IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රී ලාංකික නැවියන් එන්න සතියක් යයි

( තිළිණි ද සිල්වා )

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් මුදා ගැණුන ඒරීස් - 13 ඉන්ධන නෞකාවේ කාර්ය මණ්ඩලයේ  ශ්‍රී ලාංකිකයින් අටදෙනා යළි දිවයිනට පැමිණීමට තව සතියක් පමණ ගතවනු ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආංරචි මාර්ග සඳහන් කර සිටී.  එම ලාංකිකයින් පිරිසට සිය ඥාතීන් අතර පැමිණිය හැකි වන්නේ නැව අයත් ඩුබායි නැව් සමාගම විසින් වෙනත් නැවියන් ගෙන් යුතු කාර්ය මණ්ඩලයක් වෙත ඔවුන්ගේ රාජකාරී කටයුතු පැවරීමෙන් හෝ අනුයුක්ත කිරීමෙන් පසුව වන අතර එම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් සතියක පමණ කාලයක් ගත වන බවද එම තනාපති ආරංචි මාර්ග කියා සිටී.

පුරා දින පහක් තිස්සේ සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිට බේරා ගැණුන ශ්‍රී ලාංකික නැවියන් අට දෙනා පැය අටක මුහුදු ගමනකින් අනතුරුව අද (19) සෝමාලියාවේ  ස්වයං පාලන ප්‍ර දේශයක් වන පන්ට්ලන්ඩ් හි බොසාසෝ වරාය පරිශ්‍රයට ආරක්ෂිතව ළඟා වූයේය. එහිදී ඔවුන් පිළිගැනීම සඳහා ඒරිස් 13 නෞකාව අයත්  ඩුබායි නැව් සමාගම් බලධාරීන් පිරිසක් ද පැමිණ සිට ඇත.

ශ්‍රී ලාංකිකයින් මුණගැසී ඔවුන්ගේ සුව දුක් විමසීම  සඳහා සෝමාලියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි මෙහොමඩ් අද (19) එම නෞකාවට පැමිණීමද විශේෂත්වයකි.



අදහස් (0)

ශ්‍රී ලාංකික නැවියන් එන්න සතියක් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site