(චමිල් රූපසිංහ)
මධ්‍යම පළාතේ සෞඛ්‍ය උපස්ථායක පත්වීම ලද 80 දෙනෙකුට මැතිවරණ සමය තුළදි මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුහුණු පාඨාමාලවන් පවත්වනු ලැබු කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය අද (22) මැතිවරණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීහු සෝදිසි කළහ.
එහිදි අනාවරණය වුයේ මධ්‍යම පළාත් සොඛ්‍ය කේෂත්‍රයේ කම්කරුවන් ලෙස සේවයේ නියුතු අය සදහා උපස්ථායක පත්වීම් පසුගිය අප්‍රේල් මාසයේදී ලබා දී ඇති බවත් එම පත්වීම්ලාභින් සදහා කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදි මාස තුනක පාඨමාලවක් අද දින ආරම්භ කළ බවයි.
කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා විසින් මැතිවරණ කාල සීමාව තුළදි අවසර නොගෙනය සාමාන්‍ය ලෙස එහි පුහුණු වැඩ සටහන් පවත්වා තිබේ.
දේශපාලන මැදිහත්විමක් සිදුනොවන නිසා මැතිවරණ දෙපාර්තුමේන්තුවෙන් අවසර ගැනීමක් නොකර සාමාන්‍ය ලෙස පුහුණු පාඨමාලා පවත්වන්නට යෙදුණු බව මැතිවරණ විමර්ශන නිලධාරිවරයා හට කඩුගන්නාව ප්‍රාදේශිය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පැවැසීය.
එහිදි මැතිවරණ රාජකාරියේ නියුතු විමර්ශන නිලධාරිවරයා විසින් මෙහි ඇති ගැටලුකාරි තත්වය පැහැදිලි කරමින් මැතිවරණ කාල සීමා තුලදි මෙහි පැවැත්වෙන පුහුණු පාඨමාලා සදහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් අවසර ගැනීමක් කළ යුතු බව දැනුම්වත් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මැතිවරණ සමයකදී මිනිස්සුන්ට පුහුණු වෙන්නත් බැරිද?
රෝයල් ගිහිල්ලත් සාපෙළ වත් සමත් නැති. ජීවිතේට රස්සාවක් කරලා නැති. අමුතුම හීන මානයකින් පෙලෙමින් ගස් නගින ඒ දණ්ඩේ යන්න දඟලන, අම්මගේ සංගීත ලෙඩේ ඒ විදියටම තියෙන, රෑට ගෙවල් වලට ඇවිත් සතුට හොයන, අණදීලා පඩි වැඩි කරන්න , බඩු මිල අඩුකරන්න පුළුවන් කියල හිතන, ආර්යාව මැදුරේ තියල වෙනම ජීවත් වුන තාත්තගේ ලෙඩ තියෙන, බොත්තමකින් රටේ තොරතුර දැනගන්න හිතන පිස්සු මිනිහෙක් ට චන්දෙ දෙන්න අපට පිස්සුද ?
මෙම පුහුණුවට ගෙන තියෙන්නේ දැනටමත් සේවයේ සිටින පිරිසක් වගේ පේනවා.මෙහිදී කරල ඇත්තේ පුහුණුවක් දීම පමණයි.මෙවඅනි අන්තගාමී කටයුතු රටේ දියිණුවට හානියක්.අපි හිතමු එකම වර්ෂයක ජනාධිපතිවරණයත් මහ මැතිවරනයත් පවත්වා ඊළඟ වර්ෂයේ පළාත් සභාත් පළාත්පාලන මැතිවරණත් පවත්වනවා කියල.මෙම එක් මැතිවරණයකට මාස 4 බැගින් ගතකලොත් එක වර්ෂයකට මාස 8 ක් සංවර්ධනය අඩාල වෙනවා.අවුරුදු දෙකට මාස 16 ක් වෙනවා.කොමිසමේ පිරිස්වලට තේරෙන්නේ නැද්ද මෙයින් උත්තරීතරයි කියන පාර්ලිමේන්තුව අකර්මන්‍ය වෙනවා කියල.
මේ මැතිවරණ නිලධාරීන්ට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ එක එක අපේක්ෂකයන්ට කඩේ යමින් මිනිසුන්ගේ ඔළු වලට කරන බලපෑම පේන්නේ නැහැ. මේ පොඩි දෙයක් අල්ලං දගලනවා. මැකෝගේත් විසිල් විතරයි,බල්ටි නැහැ.