(රංජන් කස්තුරි)

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නායකයින්ගේ නිවෙස්වලට පොලිසියෙන් තර්ජන එල්ල වී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා පැවසීය.

ශිෂ්‍ය නායකයින්ගේ නිවෙස්වලට පොලිසියෙන් ගොස් එම ශිෂ්‍ය නායකයින්ට පොලිසියට බාරවන්නැයි බලකරන අතර එසේ බාර නොවන්නේ නම් නිවසෙහි සිටින අයෙකු හෝ අත්අඩංගුවට ගන්නා බවටද තර්ජනය කර ඇතැයි මංගල මද්දුමගේ මහතා කීය.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු, ශික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සහ තවත් ශිෂ්‍යයකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.