(සුසිල් ප්‍රේමලාල්)
ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (9දා) රුමේෂිකා රත්නායක (මීටර 200) සහ නිමාලි ලියනාරච්චි (මීටර 800) රිදී පදක්කම් දිනාගැනීමට සමත් වූහ.
මීට අමතරව නිමාලි සමග මිටර 800 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තාය.
මීටර 200 කාන්තා ඉසව්ව තත්. 23.43 කින් නිම කරමින් රුමේෂිකා රත්නායක රිදී පදක්කම දිනාගත්තාය. මීටර 800 ඉසව්ව නිමාලි ලියනාරච්චි විනාඩි 2.05.23 කදී නිම කරමින්ද රිදී පදක්කම් දිනාගත් අතර ලෝකඩ පදක්කම්ලාභී ගයන්තිකා අබේරත්නගේ තරග කාලය විනාඩි 2.05.27 කි.

COMMENTS