( තිළිණි ද සිල්වා )
මේ දිනවල දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ලොව ප්‍රධාන පෙළේ රටවල් තුනක් වන ඇමරිකාව,ජපානය සහ එංගලන්තය ඉදිරිපත් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එම රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් තිදෙනා අද (29) විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමු වී මේ බව පැවසූ බව එම ආමාත්‍යංශය කියයි.
මීට අමතරව සාර්ක් සංවිධානයේ මහ ලේකම් අම්ජඩ් හුසෙයින් බී. සායිල් මහතාද කරුණානායක මහතා හමු වී රටේ අයහපත් කාලගුණික තත්වය හමු වේ විපතට පත් වු ජනතාව වෙනුවෙන් ශෝකය පළ කළේය.
කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ මේ මොහොතේ ශ්‍රී ලංකාවට සහය වීමට ඉදිරිපත්වීම සතුටට කරුණක් බවයි.




COMMENTS
බලමු කරන විදිය
තව මගද? කොයි හරියේ වගේද එන්නේ?
සුනාමි ආධාර වලට වුන දේම වෙයි. කිසිම හිතක් පපුවක් නැති ඇපයක් තියෙන බව අමතක වෙච්ච හිඟන්නෝ පිරිසක් පාර්ලිමේන්තුවට යවපු කරුමේ අපි මේ ගෙවන්නේ. ඒ අයට සැප කාර් ගන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා, අනාත වුන මිනිස්සුන්ට කන්න දෙන්න ආධාර එකතු කරනවා. ලැජ්ජයි.
ඒ කියන්නේ අපේ රටට තියෙන්නේ හිතවත් රටවල් තුනක් පමණද ? එතකොට ඉන්දියාව එවපු ආධාර නැව් දෙක, එහි සිටි දොස්තර වරුන් එහෙම ගැන කිසිම සඳහනක් නැත්තේ මොකොද ? අපේ අසල්වැසි "ලොකු අයියා" මේක කියවපු ගමන් අමනාප වේවි....