අජන්ත කුමාර අගලකඩ
ජනාධිපති කාර්යාලයේ අද උදේ පැවැති කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිසිවෙක් සහභාගී නොවූහ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ට එජාප මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන අපහාසවලට විරෝධය පළ කිරීමක් වශයෙන් කැබිනට් රැස්වීමට සහභාගී නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ තීරණය කළේය.
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයට සහාය දුන් සුසිල් ප්‍රේමජයන්ත, එස් බී දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, දයාසිරි ජයසේකර සහ චන්දිම වීරක්කොඩි යන ඇමැතිවරුන් හය දෙනා පමණක් නොව විශ්වාස භංගයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ඇමැතිවරු ද අද කැබිනට් රැස්වීමට සහභාගී නොවූහ.
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවෙන් පසුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වූයේ අද පෙරවරුවේය.

COMMENTS
දෙවියෝ සාක්කි
ඇත්තම කියනවනම්, ඔය කට්ටිය විතරක් නෙමෙයි, ඔක්කොම ඇමතිවරු ඉවත්වෙනවා නම් රටට ලොකුම යහපතක්.
ඔහොමම ඔය සියල්ලෝ නොඑන එක තමයි හොද එකට බහුතර ජනයා කැමතියි .
මෙයාල මහින්දගේ ලණුව කාල දැන් දිරවගන්න බැරිව දඟලනවා. මහින්ද විශ්වාස භංගේ ගෙනාවේ රනිල් ගෙදර යවන්න නෙවෙයි, ජනාධිපතියි ශ්‍රීලනිපයයි අමාරුවේ දාන්න.
විශ්වාසභංගය ගෙනාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට යටවෙනවා කියල පෙන්වන්න. දැන් හැමෝම දන්නවා තව අවුරුදු දෙකකින් පොහොට්ටුවයි ශ්‍රී ල නි පක්ෂයයි එකයි කියලත් එකේ අයිතිකාරයා රාජපක්‍ෂලා කියලත්.
මිහිදු හාමුදුරුවෝ වැඩියා නම් අහනවා අනිවාර්යෙන්ම මේ කට්ටිය නැතුවට මේ වැඩේට සුදුසුකම් තියෙන අය තවත් ඉන්න බව නොපෙනේද කියා.