ඩයනා උදයංගනී
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් පක්‍ෂයක ජයග‍්‍රහණය සඳහා උපකාර කළහොත් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව ක‍්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
වෙනත් පක්‍ෂයක් ප‍්‍රවර්ධනයට දායකවීම පක්‍ෂ ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීධුරය අහෝසි කිරීමට පවා හැකි වරදක් බව කී අමාත්‍යවරයා පළාත් පාලන මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිස් එසේ කරන්නේ ද යන්න ගැන සොයා බලන බව ද කීවේය.
ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත‍්‍රීවරුන් ගම් මට්ටමින් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට නැග එහි ප‍්‍රචාරණ කටයුතුවල නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ යු අන් පිය වෙනත් පක්ෂයක් නොවේද මහත්තය
මේ හිගන්නෝ අඩබෙර ගහන්නේනම් ප්‍රජාතන්තවාදී පක්ෂ කියල බලනාකොට ප්‍රජාතන්තවාදීය රෙද්ද පල්ලෙන් බේරෙනවා.මේ සෑම දෙයකින්ම අපහට අලුතින් ගණිත සුත්‍රයක් මෙසේ නිර්මාණය කලහැක. රතු = කොළ = නිල්.
ඔයත් මන්ත්‍රී කෙනෙක් වුනෙ කොහොමද කියලා මතක් කොරලා බැලුවොත් හොඳයි නේද? මිනිස්සු ප්‍රතික්ෂේප කරපු කෙනෙක් නේද අනිත් මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම අහෝසි කරන්න කතා කරන්නේ
ඇමතිතුමෝ, ඔයාගේ මන්ත්‍රීකම අපි ඉවත් කලේ 17.08.2015 දින පැවති මහා මැතිවරණයෙන්. නමුත් ඔයා සිරිසේන ජනාතිපතිට කඩේ නෙවේ, "සුපෙර් මාර්කට්" ගිහින්, පින් මන්ත්‍රීකමක් පමණක් නොව, වැඩ බැරි ඇමතිකමකුත් අරන්. රටකට විතරක් නෙවී - ඔයාට ගිය කලක්.
එහෙම කරන එක වැරදි නම් මෛතිරිපාල මහත්තය කොහොමද පක්ෂේ මහලේකම් කමින් අස්නොවී ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී දුරය තියාගෙන , හංසයාගෙන් ජනපතිවරණයට ඉල්ලුවේ, තම පක්ෂයේ අපේක්ෂකට විරුද්ධව.
එතකොට මෛත්‍රී මහත්තයා කොහොමද පක්ෂේ මහලේකම් වෙලා ඉන්න අතරේම පක්ෂේ අපේක්ෂකයාට විරුද්ධව හංසයාගෙන් ඉල්ලුවේ? එ්කට කියන්නේ අර දේවාලේ කපුවට දේවාල බිමේ මොකක්ද කරන්න අවසර ඕනේ නෑවගේ දෙයක්ද? ඡන්දෙ ප්‍රතිපල දැනටම හිතාගන්න පුළුවන් ඇති නේද? ඒ නිසාද මේ අලුත් නීති ගේන්න හදන්නේ.