IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි

සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ.

යානයේ සිටි මගීන් සිය සුපුරුදු ආකාරයෙන්ම සිටියදී යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට සමත් විය. මේ සිද්ධියෙන් යානයේ සිටි මගීන් 202ක් අතුරින් කිසිවකුට හෝ එහි කාර්ය මණ්ඩලයේ කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බව ගුවන්තොටුපොළ ආරංචි පවසයි.

මිනිත්තු 70ක ගුවන් කාලයේ දී ආහාර වේලාව අවසන්වී සුළු මොහොතකින් යානයේ පසුපස ඇති ගමන් මලු බහා ඇති ඉහළ රාක්කයෙන් දුමක් නගින බවට එහි කාර්ය මණ්ඩලයට දැනගන්නට ලැබී ඇති අතර  යානයේ කුටි කළමනාකරු සහ කැප්ටන්ට ඉතා ඉක්මනින් මේ බව දැනුම්දී ඇති අතර යානයේ පිටුපස කුටියේ කාර්ය මණ්ඩලය ගිනි ආරක්ෂණ මෙවලම් පැළඳ අදාළ ගමන් මලු සහිත පෙට්ටිය විවෘත කර ඇත. ඒ සමග ගිනි නිවීමේ උපකරණ මගින් දුමක් පිටවෙමින් තිබූ ගමන් මල්ල නිවා දැමීමට සමත් වූ ඔවුන් ඉතා ඉක්මනින් එම බෑගය මගීන්ට එපිටින් වූ යානයේ පිටුපස කොටසට විසිකර ඇත. ඒ සමගම එම බෑගයෙන් යළිත් වරක් වේගයෙන් දුම් පිටවී ඇති අතර එය ලිතියම් ගිනිගැනීමක් නිසා ඇතිවූවක් බවට සැකයක් මතුවී තිබේ. ඒ සමග ක්‍රියාත්මක වූ නිලධාරීහු ලිතියම් ගිනි නිවන උපකරණ මගින් එම ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කළහ. පසුව කළ ගවේෂණවලදී යානයේ කාර්ය මණ්ඩලය විසින් එම බෑගයේ තිබී ලිතියම් බැටරි ඇසුරුමක් හා ජංගම දුරකථන දෙකක් සොයාගනු ලැබීය.

ඒ සමග යානයේ කාර්ය මණ්ඩලය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළට දන්වා සිටියේ යානයේ අනතුරුදායක භාණ්ඩ ඇති බවත් ඒ සඳහා විශේෂඥ ආරක්ෂකයන්ට සූදානම්ව සිටින ලෙසත් ය.

 මෙම තත්ත්වය පාලනය කරන තුරු යානයේ සිටි මගීන්ට අනතුරු සංඥා නිකුත් කර ඔවුන් ඉවත් කිරීමට හෝ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට අවශ්‍ය නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

 


 

 



අදහස් (6)

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය ලොකු අනතුරක් වළක්වයි

Herath Monday, 31 July 2017 08:59 AM

එතකොට පරීක්ෂාවට අහුවෙන්නේ නැත්ද?

:       10       2

Roshin Monday, 31 July 2017 09:13 AM

ලිතියම්, අයන් බැටරි සහිත උපාංග ගෙනයාම සම්බන්ධව නීති රීති දැඩිකලා මතකයි. එක් දුරකතන මාදිලියකට පමණක් සීමා නොවී අනෙක් මාදිලි ගැනත් අවධානය දෙන්න. අනතුර වැලැක්වීම ගැන සුබපැතුම් !!! චෙක් ඉන් ඔපරේටර් මහත්වරු වඩා අවධානයෙන් සිටිය යුතුයි තවත්....

:       3       56

saman-uae Wednesday, 02 August 2017 02:30 PM

ශ්‍රී ලන්කන් එයාර්ලයින් එක විනාශයට දේශපාලනය වගකිව යුතුයි. ඉස්සර මේකේ වැඩ කරනවා කිව්වම හරිම ආඩම්බරයක් දැනුනේ.

:       1       57

Anton Austria Thursday, 03 August 2017 11:55 AM

සමන් ඔයාට සිංහල කියවන්න පුළුවන්ද? නැත්නම් ඔයා හීනයක් දැක්කද?

:       1       3

uddikaFriday, 04 August 2017 08:23 AM

අනේ ශ්‍රී ලන්කන් එක නෙමෙයි ගිනි අරන් තියෙන්නේ. බැටරියක්. ඇස් වහගෙනද අනේ කියවන්නේ?

:       0       0

SUGATH-SAUDI Thursday, 03 August 2017 07:20 AM

සමන්, එහෙම විනාශ වීමක් වෙලා නැහැ. ඔයා හීනයක් වත් දැක්කද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site