IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවට ජී.එස්.පී දීම ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ විවාදයක්

( තිළිණි ද  සිල්වා )

ශ්‍රී ලංකාවට යළි ජී.එස්.පී බදු සහනය ලබා දීම සම්බන්ධයෙන් ලබන 31 වැනිදා බ‍්‍රසල්ස් හි යුරෝපා පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාදයක් පැවැත්වෙනු ඇතැයි බ‍්‍රසල්ස් තානාපති ආරංචි මාර්ග පවසයි.

බි‍්‍රතාන්‍යය මුලික කර ගත් ගෝලීය ද්‍රවිඩ සංවිධානය ,දෙමළ පුනරුත්ථාපන සංවිධානය ආදී යුරෝපා දෙමල ඩයස්පෝරා සංවිධාන විසින් කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම විවාදය පැවැත්වෙනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතීන් නිසි පරිදි ලබා නොදී ඇති අවස්ථාවක ඉකුත් මැයි 19 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම බදු සහනය ශ්‍රී ලංකාවට යළි ලබා දීම සම්බන්ධයෙන් යුරෝපය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරා ප‍්‍රජාවගෙන් සෑදුණු විවිධ දේශපාලන හා සිවිල් සංවිධාන කිහිපයක් ඉකුත් දා යුරෝපා පාර්ලිමේන්තුවට සහ යුරෝපා සංගමයේ වෙළඳ කටයුතු පිළිබඳ කොමසාරිස්ට සිය විරෝධය ලිඛිතව ඉදිරිපත් කර තිබිණි.

 

මේ අතර එදිනම එම විවාදය අතරතුරදී තහනම් කරනු ලැබ තිබූ ජී.එස්.පී.බදු සහනය යළිත් ලංකාවට ලබා දීම යුරෝපා සංගමය තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ වෙළඳ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා යුරෝපා පාර්ලිමේන්තුවට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරනු ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.



අදහස් (8)

ශ්‍රී ලංකාවට ජී.එස්.පී දීම ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ විවාදයක්

PA-RA Wednesday, 24 May 2017 01:04 PM

අර කතාවකුත් තියෙන්නේ පුදපු ගමන් කාපී යකා කියලා... දැන් ඒක තමයි වෙන්නේ

:       14       0

සෙනෙවි Wednesday, 24 May 2017 01:22 PM

බ්‍රිතාන්‍යයට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල වෙනවා. ඒවා වෙද්දීත් ත්‍රස්තයන්ට තාමත් උඩ ගෙඩි දෙන එකනේ පුදුමෙ කියන්නේ...

:       3       15

Thushara Wednesday, 24 May 2017 01:37 PM

ලෝකයේ තනියෙම ඉන්න ජාතිය සිංහල පමණි. අපි ගැන කතා බහ කරන්න කිසි කෙනෙක් නැ. සිංහලයාට නායකයෙකුත් නැහැ..

:       5       0

susanthaWednesday, 24 May 2017 02:41 PM

ලෝකේ නෙවෙයි අපේ රට ඇතුලෙවත් නෑ

:       13       1

sam Wednesday, 24 May 2017 03:49 PM

ඔය කියන ඩයස්පෝරාවේ කාටවත් ලංකාවට එන්න දෙන්න එපා. එංගලන්තෙට තවම ත්‍රස්තවාදීන්ගේ තරම දැනිල නැහැ. එල්.ටී.ටි.ය ටමනේ උදව් කරන්නේ...

:       2       0

Namal Wednesday, 24 May 2017 04:35 PM

අදහස් දකිනකොට ලංකාවේ මිනිස්සුන්ගේ මෝඩකම ගැන දුක හිතෙනවා. ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කරන්න කීම ත්‍රස්තවාදයට උදව් දීමක් වෙන්නේ කොහොමද?

:       12       3

sanju Thursday, 25 May 2017 02:52 AM

මම නම් කියන්නේ ශ්‍රී ලංකාව කුණු ගොඩක් වෙලා ඉවරයි. මේක හොරුන්ටයි අන්තවදීන්ටයි දීලා වෙන රටකට පැන ගන්න කියල තමයි සිංහල අය‍ට තියෙන හොඳම වැඩේ. හැබැයි සිංහල මිනිස්සු තරම් කුහක ඉරිසියා කරන ජාතියක් මම ජීවිතේට දැකල නැහැ.

:       0       0

කොබා Thursday, 25 May 2017 04:41 AM

අපේ රටේ සුළු ජනයාට මැතිවරණයක් වෙනස් කිරීමේ බලය කොහොමද කියල අපි හොඳින්ම දන්නවා, ඒක වෙනස් වුනේ යුද්ධය ජයග්‍රහණයෙන් පසු පැවැත්වුණු ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකෙහි පමණයි. මේ වගේමයි විදෙස් රටවලත්, ලංකාවෙන් ගිහින් පදිංචි වුනු දෙමළ ජනයා විශාල වශයෙන් ඉන්න නිසා එවැනි රටවල ඔවුන්ටත් විශාල කේවල් කිරීමේ බලයක් තියෙනවා, ඉතින් මෙහෙම බලපෑම් එල්ලවෙන ඒක පුදුමයක් නෙවෙයි. අපේ අතෙයි වැරැද්ද. යුද්ධය අවසන් වුණායින් පසුව අපි පසුවිපරම් කමිටු පත් කරලා සාධාරණ පරීක්‍ෂණ පැවැත්වුවා නම්, දේශපාලන විසඳුම් දුන්නා නම් අපේ රටට ඇඟිලි ගහන්න කාටවත් බැහැ, අපි ඒවා නොකරන නිසයි අපට බලපෑම් ඇති වන්නේ, ඒවාට එදිරිව ඉන්න නම්, අපේ ලංකාව බලවත් රටක් වන්න ඕනෑ, ආර්ථිකය බලවත් වෙන්න ඕනෑ, එහෙමත් නැහැ, අපි හැමදාමත් බලවත් රටවල් පසුපස හිඟමනේ! ඉතින් කොහොමද මේවයින් බේරෙන්න ඕනෑ, මෙතැන් නික සිංහලෙන් බැන වැදුනාට කිසිම පලක් නැහැ, අපි වෙනස් වෙන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 66 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site