IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිගරට් නිසා බිලියන 75ක් පිච්චිලා


 
 
විනීතා එම් ගමගේ
 
සිගරට් බදු මගින් ඉකුත් වසරේ රුපියල් බිලියන 107.4 ක ආදයමක් රජයට ලැබී ඇති අතර රුපියල් බිලියන 75 කට අධික මුදලක් සිගරට් නිසා සිදුවන හානි හේතුවෙන් වැය වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රය (ඇඩික්) පෙන්වා දෙයි. 


පසුගිය සමයේ සිගරට් භාවිතය සම්බන්ධව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් රජයට  බිලියන 18 ක පමණ අලාභයක් සිදුව ඇතැයි මුදල් අමාත්‍යවරයා පවසා ඇතත් 2015 සිට 2017 දක්වා රජයට සිගරට් මගින් ලැබූ බදු ආදායම වාර්ෂිකව බිලියන 26. 2කින් වැඩිවී ඇතැයි ඇඩික් ආයතනය පෙන්වා දෙයි. 


සිගරට් බදු වැඩි කිරීම නිසා ජනතාව බීඩිවලට පෙළඹෙන බව සිගරට් සමාගම් පවසතත් එය එසේ නොවන බවත් ජනතාව ක‍්‍රමානුකූලව බීඩිවලින් ඈත් වෙමින් සිටින බවත් එම ආයතනය කියයි. 


ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සිගරට් සඳහා සියයට 80  ක වත් බද්දක් පැනවිය යුතු බව යැයි පෙන්වා දෙන ඇඩික් ආයතනය තවමත් අප රටෙහි සිගරට් බද්ද සියයට 70 ක් පමණ වෙතැයි ද පෙන්වා දෙයි. 


දුම්කොළ සමාගම් සිය ලාභය පසුගිය කාලයේ සීඝ්‍ර ලෙස වර්ධනය කරගෙන ඇත්තේ ඉතිහාසයේ අවම සිගරට් ප‍්‍රමාණය විකිණිමෙන් බව පෙන්වා දෙන ඇඩික් ආයතනය රජයට ආදායම් අහිමි වන්නේ සිගරට් සමාගමේ පාර්ශවයෙන් මිස සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් ආයතන සිදුකරන වැළැක්වීමේ මැදිහත්වීම් වලින් නොවන බව ද පවසයි.  
 



අදහස් (5)

සිගරට් නිසා බිලියන 75ක් පිච්චිලා

Mohammed Friday, 21 September 2018 01:36 PM

සිගරට් සම්පූර්ණයෙන්ම තහනම් කළොත් බිලියන 107ක ආදායමත් නෑ.. වියදම් බිලියන 75ත් නෑ.. පවුල් ප්‍රශ්න අඩුවේ. දරිද්‍රතාවය අඩුවේ. අපේ සල්ලි පිටරට නොයැවේ. කොටින්ම සල්ලි ඉතුරුවේ.

:       0       88

BamunuarachchiFriday, 21 September 2018 10:30 PM

සිගරට් භාවිතය තිබුණු කාලේ කොපමණ රැකියා අවස්ථා තිබුණද? සිගරට් කොම්පැනිය කොපමණ ජනතාවකට රැකියාවල් සැපයුවාද? නිෂ්පාදනය, බෙදාහැරීම, විකිණීම සහ දුම්කොළ වගාව නිසා කී දාහක් රැකියා කළාද? කොපමණ මුදලක් රජයට බදු ආදායම් වශයෙන් ලැබුණාද? සිගරට් බීමෙන් පිළිකා හැදෙනවා කියා සහතික වශයෙන් කියන්නේ නැත. එමනිසා සිගරට් සඳහා ඇති බදු අඩුකර හොඳ වර්ගයේ දුම්කොලවලින් සිගරට් නිෂ්පාදනය කිරීමට පටන්ගමු. මම සිගරට් බොන්නේ නැත... එය වෙනම කතාවකි.

:       1       0

BamunuarachchiSaturday, 22 September 2018 01:09 AM

එතකොට පාඩුව බිලියන 32ක් පාඩුයි. එයත් විශාල පාඩුවක් නේද? කොහොම හරි සිගරට් බොන ජනතාව වැඩිකර ගන්න බලමු. සෞදි අරාබියේ නම් සිගරට් පැකට් එකක් ගත්තාම ගිනිපෙට්ටියක් නිකන් දුන්නා. මෙහෙ සිගරට් 2ක් ගත්තාම එකක් නිකන් දෙන්න යෝජනා කරමු. මට නම් ප්‍රශ්නයක් නැහැ මම සිගරට් බොන්නේ නැත.

:       1       0

ගාමිණී සේරසිංහ Friday, 21 September 2018 03:46 PM

මට හිතෙන්නේ ඔබ කාගේද ලණුවක් කාලා. ඔබගේ අදහස් සම්පුර්ණයෙන්ම නිවැරදි නොවේ. ඔබ කැමතිද නියම සුදුසුකම් නැති දොස්තර මහත්මයෙක් ගෙන් බෙහෙත් ගන්න? එහෙමනම් යන්න ඔය සයිටම් ඩොකෙක් ගාවට...

:       46       1

BamunuarachchiFriday, 21 September 2018 10:45 PM

ඔබත් ලණුවක් කාලා. සයිටම් එකෙන් විභාග පාස්කර එළියට එන දොස්තර කෙනෙකුට සුදුසුකම් නැහැ කියා ඔබ කොහොමද කියන්නේ? රජයේ දොස්තරලා කියන නිසා ඔබත් ඔහේ කියන්නන් වාලේ කියනවා. ඇයි ඔබලා මේ දොස්තරට වඩා අහවල් දොස්තර හොඳයි කියමින් වෛද්‍ය විද්‍යාලයෙන් සමත්වූ දොස්තරලාත් මාරු කරකර බෙහෙත් ගන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31273 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13461 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10987 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 93 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 278 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site