IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගිවිසුම් රැසක්

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) පෙරවරුවේ සිදු විය.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනපතිවරයා අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. මේ අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබීම ද රාජ්‍ය නායකයින් දෙපළ ඉදිරියේ සිදු විය.

දෙරටේ ප්‍රමිති ආයතන දෙක අතර ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් වන ගිවිසුමකට විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අමාත්‍යවරයා අත්සන් තැබූහ. 

මීට අමතරව දෙරට අතර ආර්ථීක, කෘෂිකාර්මික, ඇඟළුම්, නෞකා යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම, තොරතුරු තාක්ෂණය, ගුවන්විදුලි සහ රූපවාහිනි සංවර්ධනය, විදේශ සේවා නිලධාරින් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම සහ දෙරට අතර රාජතාන්ත්‍රික සහ රාජකාරී ගමන් බලපත්‍ර වීසාවලින් නිදහස් කිරීම ඇතුළු ගිවිසුම් කිහිපයක්ම අත්සන් තැබිණි.

 



අදහස් (3)

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගිවිසුම් රැසක්

Rajen Friday, 14 July 2017 11:41 AM

ඔය ගහන ගිවිසුම් ගොඩක් ඒවා කොළ කෑල්ලකට පමණි. එකම වෙන දේ තමයි ඇමැතිවරුන්ට වෙන රටකට නිකන් යන්න කන්න බොන්න චාන්ස් එක හම්බ වෙනවා. ආමි එකෙන් සැලූට් එක හම්බ වෙනවා.

:       2       407

naradaSaturday, 15 July 2017 06:08 AM

ඒ කතාව නම් සහතික ඇත්ත ...

:       0       34

Athula kSaturday, 15 July 2017 09:28 AM

ඒක නම් හරියටම හරි.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 621 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site