නාලක සංජීව දහනායක
රටවල් දෙකක් අතර නිදහස් වෙළඳ ගිවිසුම් සකස් කිරීමේදී විවිධ වෘත්තීන් පිළිබඳව දැනීමක් ඇති විද්වතුන් සහභාගී විය යුතු වුවද ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සකස් කිරීමේදී විද්වතුන් සහභාගී වී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා අද (28) පැවසීය.
එබැවින් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකළ යුතු බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.
මෙම නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විවේචන එල්ලවීම නිසා ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කළා. එම කමිටටුව මෙතෙක් ගත් ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපිව දැනුවත් නැහැ. නීතීඥ,වෛද්‍ය,ඉංජිනේරු වැනි වෘත්තීන් හැරණ විට අනෙක් අංශ සඳහා එයටම අනන්‍යවූ නීති රෙගුලාසි නැහැ. එවැනි අවස්තාවකදී සංචාරක වැනි ක්‍ෂේත‍්‍රයන් විවෘත කිරීමෙන් ඒවා ආරක්‍ෂාකර ගැනීමට අසීරුවක් තිබෙනවා.
ඒ නිසා සේවා අංශය ආරක්‍ෂාකර ගැනීම සඳහා නීති රෙගුලාසි ඇතුළත් කළ යුතුයි. සිංගප්පූරුව වෙළඳ රාජ්‍යයක් මිස නිෂ්පාදන රාජ්‍යයක් නෙවෙයි. ඒ නිසා වෙළඳපොළ සඳහා තීරුබදු ඉවත් කිරීම අපේ රටට කෙටිකාලීනව හා දිගුකාලීනව පාඩුවක් සිදුවෙනවා. ඔවුන්ට පළමු වසරතුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 10 පමණ ලාභයක් අත්වන බව සිංගප්පූරුව පිළිගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න ඕන ඒ සම්බන්ධයෙන් දැනීමක් තිබෙන අයයි.
නමුත් මෙම ගිවිසුම අත්සන් කිරීම සඳහා ගිය කණ්ඩායමට එවැනි දැනීමක් නැහැ. ඒ නිසා මේ වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කළයුතුයැයි ද කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේදී අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ස මහත්තයාගේ කාලේ පකිස්තානෙත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුම් සකස් කරනකොට ඔය විද්වත්තුන්ගෙන් අහලද ඒක කරේ?
විද්වත්තු? විද්වත්තු රට කරවන තැන ඉන්නවනම් මෙහෙම වේවිද???
විද්වතෙක් කථාකරයි.
සිංගප්පුරුවට මිලියන 10ක ලාභයක් තියෙනවානම් අපිට කියක් ලාභ වෙනවාද කියන එකත් ගණන් බලන්න ඕනේ. අනික රටේ ඉන්න ඔක්කොම මිනිස්සු එකතු කරගෙන ගිවිසුම් හදන්නේ කොහොමද?
විද්වතුන් කියන්න ඔයා වගේ කට්ටියටද?
ලංකාවේ ඔය විද්වතුන් යයි කියා ගන්නා අය තමන්ගේ වෘත්තීය ගැන පමණක් සිතන, අරක්ෂණවාදයෙන් පෙලෙන මිනිසුන් කොට්ටාසයක් පමණයි. ඔවුන් හැමවිටම රටට අලුත් දෙයක් ගෙන එන්නට තැත් කරනවිට කරන්නේ ගල් යුගයේ තර්ක කියවමින් රට ආපස්සට ගෙනයාමට පමණි.
ලංකාවේ මොන ගිවිසුමද දන්නේ නැහැ විශේෂඥයන්ගේ හා අදාල වෘත්තිකයන්ගේ උපදෙස් අරගෙන අත්සන් කෙරුවේ. අවුරුදු පහලොවක් කැබිනට් ඇමති හා නියෝජ්‍ය ඇමතිකම් දැරුවා එතකොට මෙයාට තමන් නියෝජනය කල ආණ්ඩුවල නායකයන්ට මේ උපදෙස් දෙන්න මතක නැති උනාද දන්නේ නැහැ.
ටොමි ඒගොල්ලෝ කරපු වැරදි හදන්න නේද මේගොල්ලෝ ආවේ. මෙගොල්ලොත් එහෙමනම් වැරදි අතරින් රට සංවර්දනය කල මහින්ද හොඳයි නේද? මේගොල්ලෝ මේ අවුරුදු 3 ට කරපු සංවර්දනය මොකක්ද බදු ගහනවා. සෘජු බදු ගැහැව්වේ වක්‍ර බදු අඩුකරනවා කියලා නමුත් කරගත්තේ පඩි වැඩි කරගැනීම පමණයි.
Tommy, පකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම 2005 ජූනි මස 12 වන දින ඉදලා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනධිපති වෙන්නේ 2005 නොවැම්බර් 19. එතකොට ජනපති කවුද චන්ද්‍රිකා. නිකං බොරු නොකියා ඉන්න.