(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් ඉදිරි දින නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස යුද හමුදා කර්නල් නවරත්න අසේල මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා (25) නියම කළේය.
මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කිදීම සඳදහා ඔහු කැඳවනු ලැබුවත් අවස්ථා දෙකකදීම අධිකරණයට නොපැමිණීම නිසා එලෙස නිදහසට කරුණු විමසීමට තීරණය කළ විනිසුරුවරයා ලබන සැප්තැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඔහුට සිතාසි නිකුත් කළේය.
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට ‘‘රක්නා ලංකා’’ සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින්ට විදේශ ගත වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.
ඒ සඳහා අවසර ලබා දෙමින් ලබන සැප්තැම්බර් 10 වැනිදා දක්වා ඔවුන් දෙදෙනාට විදේශ ගත වීමට අවසර දුන් විනිසුරුවරයා ඉදිරිපත් වු අනෙකුත් කරුණු සැළකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතු`ථ නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
560
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාක්කි දෙන්න උසාවි නොආවාට සිතාසි
sampath Wednesday, 25 July 2018 11:15 AM
"උසාවි නොආවාට සිතාසි" මම හිතුවා අපේ ජනාධිපති හා අගමැතිතුමාට කියලා...
සතයපාල Wednesday, 25 July 2018 01:05 PM
උසාවියට සාක්ෂි දෙන්න එන්න එපා කියලා "තුටු පඬුරක්" එහෙම ලැබුණද ආයිබෝවං?