
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන් අතර ද්විපාර්ශවීය සමුළුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ එළැඹෙන 26 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, මහ මැතිවරණයෙන් ජය ලබමින් අග්‍රාමාත්‍ය ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් දෙමින් පසුගිය මාසයේදී සුබ පැතුම් එක් කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන බහුවිධ ද්විපාර්ශවීය සබඳතා සමාලෝචනය කිරීමට එහිදි දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟතාවක් ඇති කරගත්හ. ඒ අනුව විඩියෝ තාක්ෂණය ඔස්සේ අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතරේ මෙම සමුළුව පැවැත්වේ .
දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය හා ආරක්ෂක යන අංශ, අධ්‍යාපනික, සංචාරක හා සංස්කෘතික කටයුතු මෙන්ම, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලුවල දී ද්විපාර්ශ්වික මැදිහත්වීම් යනාදී සම්පූර්ණ පරාසයක විහිදුණු කරුණ සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කිරීමට නියමිත ය.
දෙරටේ අදාළ විෂයභාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සමුළුවට එක්වීමට නියමිත ය.
පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විදේශීය නායකයකු සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන පළමු සමුළුව මෙය වේ.
055
COMMENTS
අපිනම් ඕක යන එන ගමන් සෙල් ෆෝන් එකෙනුත් කරනවා. ඒ වුණත් අගමැතිවරුන්ගේ නිසා පත්තරේ දානවා. බලන්නකෝ ඒකෙත් හැටි.
පරණ යාළුවොනේ ඉතින්.
එකෙත් හැටි, අපි මේ තරම් සෙල් ෆෝන් වලින් වීඩියෝ චැට් කරනවා කවුරුවත් කතාකරන්නේ නැහැ ඒ ගැන.
අතමාරුවක් ඉල්ලගන්න පුලුවන්ද.? වරායෙන් කෑල්ලක් දෙන්නම්.
ගාණක් දෙනවා නම් ඉඩම් විකුණන එක කජ්ජක්ද හාමුදුරුවනේ..?