IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රී ලන්කන් ආරක්ෂක ප්‍රධානියා නෙරපන්න නියෝග

(මනෝප්‍රිය ගුණසේකර)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිලධාරීන්ට මරණ තර්ජන කළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා වහාම එම තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ  කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුවු බව කියන දුෂණ වංචා සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙළි කළැයි එම නිලධාරීන්ට නිලධාරීන්ට අඩන්තේට්ටම් හා මරණ තර්ජන කර තිබිණ.

රාජපක්ෂ පාලන සමය තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙස පත්ව පැමිණ මේ දක්වා සේවා දිගු තුනක් ලබාගනිමින් එහි සේවය කරන බව කියන විශ්‍රාමික මේජර් ජනරාල් පියදිගමගේ චන්ද්‍රවංශ නමැත්තා අදාළ තනතුරින් ඉවත් කරන ලෙස බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට මෙලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කොමසාරිස්වරුන්  ලෙස කටයුතු කරන අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා (සභාපති), මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග, පියසේන රණසිංහ සහ හිටපු විගණකාධිපති පී.ඒ පද්මතිලක යන මහත්වරුන් විසින් එලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළව බරපතල කොමිසමට ලැබුණු පැමිණිලි හතරක් සම්බන්ධයෙන් කොමිසම විසින් පරීක‍්ෂණ කරන ලදි. 



අදහස් (6)

ශ්‍රී ලන්කන් ආරක්ෂක ප්‍රධානියා නෙරපන්න නියෝග

Senarath Sunday, 23 April 2017 09:30 AM

වංචා, දූෂණ නැතිව යහපාලනය කරන්න ආපු පාලකයෝ කොහොමද මෙයාට සේවා දිගු 3 ක් දුන්නේ? ඒ කියන්නේ පසුගිය ආණ්ඩුවේ පිරිසත් එක්ක මේ පාලකයෝ හොද සම්බන්ධකම් පවත්වලා තියෙනවා. මෙන්න යහපාලනය...

:       185       294

පිටිගල මිලානෝ Sunday, 23 April 2017 09:34 AM

රට හදන්න නම් මෙවැනි නුසුදුසු පුද්ගලයන් රැකියාවෙන් පහකර වැලිකඩ යවා පුනරුත්ථාපනය කල යුතුයි.

:       268       332

da silva berlin Sunday, 23 April 2017 12:58 PM

මිනිස්සුන්ට මරණ තර්ජන කළානම්, කරනවානම් කොමිසම් පරීක්ෂණ නොව කෙලින්ම පොලිසිය හෝ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට අරන් පරීක්ෂණ කර උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව මොනවද මේ කරන බහුභූත වැඩ?

:       0       1

යූඑන්පීකාරයා Sunday, 23 April 2017 08:15 PM

මේ ගැනනම් කියන්න තියෙන්නේ තව අය ඉන්නවා එලවන්න.

:       0       3

abaran Monday, 24 April 2017 08:26 AM

රණවිරුවෙක්ද කියල හොයල බලලා කරන දෙයක් කරන්න....

:       3       0

Nandalal de Silva - France Monday, 24 April 2017 06:17 PM

මේකා තවම දන්නේ නැතුව ඇති, 2015 ජනවාරි මාසයේදී එයාගේ පරණ මැදමුලන ලොක්කා මහජන චන්දයකින් පැරදුන බව ! එහෙම අය තමා තමන්ගේ පදවිය මදාවිකම්, චන්ඩිකම් විදියට හරවා ගන්නේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site