ඇෆ්ගනිස්ථානයේ නිෂ්පාදනය කරන හෙරොයින් මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාව හරහා බටහිර රටවල් වෙත මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කෙරෙන බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සඳහන් කර ඇතැයි ඉන්දියාවේ පළවන ‘ඩෙකෑන් ක්‍රොනිකල් ‘ පුවත්පත වාර්තා කරයි.
පාකිස්තානයේ සිට ඉන්දියාව හරහා ශ්‍රී ලංකාව වෙත රැගෙන විත් එම මත්ද්‍රව්‍ය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් වෙත බෙදා හැරීමේ ජාවාරම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැන් අවධානයෙන් සිටින බවද චෙන්නායි හි ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශ නිලධාරියකු පවසා තිබේ.
ඇෆ්ගනිස්ථානය මෙම මත්ද්‍රව්‍ය නිපදවනු ලැබූව ද ඒවා එක්රැස් කිරීමේ සහ බෙදා හැරීමේ ජාලය පාකිස්තානය විසින් පාලනය කරන බව එම පුවත්පත සඳහන් කරයි.මසකට එවැනි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2000ක් පමණ ප්‍රමාණයක් සඳහා ඉල්ලුමක් පවතින බවත් මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසා ඇත.
මෙම තොරතුරු හෙළි වී ඇත්තේ ඉන්දීය වෙරළාරක්ෂකයන් විසින් ගුජරාට් ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදේ දී යාත්‍රාවක තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1500ක තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවයි.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3500 ඉක්ම වන බව ද සඳහන් වෙයි.
-125
COMMENTS
පාර්ලිමේන්තුවේ සුදු ඇදගෙන ඉන්න ඔය මැති ඇමතිවරු උතුමන්ලාට පින්සිදු වෙන්න අපේ මේ රට දැන් ආසියාවේ ලොකුම මත් කුඩු බෙදා හැරීමේ තිත්පොල බවට පත්වෙලා හමාරයි.
අපි දැන් අන්තර්ජාතික වෙලා. කාටද ආඩම්බර!!
පුදුම වෙන්න දෙයක් නෑ, ඕවට සම්බන්ද දේශපලකයනේගේ නම් ගම පිටින්ම හෙළි කරේ වෙලේ සුදලා, කෝ තම කිසිම පියවරක් ගත්තේ නැනේ.
නැතුව ඉතින්, ලංකාවේ ඉහලම තැන්වල ඉන්න ඉහලම උදවියනේ ඕව කරන්නේ - සියලු රාජ්‍ය සහ පොලිස් ආරක්ෂාව යටතේ!