(තිළිණි ද සිල්වා)
ඉන්දීය මුහුදු සීමාවේ දී නීතිවිරෝධි ලෙස මසුන් මැරීමේ චෝදනාවට එරට බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි ශ්‍රී ලාංකික ධීවරයින් හත් දෙනා ඉන්දීය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කළ බව ප්‍රෙස් ට්‍රස්ට් ඕෆ් ඉන්දියා පුවත්සේව වාර්තා කරයි.
තමිල්නාඩුවේ රාමනාදපුරම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම ධීවරයින් හත් දෙනාට නිදහස ලබාදී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙලෙස නිදහස්කරනු ලැබුවේ ඉකුත් 06 වැනිදා ඉන්දීය මුහුදු සීමාවේදී තූත්තුකුඩි නාවික පොලීස් බලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලාංකික ධීවරයින් පිරිසකි. අත්අඩංගුවට පත් වූ එම පිරිස චෙන්නායි පූසාල් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd