IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සැකකරු පළාගියාට උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ස්ථාන භූමියේ නවතා තිබූ  පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් යතුරැ පැදියක්ද සොරාගෙන පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයක් මත ‍අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද මහතා විසින් වේයන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර ඇත.
 
වේයන්ගොඩ පොලිසියේ නිලධාරී පිරිසක් විසින් පසුගියදා වඩුමුල්ල ප්‍රෙද්ශයේ පදිංචිකරැවෙකු හෙරොයින් ලග තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. 

පොලිස් ස්ථානයේ රදවා සිටි සැකකරු ඉඩ ලද අවස්ථාවක අත්අඩංගුවේන් මිදී පොලිස් ස්ථාන භූමියේ නවතා තිබූ යතුරැ පැදියක නැගී පලා ගොස් ඇත.
 
මෙම සැකකරැ මෙසේ රැගෙන ගොස් ඇත්තේ ඇදිරි නීතිය නිසා වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සේවයට වාර්තා කර සිටි කොළඹ පොලිසියක පොලිස් පරීක්ෂකවරයකුගේ යතුරු පැදියක් බව පසුව හෙලිවී ඇත. එහි යතුරු යතුරුපැදියේම රදවා තිබීම නිසා සැකකරුට එය සොරාගෙන යාමට රැකුලක්වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙලිවී ඇත.

අනතුරුව පොලිස් ස්ථාන බිමේ තිබූ යතුරු පැදිය සොරා ගැනීම හා අත්අඩංගුවේ සිටි සැකකරු පලා යාම සම්බන්ධයෙන් සිදු කෙරැනු පරීක්ෂනයක් මත ඒ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ මෙසේ තහනම් කර තිබේ.
 
 වැඩ තහනමට ලක්ව ඇත්තේ මෑතකදී උසස්වීම් ලද නිලධාරියෙකු බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
 
 යතුරු පැදිය රැගෙන පලායන අතරතුර සැකකරු කිසියම් අපරාධයක් කර අැති බවට ලැබී ඇති ආරංචිවල සත්‍ය තාවය හෙලි කර ගැනීමටද පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
පෙරේදා 16 පොලිස් ජිප් රිය දුටු පුද්ගලයකු යතුරු පැදියක් අතහැර දමා පලා ගෙස් ඇති අතර එය පොලිස් පරීක්ෂකවරයාගේ යතුරු පැදිය බව අනාවරණය වී ඇතැයිද කරුනු දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සදහන් කළේය.
 
පැදිය දමා පලා ගිය සැකකරු පසුව සිදු කෙරැනු පරීක්ෂණවලදී හෙලිවූ තොරතුරු මත   යලි අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.හෙරොයින් ලග තබා ගැනීම, පොලිස් අත්අඩංගුවෙන් පලායිම හා සොරකම් කිරීම ඇතුලු චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

සැකකරු පළාගියාට උප පොලිස් පරීක්ෂකගේ වැඩ තහනම්

Pradeep Monday, 18 May 2020 02:50 AM

පාර්ලිමේන්තුවේ සහ දේශපාලන රැකවල් යටතේ ප්‍රධාන පෙලේ කුඩු මුදලාලිලා තබාගෙන මේ පොඩි එවුන් අත්අඩංගුවට ගැනීමෙන් මත් උවදුර පාලනය කල හැකිද..? නොදන්නා කමටයි අහන්නේ..

:       0       0

rocky Tuesday, 19 May 2020 04:15 AM

කුඩු ජාවාරම් කාරයන් හිරේ ගියාම උන්ට ඇතුලේ ඉඳගන රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් වැඩේ කරගන යන්න දුරකතන පහසුකම් සපයන නිලධාරීන් බන්ධනාගාරෙයේ ඉද්දි මේවා සුළු වැඩ! ඔක්කොටොම ඉස්සෙල්ල බන්ධනාගාරේ සුද්ධ නොකර හරි යන්නේ නැහැ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site