(විනීතා එම් ගමගේ)
හම්බන්තොට සුචී ජාතික පාසැලේ විදුහල්පතිනි රෝහිනි කුමාරි අතපත්තු මහත්මිය නායකත්ව පුහුණුව දී සිදුවූ අනතුරකින් මිය යාම පිළිඳබව නිලධාරින් හත් දෙනෙකුට විරුද්ධව පරික්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය එම මරණය සිදුවූ දිනවල පැවැසුවත් මේ වනතුරු කිසිදු පියවරක් ගෙන නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
මේ වන තුරු සිදුව ඇත්තේ මානව සම්පත් අධ්‍යක්ෂවරයා සහ නියේජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට ස්ථාන මාරු ලබා දීම පමණක් බවත් මීට වගකිව යුතු බව බැලූ බැල්මට පෙනෙන නිලධාරියෙකු විදේශ පුහුණුවකට යවා ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
ඇය වෙනුවෙන් මේ වනතුරත් කිසිදු වන්දියක් හෝ අනතුරු දීමනාවක් ලැබී නැති බවත් හෙතෙම කියා සිටියේය.
වන්දි ලබාදීම සඳහා මරණ සහතිකය ඉදිරිපත් කළ යුතු නමුත් මරණ සහතිකය ලබා ගත නොහැකි වී ඇත්තේ නිලධාරින් විසින් වගකීම එක් එක් අය මත පැටවීම නිසා මරණ පරික්ෂණය අවසන් කරගත නොහැකි වී ඇති බැවින් යැයි ද ස්ටාලින් මහතා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අනවශ්‍ය පුහුණුව යෝජනා කරපු, එය ක්‍රියාවේ යොදවපු නිලධාරීන් දෙදෙනා මෙකී ගුරුතුමියගේ මරණයට වග කිව යුතුයි. විදේශ ශිෂ්‍යත්ව වලට රට යැවීම නොව ඇත්ත වශයෙන් ඔවුන් එල්ලුම් ගස් යැවීම සුදුසුයි!
පොඩ්ඩක් ඉන්නකෝ මහත්තයා... මේ මැරෙන්නේ නැති කට්ටියගේ බල අරගලය ඉවර වෙනකල්...