(එෆ්.අස්ලම්)
ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට තමන් විසින් සිදුකළ ප්‍රකාශය ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසඥයින්ගේ මතයන් මත සිදුකළ නිවැරදි ප්‍රකාශයක් යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් මහතා අද(18)පැවසීය.
ශ්‍රීලංකාවට බුදු දහම පැමිණීමට පෙර මෙරට දමිළ ජාතිකයින් විසූ බව ඉතිහාස මූලාශ්‍රවල සදහන්ව තිබෙන බවත් මෙරට බෞද්ධාගම වැළදගත් මුල්ම ජනකොට්ඨාසයද දමිළ ජාතිකයින් බවත් හෙතෙම සදහන් කළේය.
දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබෙන ශ්‍රීලංකාව බෞද්ධ රටක් නොවන බවට විග්නේෂ්වරන් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පළකර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.
ශ්‍රීලංකාව බෞද්ධ රටක් නොවන බවට පෙන්වා දුන් තම ප්‍රකාශය ගැන මාධ්‍ය මගින් බෞද්ධ සමාජීය හා ආගමික නායකයින්ගේ විවේචන එල්ල වෙනවා.කෙසේ නමුත් මම කළේ නිවැරදි ප්‍රකාශයක්.මම කියනවා මගේ ප්‍රකාශය විවේචනය කරන පාර්ශව වලට මුලින්ම ඒ පැරණි ඉතිහාසය ගැන අවබෝධ කරගෙන කතා කරන්න කියලා.
ශ්‍රී ලංකාවට බෞද්ධාගම පැමිණීමට පෙර මෙරට තුළ දෙමළ ජාතින් ජීවත් වී තිබෙන බව ඉතිහාස මූලාශ වල සදහන් වෙලා තියෙනවා. ඉතිහාසඥයින් මෙන්ම ඉතිහාස මහාචාර්යර්යවරුන්ගේද මතය ඒකයි.ඒ ප්‍රකාශය මා ආවට ගියාට කරපු ප්‍රකාශයක් හෝ බෞද්ධාගම නිගා කිරීමට කරන ලද ප්‍රකාශයක් නොවෙයි.මම ඒ කී දේ ඇත්ත. මගේ කතාව වැරදියි නම් පුරණ මූලාශ්‍රවලට අනුව ඒ කතාව වැරදියි කියල මට කියල දෙන්න.එවිට මා සූදානම් ඒ වරද්ද පිළිගන්න මට මංවත් නොදන්න ඇත්ත කියල දෙන්න කියල මම ඉල්ලනවා. මම පිළිගන්න යැයිද විග්නේෂ්වරන් මහතා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන් ගාල්ලට කියලා දෙන්න. හැබැයි අභියෝගයක් පිට, නුඹ පරාද වුනොත් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ බුදු දහම වැළඳගන්න ඕනෑ. ඔට්ටුනම් වරෙන් කියලා දෙන්න...
කෝ මේ ගෝඨා ඉස්සර ඕක කිව්වා නම් ඉවරයි..
මේ කියන දෙය තාර්කිකව සත්‍යයක්... මොකද ගෞතම බුදුන් පහළ වී වසර 2600ක් වගේ දැනට. ඊට පෙර ලංකාව බෞද්ධ රටක් නෙමෙයි තමයි. ඔය තර්කෙම හින්දු ආගම පැත්තට දැම්මොත් ඒ ආගම බිහිවෙන්න කලින් ඉන්දියාව හින්දු රටකුත් නෙමෙයි. තවත් කල්පනා කරලා බැලුවොත් මේ ලෝකේ මිනිසුන් බිහිවෙන්න කලින් මේකේ හිටයේ ඩයිනසෝරයන් නිසා... මේක ඩයිනසෝරයින්ගේ රට ලෝකය කියලා කියන්නත් කෙනෙකුට පුළුවන්...
කෝ ගෝඨා අාවාම කට පියා ගනියි කියලා හිතපු අය කියන අය? ඒ අය තාප්පවල චිත්‍ර අඳිනවා වෙන්ට ඇති...
ඔහේගේ මොන මුලාශ්‍රයේද ඔය කතාව තියෙන්නේ කියලා කිව්වොත් හොඳයි ඉස්සෙල්ලා. මට හිතෙන්නේ විටින්විට ඔරුවලින් ඇවිත් හොරෙන් පදිංචි වුණු ඔහෙලගේ මී මුත්තා ගැන වෙන්න ඇති කියන්නේ...
මෙයාට කියල දෙන්න බහුතරය අදහන ආගම මත තමයි යම් රටක ආගමිකත්වය තීරණය වෙන්නේ කියලා.
නියමයි නියමයි , ලංකාවේ පාසල් පෙලපොතින් ඉතිහාසය අයින්කෙරෙව්වේ මෙන්න මෙතනට එන්න පාර කපා ගන්න බව දැන්වත් මහලොකු උගත් බුද්ධිමත් නායකයින්ගේ සහ මහජනතාවගේ ඔළුගෙඩි වලට වැටහෙනවානම් හොදයි .මහාවංශය කියන්නේ මොකද්ද දන්නේ නැති ඉතිහාසයේ හිටි රජවරුන් කවුදැයි දන්නේ නැති කොන්ද බිඳගත් ශ්‍රී ලාංකික කියන අමුතු ජාතියෙන් උපන් අපේ වර්තමාන පරපුරට විග්නේශ්වරන්ගේ මෙන්න මේ තර්කයට දියහැකි සාධනීය පිළිතුර කුමක්ද ...
මේක මගේ. රට අපේ රට.
පාහියංගල ඇට සැකිල්ලත් දෙමළ වෙලා මෙයා කියන විධිහට. දෙමළ ජාතිය බිහි වෙන්නත් ඉස්සර හිටපු මානවයෝ එයාලා. අර ටැන්සානියාවේ ඔල්දුවායිගෝජ් වලින් සොය ගත්ත “ලුසී“ ඇට සැකිල්ලත් දෙමළ කියලා කියයිද දන්නේ නෑ මෙයා. නීති විද්‍යාලයේ උගන්වන්නේ නීති ඉතිහාසය විතරයි මම දන්න විදිහට නම්.
කුවේණි දෙමල වෙන්න ඇති නේද? විග්නේශ්වරන් ඔය කියන මහාවංශයේ අපි දැකල නැති ඉතිහාස මූලාශ්‍ර හා ඉතිහාසඥයින්ගේ මතයන් මොනවද කියල අපිත් දැනගන්න කැමතියි එතාකොට ලංකාව පුරා ලියවිලා තියන සෙල්ලිපි ලක්ෂ ගණනක ලියල තියෙන්නෙත් ඔය කියන දෙමල ජනතාව පාලනය කල දෙමල රජවරු ගැනද? මීට වසර දෙදහස් ගනණකට එපිටදී ද යාපනය ප්‍රදේශය එකම සිංහල රජකු යටතේ පැවති බවට යාපනය අර්ධද්වීපයෙන් ලැබුනු පුරාවිද්‍යා සාක්ෂිය වන වල්ලිපුරම් රන් සන්නස ලියවූ වසභරජු දෙමළද ? "සිට් මහරජ වහයහ අමිති ඉසිගිරියෙ නකදිව බුජමිනි ඛදකර අතනෙහි පියගුකතිස විහර කරිති" මෙහි අර්ථය වන්නේ "යහපතක්ම වේවා, වසභ මහරජ රාජ්‍ය කරන කාලයේ නාගදීපය පාලනය කරන කරමින් සිටින ඉසගිරිය අමාත්‍යවරයා විසින් ඛදකර නම් ස්ථානයේ පියගුකතිස විහාරය කරවන ලදී" මුළු ලංකාවම එකම සිංහල රජ කෙනෙකු විසින් පාලනය කල බවට තව වෙන මොන සාක්ෂිද ?
ලංකාව මෙයාගේ පදේට නටන රටක් නොවන බව කියන්න ඕන.
ඔව්.... මේක බෞද්ධ නොව 'සිංහල-බෞද්ධ' රටක්.
සර් එක එක්කෙනා කියන බහු විස්වාස කරලා ප්‍රකාස නිකුත් කිරීමෙන් වෙන්නේ තමන්ගේ උගත් කම හෑල්ලු වෙන එක. සර්ම නිකම් හිතලා බලන්න දෙමල ජාතිය බුද්දාගම වැලද ගත්තානම් ඒගැන කියවෙන එක සෙල් ලිපියක් හරි තියෙනවාද? එක බන පදයක් දෙමලෙන් තියෙනවාද?
මෙයට උත්තර දෙන්න, සත්‍යය පහද දෙන්න, ඉතිහාසය උගන්වන ආචාර්ය, මහාචාර්ය වරු රටේ නැද්ද ?
මෙවන් අතීත කතා අතීතයටම භාර කර වර්තමාන සහ අනාගතය ගැන කතා කරමු. මෙවන් පුහු කතා වලින් සිදුවනුයේ ජාතීන් දුරස්ත වීම පමණි. දෙපැත්තම නිස්ශබ්දවීම වඩාත් යහපත්වේ.
අපේ රටේ ඉතිහාසයත් වෙනස් කියලද මේ කියන්නේ
ලංකාව බෞද්ධ නොවන්නේ හරියට විග්නේෂ්වරන් දෙමළ නොවන අයුරින්ය.
මෙයාගේ මස්සිනා වාසු ගේ වගේ මෙයාගෙත් මොලේ පරීක්ෂා කරන්න වෙයි.
මේවට අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදී මාධ්‍ය කලේ වරදක්
දැන්ද මතක් වුනේ...
මේ අයට මේ තරම් හයියක් ලැබුනේ කොහොමද කියලා හිතන්න ඕනේ. මෙයාලා ඔලුව උඩ තියාන ඉන්නේ විපක්ෂය පක්ෂ විපක්ෂ දෙගොල්ලම හිතන්න ඕනේ රට ජාතියද පක්ෂයද කියලා. මෙතුමාලගේ ජාතිය රැක ගන්න මෙහෙම කියනවනම් සිංහල අපේ රට රැක ගන්න කළ යුත්තේ කුමක්ද ? ඉදිරියට එන මැතිවරණය සිංහල අපට වැදගත්.
හරි කියමුකෝ. දැන් මොකද ? නිකන් ඉන්න.
නරින් හිවලුන් ඉදිරියටම පැමිණ සිංහයන්සේ රගදක්වන්නේ ඇයිදැයි අප හොදින් කල්පනා කල යුතුය.
මේකට මචන් කාරයා මොකද කියන්නේ?
19 වැනි සංශෝධනයට අනුව රටේ මහජන ඡන්දයෙන් බලයට පත්වී සේනාධිනායකයා වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය පදවියවත් දරන්න බැහැ. රටේ ජාතික ආරක්ෂාවට ඒතරම් නොවැදගත් තැනක් දීපු මේ 19වන සංශෝධනය ප්‍රතිශෝධනය නොකර රටක පාලනයක් ගෙනියන්නේ කොහොමද?
ඔව් ඒක ඇත්ත. බෞද්ධ රටක්නම් ලෝකෙ වැඩියෙන්ම අපරාධ සිද්ධ වන රට බවට පත් වෙනවද?
ඕවා අපිට කියන්න එපා.
අනේ අනිච්චං...!!!
මොනවා හරි ඕන වෙලා වගේ.
මොහු තමයි රටට ඉන්න ලොකුම කොඩිවිනය. වස් කවි කියන්න ඕනේ යන්නම. නැවත එළාර ඉපදිලාද කොහෙද ? පුදුම වෛරයක් තියෙන්නේ සිංහලයන් සමග.
පව්. මෙයාව කව්රුත් ගණන් ගන්නේ නැත්තේ මේ වගේ මෙලෝ රහක් නැති කතා එමට කියවන නිසා වෙන්නැති.
ලංකාවේ මුල්ම රජු දෙමල වන අතර අවසාන රජුද දෙමල වේ
ඇත්ත බුදු දහම මෙරටට පැමිනීමට පෙර මෙහි ජන කොටස් ජිවත් වී තිබෙනවා. ඒ දමිළයන් කියා නිගමනය කල හැකි මුත් ස්ථිර කල නොහැකියි. දෙවියන්, යක්ෂයන්, නාගයන් වන්දනා කල පෙර ජන කොටස හින්දු බක්තිකයන් කියා නිගමනය කල හැක. ඒ අතීතය උවද වර්තමානයේ මෙරට මහා ජාතිය බෞද්ධ වන බව සැවොම පිළිගත් යුතු අතර මෙරට වෙසෙන දමිල ඇතුළු අනෙක් සුළු ජාතීන්ටද මෙරට ජිවත් වීමේ අයිතියක් ඇති බව ඔහුන් පිළිගත යුතුය. මෙරට ඉපදෙන සේම පුරවැසියෙකුටම මෙරට සම අයිතියක් තිබෙන බව මේ රට අපේ යයි අපේ විතරක් යයි මොර දෙන බෞද්ධ යයි කියා ගන්නා ඇතැම් කොටස් මොලයට දමාගත යුතුය.
බෞද්ධාගම පැමිණීමට පෙර මෙරට විසූ "නාග ගෝත්‍රය" දෙමළ නොවේ. ඊට පසු දමිළ ජාතිකයින් මලබාර් සිට සංක්‍රමණය වී ඇත
දමිල ජාතිකයන් මෙරටට සංක්‍රමණය වුනේ දකුණු ඉන්දියාවෙන්. නමුත් ඊට පෙර යක්ස සහ නාග ගෝත්‍රිකයන් මෙරට වාසය කල බවට ඉතිහාසයේ ඕන තරම් සාක්ෂි තියෙනවා. රාවන රජතුමා මෙරට පාලනය කල බව වුවමනාවෙන්ම මග හරින්නේ මේ විග්නේස්වරන් ලගේ මතයට පනදෙන්න තමයි.
උන්නැහේගේ කතාවෙත් ඇත්තක් තියනවා. අපේ රටේ වැඩි හරියක් ඉන්නේ ලේබල් බෞද්ධයින් මිස බෞද්ධ ප්‍රතිපත්ති අනුව ජීවත්වෙන මිනිස්සු නෙවෙයි. මේක ඇත්තටම බෞද්ධ රටක් නම් අපේ ජන සමාජය අපරාධ, දුරාචාරවලින් මෙච්චරම කුණුවෙලා තියෙන්නේ කොහොමද...?
වල්ලිපුරම් රන් සන්නස කියවලා එන්න මහත්තයෝ. මහරජ වසභ රජයේ ඇමති ඉසගිරිය නාගදීපය පාලනය කරද්දී බඳකර අතනෙහි පියගුක තිස විහාරය කරවීය. මෙහි වැදගත්කම වන්නේ උතුරු නැගෙනහිර වෙනම පාලන තන්ත්‍රයන් ඉල්ලා සිටි හා සිටින අන්තවාදි කණ්ඩායම් වෙත දෙන පණිවිඩයයි.එනම් පුරා වසර දහස් ගනණක් මුළුල්ලේ සිට සකල ශ්‍රී ලංකාව තුල සෑම දෙසම සිංහලයන්ගේ වාසභූමිය ලෙස පැවති අතර එකම සිංහල රජකෙනකු විසින් පාලනය කර ඇති බවයි. වසර 2500 කට වැඩි ලිඛිත ඉතිහාසයකට උරුමකම් කියන්නේ ජාතින් 2ක් පමණි (චීන , සිංහල ). විග්නේශ්වරන්ලාට මහාවංශය බොරුකළ නොහැක.
මෙයා ඔහොම යනකොට කියයි?.. එංගලන්තයේ, කැනඩාවේ, ස්විට්ස්ර්ලන්තයේ හා නොර්වේ යන රටවල්වලත් ආදි වාසිකයෝ දමිල මිනිස්සු කියයි.
එහෙනම් විග්නේෂ්වරන් ගොයියන් ලංකාවට ආපු අර විජයන් කියන කාල්ලතෝනියාට හමුවුණු කුවේණි දෙමළ ජාතිකයෙක්ද? ඒකාලේ සිටම පැවතුණු දෙමළුන්ගේ ජනගහනය අදවෙන කොටත් 10% වෙන්නත් සිංහලයාගේ ජනගහනය 75% වෙන්නේ කොහොමද? මහාවංශය බොරුනම් නුඹ මේ රටේ ඉතිහාසය ඉගෙනගත්තේ කොහෙන්ද? ලංකාවේ මුල් පුරවැසියන් දෙමළුන් නම් ඔවුන් ලංකාවේ ඝර්ම කලාපීය උතුරට සීමාවෙන්නේ කොහොමද? ලංකාවේ ජනයාගේ පැවැත්ම පිළිබඳ සිතියම බලන 5 වෙනි පන්තියේ ළමයෙකු වුණත් කියනවා දෙමළුන් ඉන්දියාවෙන් පැමිණි ජනතාවක් කියලා.. ඒ වගේම බුදුන්ගේ කාලය ගැන කියවන විට එකල ඉන්දියාවේ දෙමළුන් කියා කොටසක් සිටි බව කියන්නේ නැත. මේ ප්‍රශ්න ටිකට ඩයස්පෝරාවට පිළිතුරු දීමට බැරිවුණා.
රාවනා යුගය අවුරුදු 7000 කටත් වැඩි බව කියවෙනවා බුදු හාමුදුරුවෝ ඉපදී බුද්ධ වර්ෂ 2600 යි.
මොන බම්බුවක්ද? මේ අපි ලියන ඒවා පළවෙන්නේ නැහැ. මොන කෙහෙල්මලකටද අපිට අදහස් ලියන්න කියන්නේ...?