IMG-LOGO

2025 පෙබරවාරි මස 17 වන සඳුදා


සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් රටට කිසිදු හානියක් වෙන්නේ නෑ

(නිමල කොඩිතුවක්කු)

සිංගප්පූරු නිදහස්  වෙළඳ ගිවිසුම මගින් රටට කිසිදු හානිකර බලපෑමක් සිදු නොවන බවත් ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා තරයේ හෙළා දකින බවත්  එජාපයේ ගම්පහ  දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී  අද(29) පැවසීය.

රටේ පවතින සියලූම  නීති අණ පනත් වලට යටත්ව  එම  ගිවිසුම ක‍්‍රියාත්මක බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

        ‘‘සිංගප්පූරු නිදහස් වෙළඳ  ගිවිසුම මගින් සිංගප්පූරුවේ අපද්‍රව්‍ය  ලංකාවට ගෙනල්ලා දොම්පේ ප‍්‍රදේශයේ  පිහිටි ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමක එම අපද්‍රව්‍ය කළමනාකරණය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බවට පසුගියදා ඒකාබද්ධ විපක්ෂය පැවසුවා.

මේක අමූලික බොරුවක් කියලා මම කියනවා. ඒකාබද්ධ විපක්ෂය දැන් ගල් පැලෙන බොරු  කියමින් සිටිනවා.

දොම්පේ ප‍්‍රදේශයේ කෑරගල කියන ස්ථානයේ ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමේ  උසස් විශ්ව විද්‍යාල ආයතනයක් ඉදිකිරීමට  මේ වනවිටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ නිසා මේ අය කියන බොරු චෝදනා අපි තරයේ ප‍්‍රතික්ෂේප කරනවා.

මේ අය ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඒ කණ්ඩායම මේ ගෙනියන දෙකේ  පන්තියේ වැඩ පිළිවළ අපි හෙළා දකිනවා.

සිංගප්පූරුවේ කුණු අපද්‍රව්‍ය ගැටලුව පිලිබඳව  සිංගප්පූරුවේ ‘‘ද බිස්නස් ටයිම්ස්’’  පත‍්‍රයේ පැහැදිලිව තියෙනවා කියලා දැන් ඒකාබද්ධ විපක්ෂය කියනවා. එම පත‍්‍රයේ කොහේවත් නැහැ මෙම අපද්‍රව්‍ය ලංකාවට ගෙන එනවා කියලා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරු  හැටියට අපි මෙයට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.  මේ වගේ සඟරා පුවත්පත් පෙන්වලා ජනතාව නොමඟ යවමින් ඔවුන්ගේ උවමනා ඉටුකරගැනීමට මේ අය අද උත්සාහ ගනිමින් සිටිනවා.

බොරු බිල්ලන් මැවීම අද ඒකාබද්ධ විපක්ෂයේ කාර්ය භාර්‍යය වෙලා තියෙනවා. මේ වගේ බොරු ප‍්‍රචාරවලට අද මාධ්‍යයෙනුත් විශාල ඉඩක් ලැබෙනවා. මේවායේ නිවැරදි කිරීමක් අද මාධ්‍යයේ දකින්න නැහැ.

සිංගප්පූරු නිදහස්  වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් නිවැරදිව  දැන ගැනීම ස්‍ඳහා ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී ලබන 05 වනදා සවස 6.00ට සිදුකරන විද්වත් සාකච්ඡාව සඳහා එක්වන ලෙසට  එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීයවේදින්ගේ  සංගමයේ සභාපතිවරයා ලෙස මම සියලුම මාධ්‍ය  ආයතනවලට ආරාධනා කර සිටිනවා.

වෙළඳ ගිවිසුමක් ගැහුව  පමණින්ම  ඕනෑම දෙයක් ගෙන එන්න පුළුවන්ද කියන ගැටලුව  අද බහුතරයකට තියෙනවා. වෙළඳ  ගිවිසුමක් ගැසූ පමණින්ම  ඕනෑම දෙයක් ගේන්න බැහැ කියලා මම  ඉතා වගකීමෙන්  කියනවා.

අපේ රටේ නීති අන පනත්, බලපත‍්‍ර තියෙනවා. බදු  අඩු කලා කියලා  ඕනෑම භාණ්ඩයක් ගේන්න බැහැ. මේ සියලු අන පනත් වලට යටත්ව  තමයි ඒ කටයුතු සිදුකරන්නේ.

සිංගප්පූරු නිදහස්  වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් කමිටු දෙකක් තියෙනවා.  මේ ගිවිසුමේ යම් යම් වෙනස් කරන්න අවශ්‍ය නම් එම කමිටු මගින් වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා.

මෙම ගිවිසුම අපේ සියලුම නිතී වලට යටත් වෙනවා. ඒ නිසා තවදුරටත් බොරු ප‍්‍රචාර යවන්න එපා කියලා අපි ඒකාබද්ධ විපක්ෂය ඇතුලු සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා එහිදී පැවසීය.



අදහස් (9)

සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් රටට කිසිදු හානියක් වෙන්නේ නෑ

Bamunuarachchi Wednesday, 29 August 2018 06:06 PM

ඔබේ ඔය කතා පැත්තකින් තියලා බදු නැතිව ගෙන්වන්න පුළුවන් බඩු ලැයිස්තුව කියන්නකෝ.

:       364       321

sudath Wednesday, 29 August 2018 06:26 PM

ඇයි දැන් වෙනස් කිරීමක් ගැන කතා කරන්නේ ?

:       138       237

tommy Wednesday, 29 August 2018 07:50 PM

අද රටේ ආනයන වල වටිනාකම අපනයන වලට වඩා බිලියන 10 කින් වැඩියි. දැනට මේ හිගය පිවන්නේ ණය ගැනීමෙනි. මේ ප්‍රශ්නයට එක විසදුමක් නම් නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා රටට ආයෝජන එන්නට සලස්වා එමගින් නිෂ්පාදන ඉහල නංවා අපනයන ඉහල දැමීමයි. ණය ගැනීම හැර, අනිකුත් විකල්ප වලින් මේ දක්වා මේ ප්‍රශ්නයට ප්‍රයෝගික විසදුමක් ලැබී නැහැ. රටට විදේශීය ආයෝජන පැමිණීමේ තවත් වාසියක් නම්, ඒ තුලින් තරුණයින්ට නව රැකියා උත්පාදනය වීමයි. මෙවැනි ගිවිසුම් වලට විරුද්ද වන බොහෝ දෙනා අද කරන්නේ දේශපාලන කෝණයකින් මෙය නිරීක්ෂණය කොට කියන්නන් වාලේ නිදහස් වෙළඳ ගිවිසුම් වලට විරුද්ද වීම පමණයි. එසේ විරුද්ධත්වයක් යමෙකුට තිබෙනවා නම්, ඔවුන් අද රටේ පවතින ආනයන/අපනයන පරතරය නැති කිරීමට ඉදිරිපත් කරන ප්‍රයෝගික විකල්ප යෝජනා මොනවද?

:       1       1

perera Sunil Wednesday, 29 August 2018 11:28 PM

මෙයාට තියෙන සුදුසුකම මොකක්ද මේ වගේ එකක් කියන්න? වගකීම ගන්නවද මේ කියන එක ගැන? හරිනම් එකින් එක අරගෙන කියන්න ඕන රටට අහිතක් වෙන්නේ නැහැ කියල.

:       0       9

මව්බිමේ අනතයා Thursday, 30 August 2018 01:21 AM

ඔහොම තමයි මහබැංකු බැදුම්කර වලටත් කිවුවේ. ඉතින් අපි කොහොම මේවා විශ්වාස කරන්නද ?

:       0       0

නීලා Thursday, 30 August 2018 02:02 AM

කවුද මේ ?

:       0       4

RNG Thursday, 30 August 2018 03:11 AM

ඇයි එහෙනම් ඕක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තුනෙන් දෙකකින් සම්මත කරන්න බැරි..?

:       0       0

එර්දි Thursday, 30 August 2018 04:39 AM

සිංගප්පුරූව වෙළෙඳ ගිවිසුම නරකයි චීන ගිවිසුම් හොදයි. ඒකාබද්ධ විපක්ෂයට චීනෙ හොදයි සිංගප්පුරූ නරකයි. කොහොමත් අපි එක එක්කෙනාගෙන් යැපෙන ජාතියක් වෙලා. අපේ රටේ ස්වාභාවික සම්පත්වලින් අපිට ලෝකේ දියුනුම රටක් වෙන්න තිබුනත් කාලෙන් කාලෙට එන රජයන් රට උකස්කර අපව සෝමාලියාවටත් අන්ත රටක් කරන බවනම් සිකුරුයි..

:       0       2

තාරක Thursday, 30 August 2018 08:49 AM

මොන වෙළඳ ගිවිසුම්ද.ජාතියට අමුඩ ගස්සන්න හදන මේ මැද මාවත යැයි කියාගන්නා නිකාය නිසා තමයි මේ රට ආපස්සට ගියේ. සුද්දගෙ කලිසම ඇඳගෙන,සුද්දගෙ ‍ෆෝන් එක අතේ තියාගෙන, සුද්දගෙ වාහනේ යන එවුන් තමයි මේ දේශීය ආර්ථිකේ ගැන පුරසාරම් දොඩන්නෙ.අපිට තෙල් නැත්නම් යපස් නැත්නම් තාක්ෂණික අමුද්‍රව්‍ය නැත්නම් අපිට ජාත්‍යන්තරය නැතුව ආර්ථිකය හදාගන්න බෑ.සිංහල සංස්කෘතියෙන් අපිට පුරුදු කරල තියෙන්නෙ මහන්තත්ත කම විතරයි.අපි තාමත් දන්නෙ නෑ අනුරාධපුර පොළොන්නරු ශිෂ්ඨාචාර බුදුපිළිම හැදුවෙ ඉන්දියානු කලාශිල්පියො කියල.අපි ගොඩක් දේවල් ගත්තෙ පිටරටින්.ඇයි අපි ඒක පිළිගන්න ලෑස්ති නැත්තෙ?ඇයි අපි 100% ශ්‍රීලාංකික කියල ෆැන්ටසියක් පස්සෙ යන්නෙ.

:       1       61

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඉලංගෙයි තමිල් අරුසකච්ඡ නව ලේකම් සුමන්දිරන්
2025 පෙබරවාරි මස 16 64 0

ඉලංගෙයි තමිල් අරුසකච්ඡ පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව


කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි
2025 පෙබරවාරි මස 16 359 0

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට


තිස්ස පැත්තකට වෙයි
2025 පෙබරවාරි මස 16 1462 4

එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ම


අයවැය අරන් ජනපති හෙට මැතිසබයට
2025 පෙබරවාරි මස 16 477 0

මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


වාර්ෂික කලා පොළෙන්
2025 පෙබරවාරි මස 16 301 0

ශ්‍රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියම වාර්ෂික උත්සවය වන ‘කලා පොළ 2025’ එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31 වැනි අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (16) පැව


පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා
2025 පෙබරවාරි මස 16 826 1

පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 271 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 141 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 970 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site