(විනීතා එම් ගමගේ)
සෞදි අරාබියේ බලහත්කාරයෙන් රඳවාගෙන වකුගඩුවක් ලබා ගැනීමට උත්සාහ කරන බවට පැමිණිලි කළ ශ්‍රී ලාංකික කාන්තාව සේවය කරන නිවස පිහිටි ‘‘දාරියා’’ ප්‍රදේශය බාර පොලිසියට සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් අද (22) යැවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධව දේශප්රීය මහතා ලංකාදීපයට පැවැසීය.
සෞදියේ රියාද් නුවර සිට කිලෝ මීටර් 400ක් පමණ ඈතින් දාරියා පෙදෙස පිහිටා ඇත.
ගෘහසේවය සඳහා ගිය දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ 36 හැවිරිදි කාන්තාවක්, වකුගඩුවක් දෙනතුරු ලංකාවට නොඑවන බව පවසමින් හාම්පුතුන් විසින් රඳවාගෙන සිටින්නේ යැයි ඇගේ දියණියන් තිදෙනා පවසන බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණි. මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට ද පැමිණිල්ලක් නොවු නමුත් මාධ්‍ය වාර්තා අනුව මේ ගැන සොයා බලන ලෙස තානාපති විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය කාර්යාල නිලධාරින්ට දුන් උපදෙස් අනුව කටයුතු කළ බව ද දේශප්‍රිය මහතා කීය.
ඒ අනුව අදාල පොලිසියේ පැමිණිල්ලක් සටහන් කළ බවත් ඇය සේවය කරන නිවසේ හාම්පුතා සමඟ අදාල ගෘහ සේවිකාව පොලිසියට පැමිණෙන තුරු තානාපති කාර්යාල නිලධාරින් එහි රැඳී සිටිනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ නමුත් මෙකී කාන්තාව විදේශ ගත වීම පිළිබඳව සඳහා ලබා දී ඇත්තේ ව්‍යාජ තොරතුරු බව හෙළිවී ඇතැයි ද දේශප්‍රිය මහතා පැවැසීය.
COMMENTS
අයියෝ, පිටරට විකිණෙන එක කවදද ඉවරකරන්නේ?