බිඟුන් මේනක ගමගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 දී සමෘද්ධි සහනාධාරය මත රැකියා ලබාදුන්නේ නම් එක්සත් ජාතික පක්ෂයට දැන් එය කළ නොහැක්කේ මන්දැයි වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා ප්‍රශ්න කරයි.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්කරනු ලැබුවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්දවලින් යැයි කී හෙතෙම එනිසා එ.ජා.පයේ වැඩපිළිවෙලට ඔහු සහාය දිය යුතු යැයි ද අවධාරණය කළේය.
ඒ අනුව සෑම ආසනයකටම අලුතින් දහසකට සමෘද්ධිය ලබාදීමට කටයුතු කරන්නේ යැයි ඇමැතිවරයා කීවේය.
හිට්ලර් විසින් එදා ජර්මනිය අලුගෝසු සමාජයක් බවට පරිවර්තනය කර විනාශ කරනු ලැබී යැයි ද ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයකට හිට්ලර් පන්නයේ පාලකයකු කිසිදු ලෙසකින් ගැලපෙන්නේ නැතැයි ද ඇමැතිවරයා කීය.
එ.ජා.ප සංවිධායකවරයා වශයෙන් පක්ෂය ජයග්‍රාහී මාවතට අවතීර්ණ කළ හැකි වැඩසටහනක් තමා ඉදිරිපත් කළේ යැයි ද පක්ෂ නායකත්වයේ අනුමැතිය ඊට ලැබී ඇතැයි ද දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
නවීන් මහත්තයෝ හොඳට කල්පනා කරලා බලන්නකෝ .... ශ්‍රී ලංකා එකෙන් ඇවිත් යූ.එන්.පී. ඡන්ද අරන් ශ්‍රී ලංකා කාරයෙක් ජනපති වුණාට... යූ.එන්.පී එකෙන් ගිහින් ශ්‍රී ලංකා ඡන්ද අරන් යූ.එන්.පී කාරයෙකුට ජනපති වෙන්න බැහැනේ.
ඔව් මහත්තයෝ, ඒ ගොල්ලෝ හොරකම් කළා නම් ඔය ගොල්ලොත් හොරකම් කරන්න ඕනෑ! ඔහොම යන්!
ලංකාවේ දේශපාලකයෝ සහ දූෂිත රාජ්‍ය නිලධාරීන් කරන හොරකම් නවත්වන්න. හිට්ලර් වැනි කෙනෙකුට මිස වෙනකාටවත් බැහැ. නවත්වන්න හැදුවොත් කොහොම හරි බලයෙන් පහ කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුව....
බොහොම හොඳයි මහත්තයෝ.., ලෝකෙට පේන්න සුදු ඇඳුම් ඇන්දට ඇත්තටම තමන් සුද්ද දේශපාලකයෙක් නොවන බව පෙන්නලා දුන්නට
කාගෙන්ද ඔය අහන්නේ? බැරි කමක් නැහැ උවමනා කමක් තියෙනවානම්. අපි හැමදාම දකිනවනේ සමෘධි නියාමකයෝ ඔවුන්ගේ ගම් වල ඡන්ද දායකයින්ගේ නම් ලැයිස්තු අතේ තියාගෙන ඡන්ද රැස්වීම් වලට මිනිස්සු අදින්න වැඩ කරන අකාරය. හැබැයි ඔබ තුමාලගේ රැස්වීම් වලට නම් නොවේ හරිද?
ඉතින් දැන් කරන්නෙත් ඒකමනේ. ශ්‍රී ලංකා කාරයෝ හොරකම් කළා නම් අපට බැරිද, ශ්‍රී ලංකා කාරයෝ තමන්ගේ එවුන්ට විතරක් රස්සා දුන්නා නම අපට බැරිද, ශ්‍රී ලංකා කාරයෝ පාතාලයන්ට රැකවරණ දුන්නා නම් අපට බැරිද. ඔන්න ඔහොම නේද දැනුත් කටයුතු සිද්ද වෙන්නේ?
ශ්‍රීලනිප රජයක් සමෘද්ධි ලාභින් ලෙස පාක්ෂිකයින් තෝරා ගත්තේ නම් එජාපය එම පිළිවෙත අනුගමනය කිරීම වරදක් නොවන බව ජාතික සංවිධායක පවසයි. තට්ටු මාරු දේශපාලකයෝ මේ පොළොව මත ජිවත් වෙන මිනිසුන් පිඩිත, නිර්ධන, කම්කරු ලෙස දේශපාලනිකව බෙදා පවත්වා ගනිමින් ඔවුන්ගේ දිළිඳුකම සමෘද්ධි දීමනාවලින් සහතික කරති. පවතින මිනිස් ජිවිතවල ලෞකික වර්ණය හඳුනා ගැනීම මෙන්ම හදවතින් කියවා ගැනීම ප්‍රබුද්ධ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ වගකීමයි. දේශපාලකයා යන වචනයට ගෞරවයක් ලැබෙන්නේ හිතවතුන්ට තුටුපඬුරු බෙදාදීමෙන් නොව සුදුස්ස්සා තෝරා ගැනීමෙනි. සුද්දන්ගේ දේශපාලන බල හුවමාරුවෙන් පසු අපට සිදු උනේ කුමක්ද? දේශපාලන පක්ෂ පනහකට වැඩි සංඛාවකට මිනිසුන් බෙදී වෙන්වීමයි. බලයට පත්වෙන ප්‍රධාන දේශපාලන ධාරාවේ සාමාජිකයින්ට පමණක් තුටුපඬුරු ලැබීමයි. මෙම අවාසනාවන්ත තත්ත්වය නැවත තෝරාගැනීම යහපාලනයද? .
නවීන් ශ්‍රීලංකා කරන දේවල් යු එන් පීයට කොරන්න බැහැ. ඒබව හිතට අරන් කතා කරන්න.