එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ක්‍රිකට් සමය නිමාවේදී පළමු පෙළ තරග වලින් සමුගැනීමට තීරණය කර තිබේ.
වසර 2015 අගෝස්තුවේදී ටෙස්ට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා මේ වසරේ එංගලන්ත ගිම්හානය නිමා වන තුරු සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර සිටියේය.
සංගක්කාරගේ උඩුකය සිතුවමක් පසුගිය සතියේදී ලෝඞ්ස් ක්‍රීඩාගාරයේදී නිරාවරණය කරන ලද අතර සංගක්කාර එහි සතුට පළකළේ මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැති තරගයේ ඉනිම දෙකේදීම ශතක දෙකක් ලබාගනිමිනි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.