ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ මහතා මිය යන විට 86 වැනි වියේ පසු විය.
කෙටි කලක් අසනීප තත්ත්වයෙන් සිටි ඒ මහතා ඔහුගේ සීදුවේ පිහිටි නිවසසේදී අද (18) අභාවප්‍රාප්ත වී තිබේ.
සුනිල් ශාන්ත ශූරින්ගේ සංගීත කලාව පෙරට ගෙන යමින් ඒ මහතා කලා ක්ෂේත්‍රයට විශල සේවයක් ඉටු කළේය.
COMMENTS
තවත් කණගාටුදායක ආරංචියක්. එතුමා සමාදානයේ සැතපේවා...!!!
ඔබතුමන්ගෙන් රටට වූ සේවය අතිමහත්... දිවිය පුරා ඔබ මියුරු හඬින් අපගේ හිත් සැනසූ ඔබට ඉතාමත් පින්... ඔබට නිවන් සුව අත්වේවා !!!
ඔබගේ සුන්දර ගීත සදා කල් අපගේ මතකයේ රැඳී තිබෙන බව කිවයුතුයි. ඔබට නිවන් සුවය ප්‍රර්ථනා කරන්නෙමු !!!
සමාදානයේ සැතපේවා !!!
ඔබතුමාට නිවන් සුව ලැබේවා...!!!
ගැඹුරු කටහඬකින් ගීත ගැයූ හෙළ සංගිත ආර රැකගත් සංගීතවේදියාණෙනි, ඔබට අපගේ ප්‍රණාමය...
මගේ සංගීත ගුරුතුමා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාම නිහතමානී උත්තම ගණයේ මහත්මයෙක්. එතුමාට නිවන්සුව අත්වේවා!
නිවන් සුව ලැබේවා...!!!
හෙළ හඬක්, හෙළ රිද්මයක්, සමාදානයේ සැතපේවා.
ඉතාමත් අග්‍රගන්‍ය කලාශූරයෙක්. වල්බිහිවුණු මල් පාත්තියේ ඉතිරි වී තිබෙන අතලොස්සක් වූ අමිල ගණයේ මල් පැළයක් අහිමිවිය. හෙළකලා කෙත තුළ ඔබේ නම තවත් දිගුකාලයක් බබලාවි. ඔබතුමා සිදුකළ සේවයට අපගේ ප්‍රණාමය...!!!
සාදු, සාදු මා කුඩා කාලයේ සිට මේ දක්වා ඔබ ගැයූ මියුරු ගී තවත් අහනවා... මේ දෙරණේම ඉපදේවා!!!
හෙළයට දායාද කල අග්‍රගන්‍ය සංගීත වේදියාණනි , ගුරුතුමාණනි, ඔබගේ ආත්මය දෙව් මව් තුරුලේ සැතපේවා !
සුනිල් ශාන්තයන්ට පසුව එම ශෛලියට ගී ගැයූ ඔබගේ වියෝව හෙළ ගී අඹරට පිරිමැසිය නොහැකි පාඩුවකි. ගැඹුරු කටහඬකින් ගීත ගැයූ හෙළ සංගිත ආර රැකගත් සංගීතවේධියාණෙනි, ඔබ සමාදානයේ සැතපේවා.!
මේ පරම්පරාව නෑති උනාම අපිට ඉතුරු වෙන්නේ හොටු පෙරාගෙන අඩන කිසිම ගුණාත්මක පද රචනා නෑති, තනුවක් නැති ගීත කතාකියන ගායකයො ටිකක් විතරයි. අහෝ දුකකි....... සිංහලෙකු විදියට අපේ රටට කල සේවයට ඔබට තුති...
"කුරුලු පාරාදීසයේ... කුරුලු සිහින සාගරේ ...ඔබ හා විසුමට එන්නෙමි කුරුලු සුරපුරේ" ඔබතුමා එහෙම ගයමින් සුරපුරේට ගියා නේද. නිවන් සැප ලැබේවා.
එතුමා සුනිල් ශාන්තයන්ගේ ප්‍රථම ගෝලයා යැයි මා අසා තිබෙනවා. අවසන් වරට පැවති සුනිල් ශාන්ත සමරු උළෙල දවසේ කියැවුණා එතුමන් නොමැතිව සුනිලුන්ට උපහාර උළෙලක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ඒ බව. ඒ වනවිට එතුමා රෝහල්ගතව සිටියේ. මම සුනිල් ශාන්ත උපහාර උළෙල කිහිපයකට සහභාගී වී තිබෙනවා. සෑම උළෙලක් අවසානයේ ම “ලංකා ලංකා පෙම්බර ලංකා” ගීතය, ජාතික ගීයක් සේ උදාරම් ලෙස ගායනා කළා. ප්‍රේක්ෂකයින් ලෙස අපත් අත්වැල් ගායනයට එක් වුණා. දැන් මේ මොහොත වන විට "අවසනැ ඔබ හට පොහොරට මේ කය මෙහිම හොවමි ලංකා" ගී පදය යථාර්ථයක් බවට පත්ව ඇති.