්‍ය නම් එම මුදල් ප්‍රදානයේ සේයාරූ ඉදිරිපත් කළ හැකි යැයි ද අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
එහෙත් ලංකා ගුරු සංගමය මින් පෙර ඇමැතිවරයාට චෝදනා කළේ රාජ්‍ය සේවකයකු හැටියට අතපත්තු මහත්මිය දායක වූ අග්‍රහාර රන් රක්ෂණ ක්‍රමය යටතේ ඇයට හිමිව තිබූ රුපියල් ලක්ෂ 20 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා දී ඊට වන්දි ප්‍රදානයක් යැයි වැරැදි අර්ථකතනයක් දෙන බවටය.
ඒ අනුව ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකාදීපය ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගෙන් කළ විමසීමේදී මෙම රුපියල් ලක්ෂයක මුදල අතපත්තු මහත්මියට අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ හිමිව තිබූ මුදල් යැයි ඔහු අවධාරණය කළේය.
මුදල් අමාත්‍යාංයෙන් සිදුවිය යුතු මූල්‍ය ප්‍රදානයක් අධ්‍යාපන අමාත්‍යාංශය කළේ කෙසේදැයි ප්‍රශ්න කළ හෙතෙම මෙය තනිකරම ජනතාව නොමඟ යැවීමක් යැයිද චෝදනා කළේය.
ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීමට ලංකා ගුරු සංගමය සූදානම් යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් එක වැරදි ආදර්ශයක්. ඇයට හිමි වන්දියක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නමට හරවාගෙන පම්පෝරි ගහනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෙනම වන්දියක් ගෙවිය යුතුයි.
මෙය සත්‍ය නම් ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයට විරුද්ධව නිසි පියවර ගත යුතුයි. රක්ෂණය, වන්දියක් ලෙස නම් කර ජනතාව නොමග යවා රජයට ලකුණු දමා ගැනීමක් සිදුව ඇත්නම් අදාල අමාත්‍යංශය මියගිය කෙනාට සිදුවූ අයුක්තිය වෙනුවෙන් ඒ අයගේ පවුලෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවු අනතුරකින් මෙම විදුහල්පතිනියගේ ජිවිතය අහිමිවු නිසා ඇයට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වන්දි ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුතු අතර, එසේ කිරීමට රජය බැඳී සිටිනවා යන්න අපගේ විශ්වාසයයි.
අධ්‍යාපන අමාත්‍ය නිලධාරීන් ඇමතිතුමා නොමඟයවා ඇතිබවපෙනේ. මහජනයාට කොකා පෙන්වීම දැන්වත් නැවැත්විය යුතුයි