රංජන් කස්තුරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයෙන් බාරදීමට සුදානම් කර තිබෙන විශ්වාසභංග යෝජනාව මේ වන විටත් බාරදීමට නොහැකි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
කතානායකවරයා හමුවී කෙසේ හෝ අද දිනය තුළ විශ්වාසභංග යෝජනා බාරදීමට උපරිම උත්සහ ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.
එම විශ්වාසභංග යෝජනා 16 ලබන සදුදා (9) අනිවාර්යෙන්ම කතානායකවරයාට බාර දෙන බවද මන්ත්‍රීවරයා කීවේය.
ශ්‍රීලනිප ඇමතිවරුන්ට එරෙහි වීශ්වාස භංග යෝජනා වලට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අත්සන් කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටියදී කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කරමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකිරීම නිසා එම මැති ඇමැතිවරුන් පිළිබඳව විශ්වාසය කඩවී ඇතැයි එම යෝජනා වල සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අපි රවටන්න කියන බොරු කතා