බිඟුන් මේනක ගමගේ
සීගිරි කේබල් කාර් ව්‍යාපෘතියෙන් සීගිරි පර්වතයට කිසිදු හානියක් නොවන්නේ යැයි ද යෝජිත ගමන් මග වැටී ඇත්තේ උතුරු දොරටුවේ සිට සිංහ පාදය දක්වා පමණක් යැයි ද අදාළ ව්‍යාපෘති සැකසුමෙහි නිරත විදෙස් සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත ඩබ්ලිව්. සරත් පෙරේරා මහතා පැවැසීය.
අදාළ ව්‍යාපෘති යෝජනාව තවමත් සකසා අවසන් නැතැයි ද ප්‍රාදේශීය දේශපාලකයකු ඇතුළු පිරිසක් පැමිණ එම ස්ථානයේ කලබල කිරීම නිසා ව්‍යාපෘතියට අවශ්‍ය තොරතුරු රැස්කිරීම තාවකාලිකව නතර කළේ යැයි ද හෙතෙම කීය.
ව්‍යාපෘතියට ආයෝජනය කිරීමට සූදානම් වූ චීන සමාගම් නියෝජිතයන් අදාළ සිදුවීම නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ද විදෙස් ආයෝජන කැඳවා ගැනීමේදී මෙවැනි සිදුවීම් නිසා රජය පවා දැඩි අපහසුතාවයට පත්වනු ඇතැයි ඔහු කීවේය.
සිදුවීම සම්බන්ධයෙන් විෂය බාර ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන්නේ යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය දේශපාලකයා එම ස්ථානයේ කලබල කරන්නට ඇත්තේ ඔහුට මේ ව්‍යාපෘතියෙන් කොමිස් නොලැබීම විය හැකියි.
ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්නා
ලංකාවේ කිසිම ව්‍යාපෘතියක් කරන්න බැරි ඔය පරිසරවේදියෝ නිසා තමයි.
මෙය ගල ඉදිරියෙන් නොව පිටුපසින් ගලේ ඉදිරිපස දර්ශනයට හානියක් නොවන පරිදි සාදන්න. මා රට රට වල දැක ඇති පරිදි මෙයට කේබල් කාර් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ විදුලි හෝ ‘කොග් වීල්’ සෝපානයක් හෝ දෙකකි.
දැන් බලාගෙන ගියාම ගල උඩට යන්න නොවේ ගලේ පාමුලට යන්න දාන කේබල් කාර් ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කරන්නේ.
අපි ඉතින් අතීත ශ්‍රී විභූතිය කර පින්නාගෙන එකතැන පල්වෙමු. ලෝකය වේගයෙන් ඉදිරියට යන බව ලිඳේ ඉන්න මැඩියන්ට නොපෙනේ.
පෞරාණික ගාම්භිර පෙනුමට නව නගරයක පෙනුමක්.
සීගිරි යෑමේ වටිනාකම නැති වුණා
කේබල් කාර් ශ්රිපදයට හොදයි.සීගිරියට ප්‍රති විරුද්ධ පැත්තෙන් සෝපානයකින් ඓතිහාසික පෙනුමට සුළුවෙන් හානියක් වෙන්නේ.මේ හා සමාන තැනක් පේරු වලත් තියෙනවා ඒවාට කේබල් කාර් සවි නොකරන්නේ නවීන නගරයක පෙනුම එන නිසයි.ෆ්රන්සයේ ඓෆෙල් කුලුනට සීගිරිය සමාන කරන්න බැ ඒක අවරුදු 128.එකේ හදපු කාල වලත් ප්‍රථමික තත්වයේ සෝපානය තිබුණා.
ඔය ගල විදලා, විනාස කරලා, ඒකත් චීනෙට විකුණන් කන්නයි ඔය සැරසෙන්නේ. තව මොකුත් විකුනන්න ඉතුරුවෙලා තිබේදැයි බලන්න.